මාසයේ දින තුනක් බැගින් උපවාසයේ ඔබ නිරත වන විට දහ තුන, දහ හතර හා පහළොව යන දිනයන්හි උපවාසය රකින්න.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ දර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “මාසයේ දින තුනක් බැගින් උපවාසයේ ඔබ නිරත වන විට, දහතුන, දහහතර හා පහළොව යන දිනයන්හි උපවාසය රකින්න.“ කතාදා ඉබ්නු මිල්හාන් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. දහතුන, දහහතර හා පහළොව යන අය්යාමුල් බීල් (හෙවත් චන්ද්රයාගේ සුදුවන් පැහැය හොඳින් වැඩී ඇති දිනයන්හි) උපවාසයේ නිරත වීමට අපට අණ කරන්නෙකු ලෙස අල්ලාහ්ගේ දූතයාණන් සිටියහ.
ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා -තුමා විසින් වාර්තා කරන ලදී. පදිංචි ස්ථානයේ සිටිය දී හෝ ගමනක නිරතව සිටිය දී හෝ අය්යාමුල් බීල් දිනයන්හි උපවාසයෙන් මිදෙන්නෙකු ලෙස අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සිටියේ නැත.
Explanation
ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා -තුමා විසින් වාර්තා කරන ලදී.අය්යාමුල් බීල් හි උපවාසෙන් මිදෙන්නෙකු ලෙස අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සිටියේ නැත.එනම් දහතුන දහහතර හා පහළොව යන දිනයන්ය.එය චන්ද්රයා පූර්ණව ආරම්භයේ සිට අවසානය දක්වා පිහිටා ඇති බැවිනි.අල්ලාහ්ට කෘතගුණ සැලකීමක් වශයෙන් එහි උපවාසයේ නිරත වීම ගැලපෙන කරුණකි.පදිංචිව සිටියද ගමනක සිටියද යන ප්රකාශය වනාහි ඉන් අදහස් කරනුයේ ඒ අවස්ථා දෙකෙහිම එතුමා උපවාසයේ නිරතව සිටි ඇති බවයි.නමුත් එහි උපවාසයේ නිරත වීම වැදගත් සුන්නාවක් පමණි.එමෙන්ම මාසයේ මැද එය පිහිටා ඇති බැවින් උපවාසය සඳහා යෝග්ය කාලයක් වේ. වස්තුවක මැද වඩාත් සාධාරණීයයි.
බලන්න:අල් ෆත්හු(4/227),මිර්කාත් අල් මෆාතීහ්(4/566),ෆය්ලුල් කදීර් (1/395),දලීලුල් ෆාලිහීන්(7/72)
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

