“ගැත්තන් උදෑසන අවදි වන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්: “අහෝ දෙවිඳුනි! පිං සඳහා වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව!” යැයි පවසන අතරම අනෙක් තැනැත්තා: “අහෝ දෙවිඳුනි! එය රඳා තබා ගන්නාට විනාශය ඇති කරනු මැනව.” යැයි පවසයි
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ගැත්තන් උදෑසන අවදි වන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්: “අහෝ දෙවිඳුනි! පිං සඳහා වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව!” යැයි පවසන අතරම අනෙක් තැනැත්තා: “අහෝ දෙවිඳුනි! එය රඳා තබා ගන්නාට විනාශය ඇති කරනු මැනව.” යැයි පවසයි.
Explanation
අහෝ දෙවිඳුනි! ඔබට අවනත වන කටයුතු වලදී ද, තම පවුලට, ආගන්තුකයන්ට අමතර කටයුතු සඳහා ද වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව! ඔහු වියදම් කළ දෑ යහපතක් බවට පෙරළා දෙනු මැනව! එහි සමෘද්ධිය ඇති කරනු මැනව! යැයි පවසයි.
අනෙක් තැනැත්තා: අහෝ දෙවිඳුනි! රැස් කරන්නාට විනාශය ඇති කරනු මැනව! ඔහුගේ වගකීම් ඉටු නොකර හිඳ, එය ලැබිය යුතු අයගෙන් වලක්වාගත් ඔහුගේ ධනය විනාශ කරනු මැනව යැයි පවසයි.
Benefits
දේවත්වය විශ්වාස කරන, යහපත වෙනුවෙන් වියදම් කරන දැහැමියන් හට යහපත හා සමෘද්ධිය සඳහා මලක්වරුන් ප්‍රාර්ථනා කර සිටීම. සැබැවින්ම ඔවුන්ගේ ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නකි.
පවුල වෙනුවෙන් වියදම් කිරීම, ඥාති සම්බන්ධකම් පවත්වාගෙන යාම සඳහා වියදම් කිරීම සහ යහපත් කටයුතු සඳහා වියදම් කිරීම වැනි අනිවාර්යය කටයුතු සඳහා මෙන්ම අමතර කටයුතු සඳහා වියදම් කිරීමට දිරිගැන්වීම.
වියදම් කරන්නා යහපත ලැබීමේ දී ඔහු සතු භාග්‍යය විස්තර කිරීම. සැබැවින්ම ඔහුගේ ප්‍රතිඵලය අල්ලාහ් ඔහුට ආපසු ලබා දෙන බව උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "තවද නුඹලා කවර දෙයක් (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කරන්නෙහු ද ඔහුට (එහි ප්‍රතිඵල) ඔහු පසුවට ලබා දෙයි. තවද පෝෂණ සම්පත් ලබා දෙන්නන්ගෙන් ඔහු අති ශ්‍රේෂ්ඨය” (සබඃ: 39)
මෙම ප්‍රාර්ථනාව තුළ අනිවාර්යය වියදම් වලින් වැළකී සිටින්නන් පමණක් අඩංගු වේ. අනිවාර්යය නොවන වියහියදම් මේ තුළට ඇතුළත් වන්නේ නැත. ඊට හේතුව, සැබැවින්ම ඊට අදාළ තැනැන්තා මෙම ප්‍රාර්ථනාවට සුදුස්සෙකු නොවන බැවිනි.
ලෝභකම හා මසුරුකම තහනම් කරන ලදී.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

