افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#10603[صحيح]
HadeethEnc · 1.24.0

කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් නොයා යුතුය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි: එතුමා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ සටන් දොළහකට සහභාගී වූ අයකු වේ. හෙතෙම මෙසේ පැවසීය: මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් කරුණු හතරකට සවන් දී ඇත්තෙමි. එය මට පුදුමය දනවන්නක් විය. "කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් නොයා යුතුය. දින දෙකක උපවාසයේ නිරත නොවිය යුතුය. එනම්: අල්-ෆිත්ර් (උත්සව දින) සහ අල්-අළ්හා (උත්සව දින). සුබ්හු සලාතයෙන් පසු ඉර උදාවන තුරු හෝ අසර් සලාතයෙන් පසු ඉර බැස යන තුරු සලාතයක් නොකළ යුතුය. අල්-හරම් දේවස්ථානය, අල්-අක්සා දේවස්ථානය සහ මගේ මස්ජිදය (දේවස්ථානය) යන දේවස්ථාන තුනට හැර විශේෂ වන්දනා ගමනක් නොකළ යුතුය."
02

Explanation

කරුණු හතරක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ.

පළමුවැන්න: කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් යෑමෙන් වැළකී සිටිය යුතුය. මහ්රම් යනු පුතා, පියා, සහෝදරයාගේ පුතා, සහෝදරියගේ පුතා, මාමා, බාප්පා හා ලොකු තාත්තා වැනි සමීප ඥාතීන් අතර ඥාතී වීමෙන් කවදත් විවාහය තහනම් වන උදවියයි.

දෙවැන්න: ඊද් අල්-ෆිත්ර් (හෙවත් නොම්බි උත්සව දින) සහ ඊද් අල්-අළ්හා (හෙවත් හජ් උත්සව දින) උපවාසයේ නිරත වීමෙන් වැළකී සිටිය යුතුය. ඒ දෙකෙහි මුස්ලිම්වරයකුට භාරය ඉටුකිරීමේ උපවාසයක් හෝ අමතර උපවාසක් හෝ ප්‍රතිකර්මික උපවාසයක් ඉටු කිරීම ද තහනම්භාවය එක සමානය.

තුන්වැන්න: සුබ්හු සලාතයෙන් පසු හිරු උදාවන තුරු හා අසර් සලාතයෙන් පසු ඉර බැස යන තුරු අමතර සලාත් ඉටු කිරීමෙන් වැළකී සිටිය යුතුය.

සිව්වැන්න: මෙම දේවස්ථාන තුන වෙත හැර යම් ස්ථානයකට එහි උසස් භාවයක් ඇති බව විශ්වාස කරමින් හා කුසල් ගුණවන බව විශ්වාස කරමින් වන්දනාවේ යෑමෙන් වැළකී සිටිය යුතුය. ඒ හැර විශේෂ කොට සළකා වෙනත් ස්ථානවලට සලාතය ඉටු කරනු වස් එසේ වන්දනාවේ නොයා යුතුය. අල්-හරම් දේවස්ථානය, අල්-අක්සා දේවස්ථානය සහ මාගේ මස්ජිදය (දේවස්ථානය) යන මෙම දේවස්ථාන තුනෙහි හැර වෙනත් කවර දේවස්ථානයක හෝ වේවා කුසල් ගුණ වන්නේ නැත.
03

Benefits

මහ්රම් කෙනෙකුගෙන් තොරව කාන්තාවක් ගමනක නිරත වීම සුදුසු නැත.
'ඇගේ ස්වාමි පුරුෂයා හෝ මහ්රම් අයකු සමග හැර' යනුවෙන් නබි තුමාණන් ප්‍රකාශ කර ඇති බැවින් ගමනක දී කාන්තාවක් තවත් කාන්තාවකට මහ්රම් වන්නේ නැත.
ගමනක් ලෙස හඳුන්වනු ලබන සෑම ගමනකම කාන්තාවක් ස්වාමි පුරුෂයා හෝ මහ්රම් අයකුගෙන් තොරව පිටත්ව යෑම තහනම් කර ඇත. මෙම හදීසය ප්‍රශ්න කරන්නාගේ තත්ත්වය සහ ඔහු පදිංචි ස්ථානය මත පදනම් විය.
කාන්තාවක් වෙනුවෙන් පෙනී සිටින මහ්රම් පුද්ගලයින් වනාහි, ඇගේ සැමියා, එසේ නැතහොත් සමීප ඥාතිත්වය හේතුවෙන් කවදත් විවාහ වීමට තහනම් වන පියා, පුතා, මාමා, මහප්පා හෝ බාප්පා, එසේත් නැතහොත් කිරි දී හදා වඩා ගැනීමෙන් ඇති වන පියා හා මාමා, එසේත් නැතහොත් විවාහ සම්බන්ධතාවෙන් ඇති වන සැමියාගේ පියා යනාදී අය වෙති. ඔහු විශ්වාසනීය වැඩිවියට පත් සිහිකල්පනාව ඇති මුස්ලිම්වරයකු විය යුතුය. මහ්රම් තැනැත්තකුගෙන් අපේක්ෂා කරනු ලබනුයේ කාන්තාවකගේ ආරක්ෂාව ඇයට හිමි විය යුතු රැකවරණය හා ඇගේ කටයුතු ක්‍රියාත්මක කිරීමය.
ඉස්ලාමීය ෂරීආ නීතිය කාන්තාව ගැන සැළකිලිමත් වෙයි. එමෙන්ම ඇයව ආරක්ෂා කරන අතර ඇයට රැකවරණය සළසයි.
ෆජ්ර් හා අසර් සලාතයෙන් පසු ව පොදුවේ සුන්නත් සලාත් ඉටු කිරීම සුදුසු නැත. මඟහැරුණු අනිවාර් යය සලාත් ඉටු කිරීම සහ තහය්යතුල් මස්ජිද් වැනි හේතු සාධක සහිත සලාත් ඉටු කිරීම මෙයට ඇතුලත් නොවේ.
හිරු උදාවෙන් පසු වහාම සලාත් ඉටු කිරීම තහනම් වේ. නමුත් හීයක තරම් හිරු ඉහළට පැමිණිය යුතුය. ආසන්න වශයෙන් එය විනාඩි දහයේ සිට පැය කාලක් දක්වා වූ කාලයක් විය යුතුය.
අසර් වේලාව හිරු අවරට යන තෙක් දීර්ග වෙයි.
දේවස්ථාන තුනක් වෙත වන්දනාවේ යාමට අවසරය ඇත.
(මෙම) දේවස්ථාන තුනෙහි මහිමය හා වෙනත් දේවස්ථානවලට වඩා ඒවායෙහි ඇති අමතර භාග්‍යයන්.
කබ්ර් (මිනී වල දමන) ස්ථාන බැහැ දකිනු පිණිස, එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිනී වල වුව ද, වන්දනා ගමනක් ලෙස යාම සුදුසු නැත. මදීනාවේ සිටින අයට එය බැහැ දැකීමට අනුමත ඇත. එසේ නැතහොත් ආගමික හෝ අනුමත හේතුවක් සඳහා ඒ වෙත යා හැක.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...