අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී බක්ර් අස්-සිද්දීක් (රළියල්ලාහු අන්හුමා) තුමා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පිවිසුණහ. මම ද එතුමාණන් ව මාගේ පපුවට තුරුල් කරමින් සිටියෙමි. අබ්දුර් රහ්මාන් සතු ව කට පිරිසිදු කරන අමු මිස්වාක් දැහැටියක් විය. අල්ලාහ්ගේ දූතයාණෝ තම බැල්ම ඒ වෙත යොමු කළහ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී බක්ර් අස්-සිද්දීක් (රළියල්ලාහු අන්හුමා) තුමා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පිවිසුණහ. මම ද එතුමාණන් ව මාගේ පපුවට තුරුල් කරමින් සිටියෙමි. අබ්දුර් රහ්මාන් සතු ව කට පිරිසිදු කරන අමු මිස්වාක් දැහැටියක් විය. අල්ලාහ්ගේ දූතයාණෝ තම බැල්ම ඒ වෙත යොමු කළහ. එවිට මම එම දැහැටිය ගෙන එය කපා පිරිසිදු කර නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට දුනිමි. එමගින් එතුමාණෝ දත් පිරිසිදු කර ගත්හ. මීට වඩා හොඳින් අල්ලාහ්ගේ දූතයාණන් දත් මදිනු කිසිවිටෙක මා දැක තිබුණේ නැත.
අල්ලාහ්ගේ දූතයාණන් එසේ සිදු කළ පසු තම අත ඔසවා -තවත් වාර්තාවක තම ඇගිල්ල ඔසවා- උත්තරීතර මිතුරා සමග යැයි පැවසුවේය. පසු ව එතුමාණෝ මියැදුණහ.
එතුමාණෝ මාගේ නිකට හා පපුව අතර (එතුමාගේ හිස තිබියදී) මියැදුණහැයි ඇය තවදුරටත් පවසා සිටියාය.
Explanation
අබ්දුර් රහ්මාන් දත් පිරිසිදු කරනු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දුටු කල්හි එයට වඩා කැමැත්තක් දැක්වුව ද එතුමාට අත්ව තිබූ රෝගය හා මරණ වේදනාව නිසාවෙන් එය සඳහා යොමු වන්නට නොහැකි විය. පසුව එතුමාගේ බැල්ම එහි කැමැත්තක් දනවන සේ ඒ දෙසට යොමු කළේය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය එය වටහාගෙන තම සහෝදරයාගෙන් මිස්වාක් දැහැටිය රැගෙන දැහැටියේ කෙළවර ඇයගේ දත්වලින් විකා පිරිසිදු කර පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට භාවිත කිරීම සඳහා ලබා දුන්නේ ය. පසුව එතුමා එමගින් දත් පිරිසිදු කර ගත්තේය.
එතුමා මෙසේ දත් පිරිසිදු කරනවාට වඩා අලංකාර ලෙස දත් පිරිසිදු කිරීමක් මීට පෙර ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දැක තිබුණේ නැත.
දත් පිරිසිදු කොට නිමා කළ කල්හි තම ඇගිල්ල ඔසුවා අල්ලාහ්ව ඒකීයකරණයට ලක් කළේය. තම පරමාධිපති වෙත පෙරළා යෑම තින්දු විය. පසුව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මරණයට පත් වුහ.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය සතුටුවන්නියක් වූවාය. එය ඇයට නියම වූ භාග්යයක් විය. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා තම හිස ඇයගේ පපුව මත තබමින් මිය යදින්නට වූහ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

