“තම පරමාධිපතිව මෙනෙහි කරන අයට හා ඔහුව මෙනෙහි නොකරන අයට උපමාව, ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.”
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “තම පරමාධිපතිව මෙනෙහි කරන අයට හා ඔහුව මෙනෙහි නොකරන අයට උපමාව, ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.” මුස්ලිම්හි සඳහන් තවත් වාර්තාවක “අල්ලාහ්ව මෙනෙහි කරනු ලබන නිවසට හා අල්ලාහ්ව මෙනෙහි කරනු නොලබන නිවසට උපමාව ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.”
Explanation
එමෙන්ම අල්ලාහ්ව මෙනෙහි කරමින් වාසය කරන මිනිසුන් සිටින නිවස ජීවී අයකුට උපමා කළේය. එසේ නොවී නම්, එනම් එහි වැසියන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් අක්‍රීයව සිටින බැවින් එය මළ ගිය නිවසක් මෙනි. ජීවත්ව සිටින අය හා මිය ගිය අය නිවස සමග උපමා කිරීමෙන් අදහස් කරනුයේ නිවසේ වාසය කරන්නන් සම්බන්ධව ය.
Benefits
ප්‍රාණය ශරීරයේ ජීවය වන්නා සේ ආත්මයේ ජීවය අල්ලාහ්ව මෙනෙහි කිරීමයි.
අදහස් ඉතා ලෙහෙසියෙන් තේරුම් කර දීම පිණිස උපමා ඉදිරිපත් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙතකි.
නවවි තුමා මෙසේ පවසයි: නිවසේ උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීම සුන්නත් යන බව මින් හැඟවේ. සැබැවින්ම නිවෙස් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් තොරව, හිස්ව නො තැබිය යුතුය.
නවවි තුමා තවදුරටත් මෙසේ පවසයි: අල්ලාහ්ට අවනත වීමෙහි මුළු ජීවිත කාලයම ගත කිරීමේ අවස්ථවා හිමි වීම භාග්‍යයකි. මිය ගිය ඇත්තෙකු යහපත් මතු ලොව ජීවිතයක් වෙත ගමන් කළ ද එය භාග්‍යයක්ම වන්නේය. මක්නිසාද යත් ජීවත්ව සිටින පුද්ගලයා ඔහු සිදු කරන යහපත් ක්‍රියාවන් හරහා තමන්ට ලැබෙන භාග්‍යය වැඩි කරන්නට බලන බැවිනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

