සැබැවින්ම ඉස්ලාමය, ඊට පෙර පැවති දෑ (පාපකම්) විනාශ කර දමන බවත් හිජ්රත් හෙවත් නික්මයෑම, ඊට පෙර පැවැති දෑ විනාශ කරන බවත් හජ් වන්දනාව, ඊට පෙර පැවති දෑ විනාශ කරන බවත් ඔබ දන්නෙහි ද?
ඉබ්නු ෂමාසා අල් මිහ්රී විසින් වාර්තා කරන ලදී. අපි අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා හමුවට ගියෙමු. එතුමා මරණාසන්නයේ පසුවීය. දිගු වේලාවක් එතුමා හැඩීය. එතුමාගේ මුහුණ බිත්තිය දෙසට හරවා ගත්තේය. පසුව එතුමාගේ පුත්: අහෝ පියාණනි! අල්ලාහ්ගේ දූතයාණන් ඔබට මේ ගැන ශුභාරංචි…

