افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#2965[صحيح]
HadeethEnc · 1.24.0

ඔබට ප්‍රමාණවත් හා ඔබේ දරුවන්ට ප්‍රමාණවත් යැයි තේරෙන ප්‍රමාණයක් ඔහුගේ ධනයෙන් ඔබ ගන්න" යැයි පැවසූහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. අබූ සුෆ්යාන්ගේ බිරිය වන හින්ද් බින්ත් උත්බා අල්ලාහ්ගේ දූතයාණන් වෙත පිවිස මෙසේ විමසා සිටියාය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අබූ සුෆ්යාන් මසුරු මිනිසෙකි. ඔහු නොදැනුවත්ව ඔහුගේ මුදලින් මා යමක් ගත්තා නම් හැර ඔහු මට ප්‍රමාණවත් තරම් හෝ මගේ දරුවන්ට ප්‍රමාණවත් තරම් නඩත්තු මුදල් පිරිනමන්නේ නැත. එහිදී මට පවක් හිමි වනු ඇත් ද?" එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔබට ප්‍රමාණවත් හා ඔබේ දරුවන්ට ප්‍රමාණවත් යැයි තේරෙන ප්‍රමාණයක් ඔහුගේ ධනයෙන් ඔබ ගන්න" යැයි පැවසූහ.
02

Explanation

හින්ද් බින්ත් උත්බා තම සැමියා වන අබූ සුෆ්යාන් පිළිබඳ තීන්දුවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් පැතුවාය. එනම්: "සැබැවින්ම ඔහු ධනයට කෑදර මසුරු මිනිසෙකි. ඔහු නොදැනුවත්ව ඔහුගේ මුදලින් ඇය යමක් රහසින් ගත්තා නම් හැර ඔහු ඇයට ප්‍රමාණවත් තරම් හෝ ඇගේ දරුවන්ට ප්‍රමාණවත් තරම් නඩත්තු මුදල් පිරිනමන්නේ නැත. එහිදී ඇයට පවක් පිහිටන්නේ ද?" යැයි විමසා සිටියාය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: "ඔබට හා ඔබේ දරුවන්ට සාමාන්‍යයෙන් ප්‍රමාණවත් යැයි සිතන ප්‍රමාණයක්, ඔහු ඒ ගැන නොදැනුවත් වුව ද ගත හැකිය" යැයි පැවසූහ.
03

Benefits

බිරිය හා දරුවන් සඳහා නඩත්තු මුදල් ගෙවීම අනිවාර්යය.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: 'සාමාන්‍යයෙන් ඔබට ප්‍රමාණවත් යැයි හැඟෙන ප්‍රමාණයක් ඔහුගේ මුදලින් ගන්න' යන ප්‍රකාශයෙන්, ඒ විෂය පොදු සම්ප්‍රදාය වෙත හරවා ඇති බව හා ආගමික සීමාවක් එහි නැති බව අදහස් කෙරේ.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "මෙම හදීසය, නීති පැතීමක හෝ පැමිණිලි කිරීමක හෝ ඒ හා සමාන වෙනක් ස්වරූපයකින් පිටස්තරයකුට ඔහු අකමැති දෙයක් ගැන සඳහන් කිරීමට අවසරය ඇත බවට සාක්ෂියක් ලෙස භාවිතා කරනු ලැබෙයි. මෙය දොස් කීමට අවසර ඇති එක් අවස්ථාවකි."
කුර්තුබී තුමා මෙසේ පවසයි: අබූ සුෆ්යාන් ඔහුගේ සියලුම අවස්ථාවන්හි එසේ මසුරු වූ බව හින්ද් අදහස් කළේ නැත. සැබැවින්ම ඇය එසේ විස්තර කළේ ඇයගේ තත්ත්වය ඔහු සමග සම්බන්ධ කරන විටය. ඔහු ඇය හා ඇගේ දරුවන් සම්බන්ධයෙන් අරපිරිමැස්මෙන් කටයුතු කළේය. එය පොදුවේ ඔහුු ලෝභයකු බව අදහස් කරන්නේ නැත. හේතුව නායකයෝ බොහෝ දෙනෙක් එසේ ඔවුන්ගේ පවුල සමග කටයුතු කර පිටස්තරයින් සඳහා තමන් සමඟ එකමුතුව සිටීම පිණිස ප්‍රමුකස්ථානය ලබා දෙති.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...