افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3306[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

අද දිනයෙන් පසු ඔබේ පියාට පීඩාවක් නැත.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට (රෝගීභාවය) උත්සන්න වූ කල්හි එතුමාව වේදනාව වෙළාගත්තේය. එවිට ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය ‘අහෝ මාගේ පියාණන්ට ඇති වූ මෙම වේදනාව කිමද.’ යැයි පැවසුවාය. එවිට එතුමා: “අද දිනයෙන් පසු ඔබේ පියාට වේදනාවක් නැත.” යැයි පැවසූහ. එතුමා මිය ගිය කල්හි ෆාතිමා තුමිය: “අහෝ පියාණනි, ඔහු ඇරයුම් කළ දෙවියන්ට ඔහු පිළිතුරු දී ඇත්තේය. අහෝ පියාණනි, ඔහු පිවිසෙන ස්ථානය ජන්නතුල් ෆිර්දවුස් වේ. අහෝ පියාණනි, ජිබ්රීල් තුමා වෙත මේ ගැන අපි දන්වා සිටිමු.” යැයි පැවසුවාය. වළ දැමූ කල්හි ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය අල්ලාහ්ගේ දූතයාණන් මත පස් අහුරු දැමීමෙන් ඔබේ ආත්මාවන් කෙසේ නම් ශාන්තියට පත් වූවාදෝ? දැයි දුකින් විමසා සිටියාය.
02

Explanation

මරණ මොහොතේදී අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ඉවසීම පිළිබඳ මෙම හදීසයේ නිරූපණය කරයි. එතුමා මිය යන්නට වූ එතුමාගේ රෝගය උත්සන්න වූ කල්හි එතුමාට අත් වූ දැඩි පීඩනය හේතුවෙන් වේදනාව එතුමාව වෙළා ගත්තේය. ඊට හේතුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට වේදනාව හා එම රෝග තත්ත්වය දරුණු අතට පත් වූ බැවිනි. මෙය යම් ගැඹුරු ප්රඥාවක් හේතුවෙන් සිදු වූවකි. එතුමාගේ ඉවසීම අල්ලාහ් අබියස උසස් තරාතිරම් ලබා ගන්නා තෙක්ම පැවතිනි. වේදනාව එතුමාව වෙළාගත් විට ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය ‘පියාණනි, මම පීඩා විදිමි’ යැයි පැවසුවාය. එනම් ඇය කාන්තාවක් වූ බැවින් එතුමාට අත්වූ පීඩාව නිසාවෙන් තමන් වේදනාවට පත්වූ බවයි. කාන්තාවට ඉවසා දරා ගන්නට තරම් ශක්තියක් නොමැත.
එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‘අද දිනෙන් පසු ඔබේ පියාට වේදනාවක් නැත” යැයි පවසා සිටියහ. ඊට හේතුව මෙලොවින් සමුගෙන උත්තරීතර මිතුරා වෙත විතැන් වන බැවිණි. මරණය එතුමා වෙළා ගත් විට එතුමා මේ අයුරින් ප්රාර්ථනා කර සිටියහ. ‘අහෝ දෙවියනි, උදාර මිතුරා අතරට! අහෝ දෙවියනි, උදාර මිතුරා අතරට යැයි පවසමින් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ නිවසේ වහල දෙස එතුමා බලා සිටියහ.
දූතයාණන් මිය ගියේය. ෆාතිමා තුමිය දුක් වූවාය. නමුත් එය සුළු දුකක් විය. එහි අල්ලාහ්ගේ තීන්දුවට හා ඔහුගේ නියමයට උරණවීමක් පෙනුනේ නැත.
“අහෝ පියාණනි, ඇරයුම් කළ දෙවියන්ට ඔහු පිළිතුරු දී ඇත්තේය.” යන එතුමියගේ ප්රකාශය වනාහි, සියලු දෑහි ආධිපත්යය උත්තරීතර අල්ලාහ් සතුය. සියලු මැවීම්හි ආයුෂ ඔහු අතෙහි ඇත. ඒ අනුව අල්ලාහ්ගේ ඇරයුම් කරුට ඔහු පිළිතුරු දී ඇත්තේය. සැබැවින්ම ඉන් අදහස් කරනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාවය. එතුමා මිය ගිය විට සෙසු දේව විශ්වාසීන් මෙන්ම පත් වූහ. අහස් හතට ඉහළින් ශුද්ධ වූ අල්ලාහ් ඉදිරියේ නතර වන තෙක් එතුමාගේ ප්රාණය ඉහළට එසවී යන්නට විය.
“අහෝ පියාණනි, ඔහු පිවිසෙන ස්ථානය ජන්නතුල් ෆිර්දවුස් වේ.” යන ප්රකාශය වනාහි සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සියලු මැවීම්වලට ඉහළින් ස්වර්ගයේ උසස්ම මට්ටමේ පසු වන්නාහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පවසා සිටියහ. “මා වෙනුවෙන් උසස් ස්ථානයට යන මාධ්යය අල්ලාහ්ගෙන් පතන්න. සැබැවින්ම එය ස්වර්ගයේ ඇති නිවසකි. එය අල්ලාහ්ගේ ගැත්තන් අතරින් ගැත්තකුට හැර ප්රයෝජනවත් වන්නක් නොවේ. එය මා විය යුතු යැයි මම ආශා කරමි. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පිවිසුණු ස්ථානය ජන්නතුල් ෆිර්දවුස් වේ. ජන්නතුල් ෆිර්දවුස් යනු ස්වර්ග උයන් අතරින් උසස්ම මට්ටමේ පවතින්නකි. ඊට ඉහළින් ඇති වහල කීර්තිමත් අල්ලාහ්ගේ අර්ෂය වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඒ අතරින් උසස්ම තරාතිරමක පසු වන්නාහ.
“අහෝ පියාණනි, ජිබ්රීල් තුමා වෙත මේ ගැන අපි දන්වා සිටිමු.” යන ඇයගේ ප්රකාශය වනාහි: ‘සැබැවින්ම අපි මෙම මරණය ගැන ජිබ්රීල්ට දන්වා සිටිමු යන්නයි. සැබැවින්ම එතුමාගේ ජීවිත කාලය තුළ එතුමා වෙත පැමිණ දිව්ය පණිවිඩ උගන්වා සිටියේ එතුමාය. දිව්ය පණිවිඩ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ජීවිතය සමග එකට බැඳී තිබුණකි.
පසුව එතුමාව ඔසවා වළ දමනු ලැබූහ. එවිට එතුමිය (රළියල්ලාහු අන්හා) ‘අල්ලාහ්ගේ දූතයාණන් මත පස් අහුරු දැමීමෙන් ඔබේ ආත්මාවන් කෙසේ නම් ශාන්තියට පත් වූවාදෝ?’ යැයි දුකින් විමසා සිටියාය. එය ඇයගේ දැඩි කණස්සල්ල පෙන්නුම් කරයි. එය තම පියාගේ වෙන්වීමේ ශෝකය හා වේදනාවයි. සැබැවින්ම දූතයාණන් කෙරෙහි වූ ආදරය සහාබාවරුන්ගේ හදවත් තුළ අල්ලාහ් පුරවා ඇති බව ඇය දැන සිටිය ද ඇය මෙම ප්රශ්නය ඔවුන්ගෙන් විමසා සිටියාය. එනමුත් ප්රඥාව ශුද්ධ වූ අල්ලාහ් සතු වන්නකි. නැවත යොමු වීමේ ස්ථානය ඔහු වෙතය. උත්තරීතර අල්ලාහ් තම ග්රන්ථයේ මෙසේ පැවසීය. “සැබැවින්ම ඔබ මිය යන්නෙකි. සැබැවින්ම ඔවුහු ද මිය යන්නෝ වෙති.”

Attribution

[ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...