التكوير
At-Takwir
The Overthrowing
1 - At-Takwir (The Overthrowing) - 001
إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ
හිරු හකුළනු ලබන විට;
2 - At-Takwir (The Overthrowing) - 002
وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتۡ
තවද තරු කඩා හැලෙන විට;
3 - At-Takwir (The Overthrowing) - 003
وَإِذَا ٱلۡجِبَالُ سُيِّرَتۡ
තවද කඳු විතැන් කරනු ලබන විට;
4 - At-Takwir (The Overthrowing) - 004
وَإِذَا ٱلۡعِشَارُ عُطِّلَتۡ
තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට;
5 - At-Takwir (The Overthrowing) - 005
وَإِذَا ٱلۡوُحُوشُ حُشِرَتۡ
තවද වන සතුන් රැස් කරනු ලබන විට;
6 - At-Takwir (The Overthrowing) - 006
وَإِذَا ٱلۡبِحَارُ سُجِّرَتۡ
තවද මුහුදු ගිනිබත් කරනු ලබන විට;
7 - At-Takwir (The Overthrowing) - 007
وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتۡ
තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට;
8 - At-Takwir (The Overthrowing) - 008
وَإِذَا ٱلۡمَوۡءُۥدَةُ سُئِلَتۡ
තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට;
9 - At-Takwir (The Overthrowing) - 009
بِأَيِّ ذَنۢبٖ قُتِلَتۡ
තමන් කුමන පාපයක් නිසා ඝාතනය කරනු ලැබුවෝ දැ? යි (විමසනු ලබන විට;)
10 - At-Takwir (The Overthrowing) - 010
وَإِذَا ٱلصُّحُفُ نُشِرَتۡ
තවද (හොඳ නරක ලියවුණු) ලේඛන දිග හරිනු ලබන විට;
11 - At-Takwir (The Overthrowing) - 011
وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتۡ
තවද අහස නිරාවරණය කරනු ලබන විට;
12 - At-Takwir (The Overthrowing) - 012
وَإِذَا ٱلۡجَحِيمُ سُعِّرَتۡ
තවද නිරය මොලවනු ලබන විට;
13 - At-Takwir (The Overthrowing) - 013
وَإِذَا ٱلۡجَنَّةُ أُزۡلِفَتۡ
තවද ස්වර්ගය සමීප කරවනු ලබන විට;
14 - At-Takwir (The Overthrowing) - 014
عَلِمَتۡ نَفۡسٞ مَّآ أَحۡضَرَتۡ
ආත්මය තමන් ඉදිරිපත් කර ඇති දෑ කුමක් දැ? යි දැන ගනු ඇත.
15 - At-Takwir (The Overthrowing) - 015
فَلَآ أُقۡسِمُ بِٱلۡخُنَّسِ
එබැවින් මුළුමණින් ම සැඟවී පවතින ග්‍රහතාරකාව මත මම දිවුරමි.
16 - At-Takwir (The Overthrowing) - 016
ٱلۡجَوَارِ ٱلۡكُنَّسِ
(එය) පෙනී නොපෙනී ගමන් කරන්නකි.
17 - At-Takwir (The Overthrowing) - 017
وَٱلَّيۡلِ إِذَا عَسۡعَسَ
රාත්‍රිය එය ගෙවී යන විට ඒ මත දිවුරමින්,
18 - At-Takwir (The Overthrowing) - 018
وَٱلصُّبۡحِ إِذَا تَنَفَّسَ
පෙරවරුව එය උදා වී පවතින විට ඒ මත දිවුරමින්.
19 - At-Takwir (The Overthrowing) - 019
إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ
නියත වශයෙන් ම මෙය ගෞරවනීය දූතයකුගේ වදන වේ.
20 - At-Takwir (The Overthrowing) - 020
ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٖ
(ඔහු) බලවත් අයෙකි. අර්ෂ්හි හිමිකරු අබියස නිලයක් ඇත්තෙකි.
21 - At-Takwir (The Overthrowing) - 021
مُّطَاعٖ ثَمَّ أَمِينٖ
තවද (මලක්වරුන් විසින්) යටහත් වනු ලබන්නෙකි. එහි විශ්වාසවන්ත අයෙකි.
22 - At-Takwir (The Overthrowing) - 022
وَمَا صَاحِبُكُم بِمَجۡنُونٖ
තවද (ජනයිනි) නුඹලාගේ සගයා (මුහම්මද්) උන්මත්තකයකු නො වේ.
23 - At-Takwir (The Overthrowing) - 023
وَلَقَدۡ رَءَاهُ بِٱلۡأُفُقِ ٱلۡمُبِينِ
තවද සැබැවින් ම ඔහු ඔහු ව පැහැදිලි ක්‍ෂිතිජයෙහි දුටුවේ ය.
24 - At-Takwir (The Overthrowing) - 024
وَمَا هُوَ عَلَى ٱلۡغَيۡبِ بِضَنِينٖ
තවද ඔහු (ගුප්ත දෑ) සඟවන මසුරකු නො වේ.
25 - At-Takwir (The Overthrowing) - 025
وَمَا هُوَ بِقَوۡلِ شَيۡطَٰنٖ رَّجِيمٖ
තවද එය පලවා හරින ලද ෂෙයිතාන්ගේ වදනක් නො වේ.
26 - At-Takwir (The Overthrowing) - 026
فَأَيۡنَ تَذۡهَبُونَ
එබැවින් නුඹලා යන්නේ කොයිබට ද?
27 - At-Takwir (The Overthrowing) - 027
إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ
එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.
28 - At-Takwir (The Overthrowing) - 028
لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ
නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය.
29 - At-Takwir (The Overthrowing) - 029