අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් අදාබිල් කබ්රි, වමින් අදාබින් නාරි, වමින් ෆිත්නතිල් මහ්යා වල් මමාති, වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් අදාබිල් කබ්රි, වමින් අදාබින් නාරි, වමින් ෆිත්නතිල් මහ්යා වල් මමාති, වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්" යනුවෙන් ප්‍රාර්ථනා කළහ. මුස්ලිම්හි එන වාර්තාවක “නුඹලා කිසිවකු හෝ (සලාතයෙහි) අත්තහිය්යාත්හි තෂහ්හුද් පවසා අවසන් කළ විට කරුණු හතරක් ගැන අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතිය යුතුය. එනම්, අපා ගින්නේ දඬුවමින්, මිනීවලෙහි වේදනාවෙන්, ජීවිතය හා මරණයේ අර්බූධයෙන් හා මසීහුද් දජ්ජාල්ගේ නපුරෙන් වන ආරක්ෂාවයි."
Explanation
පළමුවැන්න: මිනීවලෙහි දඬුවමින්.
දෙවැන්න: අපා ගින්නේ වේදනාවෙන්. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ය.
තුන්වැන්න: මෙලොවෙහි තහනම් කරන ලද අශාවන් හා මුළා කරන සුළු සැකයන් හේතුවෙන් ජීවිතයේ ඇතිවන අර්බූධවලින් වූ අරාක්ෂාව හා මිය යන මොහොතේ ඇතිවන අර්බූධයෙන් ආරක්ෂාවය. එනම් මරණ මොහොතේ දී ඉස්ලාමයෙන් හෝ සුන්නාවෙන් බැහැර වීමය. එසේ නැතහොත් මලක්වරුන් ප්‍රශ්න කිරීම වැනි මිනී වලෙහි ඇති වන අර්බූධයෙන් ආරක්ෂාව පැතීමය.
සිව්වැන්න: අවසන් කාලයේ බැහැරට එන මසීහුද් දජ්ජාල්ගේ අර්බූධයයි. අල්ලාහ් ඔහු තුළින් තම ගැත්තන් පරීක්ෂණයට ලක් කරනු ඇත. ඔහුගේ අර්බූධයේ හා ඔහුගේ මුළාවෙහි බරපතලකම පෙන්වීම සඳහා මෙම සිහිපත් කිරීම විශේෂයෙන් සිදු කර ඇත.
Benefits
මිනීවලෙහි දඬුවම හා සැබැවින්ම එය සත්‍යයක් බව සනාත කිරීම.
අර්බුදයේ භයානක කම හා අල්ලාහ්ගෙන් උපකාරය පතා ඉන් මිදීම සඳහා ප්‍රාර්ථනා කිරීමේ මහිමය.
දජ්ජාල්ගේ පැමිණීම හා ඔහුගේ අර්බූධයේ බරපතලකම සහතික කිරීම.
අවසන් තෂහ්හුදයෙන් පසු මෙම ප්‍රාර්ථනාව පැතීම සතුටුදායකය.
දැහැමි ක්‍රියාවෙන් පසු ප්‍රාර්ථනා කිරීම සතුටුදායකය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

