ඇත්තෙන්ම අනෙකුත් සලාත් ඉටු කිරීමට වඩා මෙම සලාත් දෙක ඉටු කිරීම කුහකයන් හට මහත් බරකි. ඒ දෙකෙහි අඩංගු (කුසල්) ඔබ දන්නේ නම්, ඔබට දණින් වැටී බඩගා යාමට සිදු වුවද, ඔබ ඒ දෙක වෙත පැමිණෙනු ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අපට ෆජ්ර් සලාතය මෙහෙයවා "මේ පුද්ගලයා සහභාගී වූයේ ද? යැයි විමසූහ. ඔවුහු 'නැත' යැයි පිළිතුරු දුන්නෝය. නැවතත් මේ පුද්ගලයා සහභාගී වූයේ ද? යැයි විමසූහ. ඔවුහු 'නැත' යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ මෙසේ පැවසූහ. "ඇත්තෙන්ම අනෙකුත් සලාත් ඉටු කිරීමට වඩා මෙම සලාත් දෙක ඉටු කිරීම කුහකයන් හට මහත් බරකි. ඒ දෙකෙහි අඩංගු (කුසල්) ඔබ දන්නේ නම්, ඔබට දණින් වැටී බඩගා යාමට සිදු වුවද, ඔබ ඒ දෙක වෙත පැමිණෙනු ඇත. නියතවශයෙන්ම පළමු පේළිය එය මලක්වරුන්ගේ පේළිය මෙන් වන අතර, එහි මහිමය ඔබ දන්නේ නම්, ඒ සඳහා යුහුසුළු වනු ඇත. නියත වශයෙන්ම මිනිසෙකු තවත් මිනිසෙකු සමඟ කරන සලාතය ඔහු තනිව ඉටු කරන සලාතයට වඩා පිරිසිදු ය. තවද මිනිසුන් දෙදෙනෙකු සමඟ ඔහු ඉටු කරන සලාතය මිනිසෙකු සමග ඉටු කරන සලාතයට වඩා පිරිසිදුය. මිනිසුන් වැඩි වන තරමට එය සර්ව බලධාරී අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වේ.
Explanation
අහෝ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුනි! සුබ්හ් සලාතයේ හා ඉෂා සලාතයේ පවතින ප්‍රතිඵල හා අමතර කුසල් -සැබැවින්ම එහි දුෂ්කරතාවේ ප්‍රමාණයට අනුව කුසල් පවතී.- අඩංගු බව ඔබ දන්නෙහි නම්, අත් හා දණහිස් මත වැටී බඩගා යාමට සිදු වුව ද, ඔබ ඒ දෙක වෙත පැමිණෙනු ඇත.
නියතවශයෙන්ම ඉමාම්ට වඩාත් සමීපයෙන් පිහිටන ඔවුන්ගේ පළමු පේළිය අල්ලාහ්ට වඩාත් සමීපයෙන් පිහිටන මලක්වරුන්ගේ පේළිය මෙනි. පළමු පේළියේ ඇති මහිමය දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් දන්නේ නම්, ඒ සඳහා ඔවුන් තරඟ වදිනු ඇත. නියත වශයෙන්ම මිනිසෙකු තවත් මිනිසෙකු සමඟ එක්ව ඉටු කරන සලාතය ඔහු තනිව ඉටු කරන සලාතයට වඩා කුසලින් හා ප්‍රතිඵලයෙන් අති මහත් ය. තවද මිනිසුන් දෙදෙනෙකු සමඟ ඔහු ඉටු කරන සලාතය එක් මිනිසෙකු සමග ඉටු කරන සලාතයට වඩා උතුම්ය. සලාත් ඉටු කරන ජනයා එහි වැඩි වන තරමට එය සර්ව බලධාරී අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප හා වඩාත් උතුම් වන්නේය.
Benefits
සමූහ සලාතයේ අනිවාර්යයභාවය. විශේෂයෙන් ඉෂා සලාතය හා ෆජ්ර් සලාතය සාමුහිකව ඉටු කිරීම දේව විශ්වාසයේ සළකුණු අතරින් වේ.
ඉෂා සහ ෆජ්ර් සලාත් දෙකේ පවතින මහඟු කුසල්. තම මනස කැප කරමින් හා අවනතභාවය මත ඉවසමින් ඒ දෙක වෙත කිසිවෙකු හෝ පැමිණියේ නම්, ඒ දෙකෙහි ලැබෙන කුසල් සෙසු දෑහි ලැබෙන කුසල්වලට වඩා අති උතුම් වේ.
සමූහ සලාතය දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් සමග ඉටු කරනු ලැබේ.
පළමු පේළියේ ඇති මහිමය විස්තර කිරීම, ඒ සඳහා තරඟ වැදීමට දිරි ගැන්වීම.
සමූහ සලාතය සඳහා සහභාගී වන පිරිස වැඩිවීමේ මහිමය. සභාවේ පිරිස වැඩි වන වාරයක් පාසාම කුසල් ද මහත්සේ වැඩි වන්නේය.
දැහැමි ක්‍රියාවන් ෂරීආව පෙළගස්වා ඇති මහිමය අනුව හා එය විස්තර කර ඇති තත්ත්වයන් අනුව එකිනෙකට වෙනස් වේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

