الفاتحة

 

Al-Fatihah

 

The Opener

1 - Al-Fatihah (The Opener) - 001

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.

2 - Al-Fatihah (The Opener) - 002

ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
සියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.

3 - Al-Fatihah (The Opener) - 003

ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
අපරිමිත දයාන්විතය අසමසම කරුණාන්විත ය.

4 - Al-Fatihah (The Opener) - 004

مَٰلِكِ يَوۡمِ ٱلدِّينِ
විනිශ්චය දිනයේ රජු ය.

5 - Al-Fatihah (The Opener) - 005

إِيَّاكَ نَعۡبُدُ وَإِيَّاكَ نَسۡتَعِينُ
ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.

6 - Al-Fatihah (The Opener) - 006

ٱهۡدِنَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ
අපට ඍජු මඟ පෙන්වනු මැනව.

7 - Al-Fatihah (The Opener) - 007

صِرَٰطَ ٱلَّذِينَ أَنۡعَمۡتَ عَلَيۡهِمۡ غَيۡرِ ٱلۡمَغۡضُوبِ عَلَيۡهِمۡ وَلَا ٱلضَّآلِّينَ
ඔබ කවරෙකුට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපයට ලක් වූවන් හෝ මුළාවූවන්ගේ මාර්ගය නො ව.

[sc name="verse"][/sc]

Scroll to Top