එතුමාණෝ: "කේළම යනු කුමක්දැයි ඔබ දන්නෙහු ද?’ යැයි විමසා සිටියහ. ‘මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයා’ බව ඔවුහු පවසා සිටියෝය. එතුමාණෝ: ‘ඔබේ සහෝදරයා ගැන ඔහු පිළිකුල් කරන යමක් ඔබ මෙනෙහි කිරීමයි.’
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. එතුමාණෝ: "කේළම යනු කුමක්දැයි ඔබ දන්නෙහු ද?’ යැයි විමසා සිටියහ. ‘මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයා’ බව ඔවුහු පවසා සිටියෝය. එතුමාණෝ: ‘ඔබේ සහෝදරයා ගැන ඔහු පිළිකුල් කරන යමක් ඔබ මෙනෙහි කිරීමයි.’ යනුවෙන් පැවසූහ. ‘මා පවසන දෑ මාගේ සහෝදරයා තුළ වී නම් ඔබේ අදහස කුමක්දැ?’යි එතුමාණන්ගෙන් විමසන ලදී. එතුමාණෝ: ඔබ පවසන දෑ ඔහු තුළ තිබෙන්නේ නම්, සැබැවින්ම ඔබ ඔහු ගැන කෙළම් කියා ඇත්තෙහිය. එය නොවී නම් සැබැවින්ම ඔබ ඔහු ගැන අවලාදයක් නගා ඇත්තෙහිය.”
Explanation
එම ගුණාංග ඔහු තුළ දක්නට නොලැබුණේ නම්, එය කේළමට වඩා දරුණුය. එය ප්‍රබන්ධයකි. එනම්: මිනිසා තුළ නැති දෙයක් ගොතා පැවසීමකි.
Benefits
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රශ්න කර සිටිය දී "මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වේ" යැයි ප්‍රතිචාර දක්වමින් එතුමාණන් සමග එතුමාණන්ගේ මිතුරු සහාබාවරු ක්‍රියා කළ අලංකාර විනය.
විමසනු ලබන්නා නොදන්නා දෙයක් වී නම් "අල්ලාහු අඃලම්" (මැනවින් දන්නා අල්ලාහ් ය) යැයි ප්‍රකාශ කිරීම.
ජනතාව අතර අයිතිවාසිකම් හා සහෝදරත්වය ආරක්ෂා කරමින් සමාජයට ලබා දෙන ආගමික ආරක්ෂාව.
ඇතැම් අවස්ථාවලදී, යහපත වෙනුවෙන් හැර කේළම් කීම තහනම්ය. ඒ අතරින්: අයුක්තිය පිටු දැකීම ද එකකි. එය පීඩිතයා තමාට වැරදි කළ තැනැත්තා ගැන තම අයිතිය ලබා ගත හැකි තැනැත්තෙකු ඉදිරයේ සඳහන් කරන අවස්ථාවේ: මේ පුද්ගලයා මට මේ අපරාධය කළේය. මට මෙසේ සිදු කළේය යනුවෙන් පවසා සිටින පරිදිය. එමෙන්ම විවාහය, හවුල් ව්‍යාපාර වැනි කටයුතුවලදී සාකච්ඡා කිරීම ද ඉන් එකකි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

