“මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි අබියස මම වෙමි. ඔහු මා මෙනෙහි කරන පරිදිම මම ඔහු සමග වෙමි
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ: සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි: “මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි අබියස මම වෙමි. ඔහු මා මෙනෙහි කරන පරිදිම මම ඔහු සමග වෙමි. එසේ ඔහු, ඔහු තුළ මා ගැන මෙනෙහි කළේ නම් මම මා තුළ ඔහු ගැන මෙනෙහි කරමි. ඔහු මා යම් පිරිසක් මධ්‍යයේ මෙනෙහි කළේ නම් ඊට වඩා යහපත් ලෙස මම ඔහු ගැන පිරිසක් මධ්‍යයේ මෙනෙහි කරමි. මා වෙත ඔහු වියතක දුරක් සමීප වන්නේ නම්, මම ඔහු වෙත බාහුවක දුරක් සමීප වෙමි. කවරෙකු මා වෙත බාහුවක දුරක් සමීප වන්නේ නම්, මම ඔහු වෙත බාහු දෙකක දුරක් සමීප වෙමි. ඔහු පා ගමනින් මා වෙත පැමිණියේ නම්, මම ඔහු වෙත වේගයෙන් දුව පැමිණෙමි”
Explanation
මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි හමුවේ මම සිටිමි. මාගේ ගැත්තා මා ගැන සිතන පරිදි මමද ඔහු සමග කටයුතු කරමි. එය යහපත් බලාපොරොත්තු දෙමින් හා සමාව දානය කරමිනි. මා ගැන ඔහු තුළ ක්‍රියා කරන යහපත හෝ වෙනත් යමක් හෝ වේවා ඒ අයුරින්ම මම ඔහු සමග කටයුතු කරමි. ඔහු මා මෙනෙහි කරන විටදී, ඔහු සමග කරුණාවෙන්, ඔහුට ආශිර්වාද කරමින්, යහමග පෙන්වමින්, ඔහු ගැන සැළකිලිමත් වෙමින්, ඔහුව ශක්තිමත් කරමින් මම ඔහු සමග සිටිමි.
තනිව හුදෙකලාවෙහි ඔහු මා සුවිශුද්ධ කරමින්, දේවත්වය මටම පුදමින් හා වෙනත් ගුණගායනා තුළින් මා ගැන ඔහු තුළ ඔහු මෙනෙහි කළේ නම්, මම මා තුළ ඔහු ගැන මෙනෙහි කරමි.
ඔහු මා යම් පිරිසක් මධ්‍යයේ මෙනෙහි කළේ නම්, ඊට වඩා යහපත් විශාල පිරිසක් මධ්‍යයේ මම ඔහු ගැන මෙනෙහි කරමි.
කවරෙකු අල්ලාහ් වෙත වියතක දුරක් සමීප වන්නේ ද අල්ලාහ් ඔහු වෙත බාහුවක දුරක් සමීප වනු ඇත.
කවරෙකු ඔහු වෙත බාහුවක දුරක් සමීප වන්නේ ද ඔහු, ඔහු වෙත බාහු දෙකක දුරක් සමීප වනු ඇත.
ඔහු අල්ලාහ් වෙත පා ගමනින් පැමිණියේ නම්, ඔහු වෙත ඔහු වේගයෙන් පැමිණෙනු ඇත.
ගැත්තා තම පරමාධිපති වෙත ඔහුට අවනත වෙමින් හා ඔහුව පිළිගනිමින් ඔහු වෙත සමීප වූ විටෙක සැබැවින්ම උත්තරීතර පරමාධිපතියාණන් ඔහු වෙත වූ තම සමීපත්වය වැඩි කරනු ඇත. ඒ අනුව, ප්‍රතිඵල ඊට අදාළ ක්‍රියා වර්ගයෙන්ම පිහිටයි.
දේවත්වය විශ්වාස කරන්නාගේ ගැතිභාවය තම පරමාධිපති වෙනුවෙන් සම්පූර්ණ වන සෑම අවස්ථාවකම උත්තරීතරයාණන් ඔහු වෙත සමීප වනු ඇත. අල්ලාහ්ගේ ත්‍යාගය ඔහුගේ කුසල, ගැත්තා කරන ක්‍රියාවට හා ඔහුගේ වෙහෙසට වඩා අධිකව පිරිනමනු ඇත. සැබැවින්ම එහි අවසානය නම්, සැබැවින්ම අල්ලාහ් පිරිනමන කුසල ක්‍රමයෙන් හා ප්‍රමාණයෙන් එම ක්‍රියාවට වඩා ඉහළින් පවතිනු ඇත.
දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා යහපත් සිතුවිලි ඇති කර ගනී. දැහැමි ක්‍රියාවන් ඉටු කරයි. අල්ලාහ් හමුවන තෙක්ම වෙහෙස වී අධිකව කටයුතු කරයි.
Benefits
ආජුරිය්යි තුමා මෙසේ පවසයි: සර්වබලාධාරී අල්ලාහ් තමන් ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද එමෙන්ම ඔහුගේ දූත සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔහු ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද තවද එතුමාණන්ගේ අනුගාමිකයින් ඔහු ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද ඒ අයුරින්ම සත්‍යයේ ජනයා ද ඔහු ගැන ගුණගායනා කරති. මෙය අලුත් ආගමික කටයුතු ආරම්භ නොකර, ඉන් වැළකී, නියම ස්වභාවය අනුගමනය කරන විද්වතුන්ගේ ආකල්පය මෙයයි. අහ්ලුස් සුන්නා වල් ජමාආත් නම් පිරිස අල්ලාහ් තමන් ගැන සහතික කළ නාම හා ගුණාංග කිසිදු වෙනස් කිරීමකින් හෝ අඩු වැඩි කිරීමකින් හෝ ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමෙන් හෝ උපමා කිරීමකින් තොරව ඒ අයුරින්ම ඔහුට ස්ථාපිත කරති. අල්ලාහ් තමන් ගැන නොකියූ දැයින් ඔවුහු ඉවත්ව සිටිති. ඔහු ගැන නොකියූ මෙන්ම සහතික නොකළ දෑ ගැන නිහඬව සිටිති. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "ඔහු මෙන් කිසිවක් නැත. ඔහු සර්වඥානීය සර්ව නිරීක්ෂකය."
අල්ලාහ් ගැන යහපත් සිතුවිලි ඇති කර ගන්නාක් මෙන්ම ඒ සමග ක්‍රියාව ද අවශ්‍ය වේ. අල්-හසන් අල්-බසරී තුමා මෙසේ පවසයි: "සැබැවින්ම දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා තම පරමාධිපතියාණන් ගැන යහපත් සිතුවිලි ඇති කර ගෙන දැහැමි ක්‍රියාවන් හි නිරත වෙයි. නමුත් පාපියා තම පරමාධිපති ගැන නපුරු සිතුවිලි ඇති කර ගෙන නපුරු ක්‍රියාවන් හි නිරත වෙයි."
කුර්තුබී තුමා මෙසේ පවසයි: "මා ගැන මාගේ ගැත්තා සිතන පරිදි" යන ප්‍රකාශයේ අදහස මෙසේ විග්‍රහ වී ඇත. ප්‍රාර්ථනා කරන අවස්ථාවේ ඒ සඳහා පිළිතුරු ලැබීම ගැන යහපත් සිතුවිල්ල, පසුතැවිලි වී සමාව ඉල්ලන අවස්ථාවේ එය පිළිගැනීම ගැන යහපත් සිතුවිල්ල, පාපක්ෂමාව ඉල්ලා සිටින අවස්ථාවේ ඒ සඳහා සමාව ලැබීම ගැන යහපත් සිතුවිල්ල, නැමදුම් කරන අවස්ථාවේ ඒ සඳහා කුසල් ලැබීම ගැන යහපත් සිතුවිල්ල යනාදී, ඒවා සඳහා ප්‍රතිඥා දී ඇති දෑ සත්‍යය ලෙස පිළිගනිමින් කටයුතු කිරීමය. එබැවින් මිනිසකු තමන් කවර කරුණක් ඉටු කිරීම සඳහා කැප වන්නේ ද එය සැබැවින්ම අල්ලාහ් පිළිගනු ඇත, ඒ සඳහා සමාව දෙනු ඇතැයි තරයේ විශ්වාස කළ යුතු වේ. ඊට හේතුව ඒ ගැන ප්‍රතිඥා දී ඇති බැවිනි. එම ප්‍රතිඥා කඩ කරන්නක් නොවේ. නමුත් සැබැවින්ම අල්ලාහ් එය පිළිගන්නේ නැත. එය ඔහුට ඵල දෙන්නේ නැත යැයි විශ්වාසය ගොඩ නගා ගත්ත ද ඒ ගැන අනුමාන කළ ද එය අල්ලාහ්ගේ ආශිර්වාදය ගැන බලා පොරොත්තු සුන් කර ගැනීමකි. එය මහා පාපයකි. ඒ මත පිහිටා කවරෙකු මිය ගියේ ද ඔහු කවර අනුමානයක් ඇති කර ගත්තේ ද එයම ඔහු වෙත පවරනු ලැබේ. එය ඉහත සඳහන් කරන ලද හදීසය මෙනි. "මාගේ ගැත්තා මා ගැන ඔහු අභිමත කරන පරිදි සිතුවිලි ඇති කර ගනිත්වා! ඔහු තවදුරටත් මෙසේ පවසයි: සැබැවින්ම සමාවදීමෙහි නිරත වී ඒ ගැන අනුමාන කිරීම ශුද්ධ අනුවන කමක් මෙන්ම වංචාවකි.
පුද්ගලයකු තමන් තුළ හා තම දිවෙන් අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කිරීමට දිරිගැන්වීම. ඒ අනුව ඔහුගේ සිතෙහි ඔහුගේ හදවතෙහි අල්ලාහ් ගැන භක්තිය ඇති කර ගනියි. ඔහුගේ තේජාන්විතභාවය හා ඔහුගේ සත්‍යය මෙනෙහි කරයි. ඔහු ගැන යහපත් බලාපොරොත්තු තබයි. ඔහුව ගරුබුහුමන් කරයි. ඔහුට ආදරය කරයි. ඔහු ගැන යහපත් සිතුවිලි ඇති කර ගනියි. ඔහු වෙනුවෙන්ම සියලු කටයුතු අවංක ලෙස ඉටු කරයි. තම දිවෙන් "සුබ්හානල්ලා' (අල්ලාහ් සුවිශුද්ධය) අල්හම්දුලිල්ලාහ් (සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය) වලා ඉලාහ ඉල්ලල්ලාහ් (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත.) වල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) වලා හවුල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ් (අල්ලාහ්ගෙන් තොරව කිසිදු හැරවුමක් හෝ කිසිදු බලයක් හෝ නැත.) යැයි පවසයි.
ඉබ්නු අබී ජුම්රා තුමා මෙසේ පවසයි: කවරෙකු අල්ලාහ්ට බිය වී ඔහුව මෙනෙහි කර සිටියේ ද ඔහු ඔහුට ආරක්ෂාව සලසනු ඇත. කවරෙකු ඔහුගෙන් දුරස් වී වෙන්වී ගියේ ද ඔහුව ඔහු අමතක කර දමනු ඇත.
'අෂ්-ෂිබ්ර්' (වියත) යනු සුලැගිල්ලේ කෙළවර සිට මහපොටැගිල්ලේ කෙළවර දක්වා අත දිගු හරින විට ඒ අතර පවතින දුරයි. 'අද්-දිරා' (අතක දිග) යනු මැදගිල්ලේ කෙළවර සිට වැළමිට සන්ධිය අතර පවතින දිග ප්‍රමාණයයි. 'බාඃ' යනු මිනිසකු තම දෙඅත් දිගු හරින විට, ඔහුගේ බාහු දෙක හා ඔහුගේ පපුවේ පළල සමග ම පවතින දිග ප්‍රමාණයයි. එය බාහු හතරක දිග ප්‍රමාණය වේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

