ඉහළ අත පහළ අතට වඩා උතුම්ය
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මින්බර් වේදිකාව මත සිට සදකාව (දානය), තැන්පත් කම හා ඉල්ලීම පිළිබඳ මතක් කරමින් මෙසේ පවසා සිටියහ. "ඉහළ අත පහළ අතට වඩා උතුම්ය. ඉහළ අත යනු එය වියදම් කරන අතයි. පහළ අත යනු ඉල්ලා සිටින අතයි."
Explanation
Benefits
ඉල්ලා සිටීම ගැන නිහතමානී වීමට හා මිනිසුන්ගෙන් අවශ්‍යතා ඉල්ලා සිටීමෙන් ඉවත් වීමට උනන්දු කරවීම. ගරු කටයුතු සඳහා දිරි ගැන්වීම හා පහත් කටයුතු අත්හැරීම. සැබැවින් අල්ලාහ් උසස් ගරු කටයුතු ප්‍රිය කරයි.
මහිමය අනුව වර්ග හතරක අත් ඇත. එය පහත සඳහන් පරිදිය. ඒ අතරින් උසස්ම වනුයේ වියදම් කරන අත ය. පසුව ඉල්ලා සිටීමෙන් නිහතමානී වන අත ය. පසුව ඉල්ලා සිටීමෙන් තොරව ගන්නා අත ය. පසුව ඉල්ලා සිටින පහත් අත ය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

