දානයෙන් උතුම් වනුයේ අල්ලාහ්ගේ මාර්ගයේ, නවාතැනක සෙවණ සැලසීම, අල්ලාහ්ගේ මාර්ගයේ සේවය කරන්නා සඳහා පිරිනමන ප්රදානය හා අල්ලාහ්ගේ මාර්ගයේ ශක්තිමත් ඔටුවකු බිහි කළ හැකි ඔටු දෙනක් පිරිනැමීම.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්රකාශ කළ බව අබූ උමාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “දානයෙන් උතුම් වනුයේ අල්ලාහ්ගේ මාර්ගයේ, නවාතැනක සෙවණ සැලසීම, අල්ලාහ්ගේ මාර්ගයේ සේවය කරන්නා සඳහා පිරිනමන ප්රදානය හා අල්ලාහ්ගේ මාර්ගයේ ශක්තිමත් ඔටුවකු බිහි කළ හැකි ඔටු දෙනක් පිරිනැමීම.“
Explanation
එවකට ජනයාට අවශ්ය වී තිබුණු වැදගත්ම කරුණු මේවා වී තිබිය හැක. එහෙයින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මේ සම්බන්ධයෙන් ඔවුන් දිරිගන්වා ඇත. නමුත් දැන් මිනිසාගේ අවශ්යතා විවිධය. මේවායෙහි අඩුවක් තිබුණ ද විවිධ ප්රදේශවල මේවා දැක ගන්නට පුළුවන. නීතිය බහුත්වයට මුල් තැන දීමය.
මෙම හදීසය ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමියගේ හදීසයට සමානය. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්රකාශ කළ බව ඇය මෙසේ දන්වා සිටින්නීය: අහෝ ආඉෂා! රට ඉඳි නැති නිවස එහි වැසියන් කුසගින්නෙන් පෙළෙන්නන් වෙති. මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත.
ෂෙයික් ඉබ්නු බාස් තුමා: සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ කාලයේ විසූ මදීනා වැසියන් හා ඔවුනට සම කාලීන වූ ජනයා තම ප්රධාන ආහාරය රට ඉඳි කරගත් උදවිය මෙන් කවරෙකුගේ ප්රධාන ආහාරය රට ඉඳි වන්නේ ද එවැන්නන් සම්බන්ධ වූවක් යැයි විද්වතුන් මත දරති.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

