මම ආරෝහණය වූ කල්හි, තඹ නියපොතු සහිත, මුහුණේ සහ පපුවේ සීරීමට ලක් කරමින් සිටි පිරිසක් පසුකර ගියෙමි
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මම ආරෝහණය වූ කල්හි, තඹ නියපොතු සහිත, මුහුණේ සහ පපුවේ සීරීමට ලක් කරමින් සිටි පිරිසක් පසුකර ගියෙමි. එවිට මම: "අහෝ ජිබ්රිල්! මොවුන් කවුරුන්ද?" යැයි ඇසුවෙමි. හෙතෙම: 'මොවුන් මිනිසුන්ගේ මස් අනුභව කරමින් සිටි එනම් ඔවුන්ට අපහාස කරමින් සිටි උදවිය වේ." යැයි පැවසීය.
Explanation
Benefits
මිනිසුන්ගේ ආත්ම ගරුත්වය කෙළසමින් කේළාම් කීම හා ඒ හා සමාන අපවාද මහා පාපයන්ගෙන් වන්නේය.
'ඔවුන් සීරාගනිමින්' යන ප්‍රකාශය සම්බන්ධයෙන් තීබී තුමා මෙසේ පවසයි: "මුහුණ සහ පපුව සීරා ගැනීම මොර දී හඬන කාන්තාවන්ගේ ගුණාංග දෙකක් ව තිබිය දී එයම දෙවියන්ට අවනතව කටයුතු කරන්නන්ගේ මාන්‍යය කෙළසන පරිදි දොස් නගන, කේළාම් කියන අයට ප්‍රතිවිපාකය බවට පත් කර ඇත. එය පෙන්වා දෙනුයේ එම ගුණාංග දෙක පිරිමි ගුණාංග අතරින් නොවන බව ය. ඒ දෙකම ඉතා අවලස්සන හා විකෘති තත්ත්වයක පසුවන කාන්තාවන්ගේ ඇතැම් ගුණාංග අතරිනි.
ගුප්ත දෑ පිළිබඳ විශ්වාස කළ යුතු අතර අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කවර කරුණක් දන්වා ඇත්තේ ද ඒ ගැන විශ්වාස කළ යුතුය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

