“කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ නිරතව දිනක් උපවාසය රැක්කේ ද අල්ලාහ් ඔහුගේ මුහුණ අපා ගින්නෙන් වසර හැත්තෑවක් දුරස් කරනු ඇත.”
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ නිරතව දිනක් උපවාසය රැක්කේ ද අල්ලාහ් ඔහුගේ මුහුණ අපා ගින්නෙන් වසර හැත්තෑවක් දුරස් කරනු ඇත.”
Explanation
Benefits
අමතර උපවාසයන්හි නිරත වීම සඳහා උනන්දු කරවා දිරිගැන්වීම.
ඉහ්ඃලාස් හෙවත් චිත්තපාරිශුද්ධිය හා අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කළ යුතුය. මුහුණිච්චාවට හෝ ප්‍රසිද්ධියට හෝ වෙනත් අරමුණක් සඳහා හෝ උපවාසයේ නිරත නොවිය යුතුය.
අස්-සින්දී තුමා මෙසේ පවසයි: (අල්ලාහ්ගේ මාර්ගයේ) යන ප්‍රකාශය වනාහි, එයින් අදහස් කරන්නේ චේතනාව නිවැරදි කිරීම පමණක් විය හැකිය. එසේම ඔහු සටන්කාමියෙකුව සිටියදී උපවාසයේ නිරත වීම ද අදහස විය හැකිය.
ඉබ්නු හජර් තුමා (වසර හැත්තෑවක්) යන ප්‍රකාශය සම්බන්ධව මෙසේ පවසා ඇත. (මෙහි වසර යනුවෙන් අදහස් කිරීමට යෙදී ඇති) අල්-හඃරීෆ් යන පදය සරත් කාලය වේ. මෙහි එමගින් අදහස් කර ඇත්තේ වසර ය. ග්‍රීස්ම කාලය, ශීත කාලය හා වසන්ත කාලය යන කාල සඳහන් කිරීමෙන් තොරව හඃරීෆ් (සරත් කාලය) යනුවෙන් විශේෂයෙන් සඳහන් කර ඇත්තේ එම කාලය පළතුරු හට ගැණෙන ඉතා පිවිතුරු කාලයක් වන බැවිනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

