කවරෙකු සෑම සලාතයකින් පසු තිස් තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි අල්ලාහ්ව පිවිතුරු කර, තිස් තුන් වරක් අල්හම්දුලිල්ලාහ් යැයි අල්ලාහ්ව ප්‍රශංසා කර, තිස් තුන් වරක් අල්ලාහු අක්බර් යැයි අල්ලාහ්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කර, එනම් එය අනූ නව වරකි. සියය සම්පූර්ණ කරමින් "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් (නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සියලු ආධිපත්‍යයන් ඔහු සතු ය. සියලු ප්‍රශංසා ද ඔහුටම හිමි ය. ඔහු සියලු දෑ කෙරෙහි සර් ව බලධාරීය) යැයි පවසන්නේ ද ඔහුගේ පව් මුහුදු පෙණ තරම් තිබුණ ද ඒවාට සමාව දෙනු ලැබේ
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: කවරෙකු සෑම සලාතයකින් පසු තිස් තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි අල්ලාහ්ව පිවිතුරු කර, තිස් තුන් වරක් අල්හම්දුලිල්ලාහ් යැයි අල්ලාහ්ව ප්‍රශංසා කර, තිස් තුන් වරක් අල්ලාහු අක්බර් යැයි අල්ලාහ්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කර, එනම් එය අනූ නව වරකි. සියය සම්පූර්ණ කරමින් "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් (නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සියලු ආධිපත්‍යයන් ඔහු සතු ය. සියලු ප්‍රශංසා ද ඔහුටම හිමි ය. ඔහු සියලු දෑ කෙරෙහි සර් ව බලධාරීය) යැයි පවසන්නේ ද ඔහුගේ පව් මුහුදු පෙණ තරම් තිබුණ ද ඒවාට සමාව දෙනු ලැබේ."
Explanation
තිස් තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි පවසා සියලු අඩුපාඩුවලින් අල්ලාහ්ව පිවිතුරු කිරීම.
තිස් තුන් වරක් අල්හම්දුලිල්ලාහ් යැයි පවසා අල්ලාහ් කෙරෙහි ආදර බැඳීමෙන් හා ගරු කිරීමෙන් යුතුව ඔහුගේ සියලුම පූර්ණවත් ගුණාංග මෙනෙහි කරමින් ඔහුව ප්‍රශංසා කිරීම.
තිස් තුන් වරක් අල්ලාහු අක්බර් යැයි පවසා සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරීය, සියලු දෑට වඩා ඔහු අති කීර්ති මත්ය යැයි පිළිගෙන ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම.
"ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" යනුවෙන් පැවසීමෙන් සියය සම්පූර්ණ වෙයි. එහි තේරුම: සැබෑ ලෙස නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සැබැවින්ම පූර්ණ ආධිපත්‍යය සුවිශුද්ධ ඔහු සතුය. ප්‍රශංසාවටත් ආදරය සමග වූ පැසසුමටත් ගරුබුහුමන් කිරීමටත් සුදුස්සා ඔහු හැර වෙනත් කිසිවකු නැත. සැබැවින්ම ඔහුට කිසිවක් අපොහොසත් වන්නේ නැති අතර ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය.
කවරෙකු මෙය පවසන්නේ ද, ඔහුගේ පාපකම් මුහුදු රැළි නගන විට හා රළුවන විට මතුවන සුදු පෙණ තරම් තිබුණ ද ඒවා මකා දමා ඔහුට සමාව දෙනු ලැබේ.
Benefits
පාපකම්වලට සමාව ලැබීමට මෙම සිහිකිරීම හේතුවක් වේ.
උත්තරීතර අල්ලාහ්ගේ මහිමය, ඔහුගේ කරුණාව හා ඔහුගේ සමාවේ විශාලත්වය.
මෙම දික්ර් පාපකම්වලට සමාව ලැබීමට හේතුවකි. එහි අදහස: සුළු පාපකම් සඳහා ප්‍රතිකර්මයක් වීමය. නමුත් මහා පාපකම් වනාහි, ඒවා තව්බා හෙවත් පශ්චාත්තාප වී සමාව අයදින තෙක් ඒවාට සමාව දෙනු නොලැබේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

