افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#6017[صحيح]
HadeethEnc · 1.24.0

කාලය මුළුල්ලේම උපවාසය රකින්නා හට උපවාසය නැත. දින තුනක් උපවාසයේ නිරත වීම කාලය මුළුල්ලේම උපවාසය රකින අයකු මෙන් වේ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම ඔබ කාලය පුරාවටම උපවාසයෙහි නිරත වන්නෙහි ද. රාත්‍රිය පුරාවටම සලාතයෙහි නිරත වන්නෙහි ද?" යැයි විමසන ලදී. එවිට මම, "එසේය" යැයි පැවසුවෙමි. සැබැවින්ම ඔබ එසේ කළ විටෙක ඔබට ඇස්පෙනුම දුර්වල වී යනු ඇත. ඔබේ ආත්මය වෙහෙසට පත්වනු ඇත. කාලය මුළුල්ලේම උපවාසය රකින්නා හට උපවාසය නැත. දින තුනක් උපවාසයේ නිරත වීම කාලය මුළුල්ලේම උපවාසය රකින අයකු මෙන් වේ. මම, "ඊට වඩා යමක් කිරීමට මට හැකියාව ඇතැ"යි පවසා සිටියෙමි. එතුමාණෝ, "එසේ නම් ඔබ දාවුද් (අලයිහිස් සලාම්) තුමාගේ උපවාසයට අනුව උපවාසයේ නිරත වන්න. එතුමා දිනක් උපවාසයේ නිරත වූ අතර දිනක් උපවාසයෙන් මිදී සිටියේය. එතුමා (සතුරන්) මුණ ගැසුණු විටෙක පළා ගියේ නැත." යැයි කීහ.
02

Explanation

සැබැවින්ම අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා වසර පුරාවටම උපවාසය අත් නොහැර අඛණ්ඩව උපවාසයේ නිරත වන බවත් නිදන්නේ නැතිව රාත්‍රිය මුළුමණින්ම සලාත් ඉටු කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැනගන්නට ලැබුණි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය වළක්වා ඔහුට මෙසේ පවසා සිටියහ: "ඔබ උපවාසයේ නිරත වන්න. ඉන් මිදෙන්න. රාත්‍රියේ සලාතය ඉටු කරන්න. නිදා ගන්න." උපවාසය අඛණ්ඩව ඉටු කිරීම හා රාත්‍රිය පුරාවම නැමදුම් කිරීම සම්බන්ධයෙන් එතුමාණෝ ඔහුව වළක්වා ඔහුට මෙසේ පැවසීය: ඔබ එය සිදු කළේ නම් ඔබේ ඇස් දුර්වල වී හීන වනු ඇත. ඇතුළට නෙරා යනු ඇත. ඔබේ ආත්මය තෙහෙට්ටු වී විඩාවට පත් ව වෙහෙසෙනු ඇත. දුෂ්කර වනු ඇත. එහෙයින් සුන්නා උපවාසය රකින්නාට උපවාසයක් නැති වේ. එසේ වනුයේ තහනමට විරුද්ධ වූ නිසාවෙන් උපවාසයේ ප්‍රතිඵල අහිමි කර ගනිමින් ඔහු උපවාසය රකින නිසාවෙන් උපවාසයෙන් නො මිදීමෙනි. පසුව සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීමට එතුමාණෝ මඟ පෙන්වූහ. එය සුන්නා උපවාසය වේ. සැබැවින්ම සෑම දිනක්ම දින දහයක් ලෙස සැළකේ. කුසල් සඳහා ගුණ කෙරෙන අවම ප්‍රමාණය එයයි. අබ්දුල්ලා තුමා මෙසේ පැවසීය: සැබැවින්ම මම ඊට වඩා යමක් කිරීමට හැකියාව දරමි. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: එසේනම්, දාවූද් (අලයිහිස් සලාම්) තුමාගේ උපවාසය මෙන් උපවාසය රකින්න. උතුම්ම උපවාසය එයයි. එතුමා දිනක් උපවාසයේ නිරත වූ අතර දිනක් උපවාසයෙන් මිදී සිටියහ. එතුමා සතුරන් මුණ ගැසුණු විට පළා ගියේ නැත. ඊට හේතුව එතුමා උපවාසයේ නිරත වූ ක්‍රමය එතුමාගේ ශරීරය දුර්වල නොකළ බැවිනි.
03

Benefits

සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම වසර පුරාවට උපවාසය නිතර වූ හා සමානය. ඊට හේතුව යහපතට ඒ හා සමාන කුසල් දහයක් පිරිනමන බැවිනි. එවිට දින තිහක් උපවාසය වනු ඇත. සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වූ විට ඔහු වසර පුරාවට උපවාසයේ නිරත වූ අයකු මෙන් වේ.
අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ ක්‍රියාමාර්ගයක් වනුයේ ක්‍රියාව වෙත කැමැත්ත ඇති කිරීම, එහි කුසල් සහ එහි අඛණ්ඩව නිරත වීමෙහි කුසල් මෙනෙහි කිරීම ය.
කත්තාබි තුමා මෙසේ පවසයි: අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් තුමාගේ කතාවෙන් ගනු ලබන කරුණ නම්, සැබැවින්ම අල්ලාහ් උපවාසයෙන් පමණක් තම ගැත්තා විසින් නැමදුමට ලක්වන්නේ නැත. ඔහු විවිධ නැමදුම් වර්ග තුළින් නැමදුමට ලක් වෙයි. ඔහුගේ කැපවීම අවසන් වූ විටෙක, ඒ හැර වෙනත් කටයුතුවල දී සීමා කරනු ඇත. වඩාත් යෝග්‍යය වන්නේ අනෙක් දෑ වෙනුවෙන් තම ශක්තිය ඉතිරි කර ගන්නා අයුරින් කටයුතු කිරීමය. දාවුද් (අලෙයිහිස් සලාම්) තුමා විෂයෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශය එය පෙන්වා දෙයි. "එතුමා සතුරන් හමු වූ විටෙක පළා ගියේ නැත." ඊට හේතුව සටන් කිරීම සඳහා හෙතෙම උපවාසයෙන් මිදී ශක්තිය වඩවා ගත්තේය.
නැමදුම් තුළ ගැඹුරට යෑමේ හා බලකර ගැනීමේ තහනම. යහපත වනුයේ නබි තුමාගේ පිළිවෙත වන සුන්නාව පිළිපැදීමය.
බහුතර විද්වතුන්ගේ සංකල්පය වනුයේ, කාලය පුරාවටම උපවාසයේ නිරත වීම පිළිකුල් සහගත බවයි. එනම්, තමන් කෙරෙහි එය දුෂ්කර වූ විට, එමගින් හානි ඇති වූ විට, එය බරක් වූ විට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙත ප්‍රතික්ෂේප කරනු ලබන විට, එතුමාණන්ගේ පිළිවෙතට වඩා වෙනත් පිළිවෙත් වඩාත් උතුම් බව විශ්වාස කළ විට එය හරාම් හෙවත් තහනම් කරනු ලැබූවක් වනු ඇත.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...