අපට පිරිනමනු ලැබිය යුතු දෑ මෙලොවෙහි අපට පිරිනමනු ලැබීය. අපගේ කුසල් අපට ඉක්මන් කර දෙනු ලබනු ඇතැයි සැබැවින්ම අපි බිය වීමු.
Choose an available translation of this Hadeeth
Hadeeth text
ඉබ්රාහීම් ඉබ්නු අබ්දුර් රහ්මාන් ඉබ්නු අවුෆ් විසින් වාර්තා කරන ලදී. අබ්දුර් රහ්මාන් ඉබ්නු අවුෆ් - රළියල්ලාහු අන්හු - තුමා උපවාසය රකින්නෙකුව සිටිය දී එතුමා වෙත ආහාරයක් ගෙන එන ලදී. එවිට එතුමා, “මුස්අබ් ඉබ්නු උමය්ර් -රළියල්ලාහු අන්හු- තුමා ඝාතනය කරනු ලැබීය. ඔහු මට වඩා ශ්රේෂ්ඨය. කෆන් කරනු ලැබීමට ඔහු පොරෝණයක් හැර කිසිවක් නොලැබී්ය. එමගින් හිස ආවරණය කරන විට එතුමාගේ පාද දෙක නිරාවරණය වෙයි. එතුමාගේ පාද දෙක ආවරණය කරන විට එතුමාගේ හිස නිරාවරණය වෙයි. පසුව මෙලොවෙහි විස්තීරණ කරනු ලැබූ දෑ අපට විස්තීරණ කරනු ලැබීය. එසේ නැතිනම් අපට පිරිනමනු ලැබිය යුතු දෑ මෙලොවෙහි අපට පිරිනමනු ලැබීය.- අපගේ කුසල් අපට ඉක්මන් කර දෙනු ලැබී ඇතැයි සැබැවින්ම අපි බිය වීමු.“ යැයි එතුමා පැවසූහ.
Explanation
උහද් යුද දිනයේ කොඩිය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාට පිරිනැමීය. එහිදී එතුමා දිවි පිදූහ. ඔහු සමග රෙදි කඩක් පමණක් විය. එයින් ඔහුගේ හිස ආවරණය කළ විට ඔහුගේ දෙපා හෙළි විය.එමෙන්ම ඔහුගේ දෙපා ආවරණය කළ විට හිස හෙළි විය. හේතුව එය එතරම් කුඩා රෙදි කඩක් වූ බැවිනි. පසුව එමගින් ඔහුගේ හිස වසා දමන ලෙසටත් ඔහුගේ දෙපා ඉද්හර් හෙවත් පැළෑටි වර්ගයකින් වසා දමන ලෙසටත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අණ කළහ.
මෙම ශ්රේෂ්ඨ මිනිසා ගැන අබ්දුල්ලාහ් ඉබ්නු අවුෆ් තුමා මෙනෙහි කරන්නට විය. පසුව, “සැබැවින්ම ඔවුන් ඉකුත්ව ගොස් ඇත. මෙලොවෙහි අල්ලාහ් ජය ලබා දුන් දැයින් ඝනීමත් හෙවත් යුද්ධයේදී සතුරා විසින් අතහැර පළා ගිය වස්තූන් බොහෝමයක් ඔවුනට පසු පැමිණෙන්නන් සඳහා භාර දී ඇත“ යැයි පැවසූහ. එය සූරා අල් ෆත්හ් හි 19 වැනි පාඨය මෙසේ දන්වා සිටියි. ‘‘යුද්ධයේදී සතුරා විසින් හැර දමා ගිය දෑ බොහෝමයකි. ඔවුහු එය අරගත්තාහ.“
පසුව අබ්දුර් රහ්මාන් ඉබ්නු අවුෆ් -රළියල්ලාහු අන්හු- තුමා: අපගේ කුසල් අපට ඉක්මන් කර දෙනු ලැබී ඇතැයි සැබැවින්ම අපි බිය වීමු යැයි පැවසූහ. එනම්: අල් ඉස්රා පරිච්ඡේදයේ 18 වැනි පාඨයේ සඳහන්, “කවරෙකු මෙලොව පතන්නේ ද අපි ප්රිය කරන අයට අපගේ අභිමතය පරිදි එහි ඔහුට ඉක්මන් කර දෙන්නෙමු. පසු ව නිරය ඔහුට නියම කරන්නෙමු. ඔහු එහි අවමානයට ලක් වූ අභාග්ය සම්පන්නයෙකු සේ පිවිස දැවෙනු ඇත.“ යන කියමනට හෝ අල් අහ්කාෆ් පරිච්ඡේදයේ 20 වැනි පාඨයේ සඳහන්, “තවද ප්ර්තික්ෂේප කළවුන් (නිරා) ගින්නට ඉදිරිපත් කරනු ලබන දින නුඹලාගේ මෙලොව ජීවිතයේ දී නුඹලාගේ යහපත් දෑ නුඹලා පහ කර යවා ඇත. තවද නුඹලා ඒවා භුක්ති විඳ ඇත. එහෙයින් අද දින නුඹලා කිසිදු සාධාරණයකින් තොරව උඩඟුකම් පෑ හේතුවෙන් ද නුඹලා පාපකම් සිදුකරමින් සිටි හේතුවෙන් ද නින්දිත දඬුවම ප්ර්තිඵල වශයෙන් දෙනු ලබන්නෙහුය.“ යන වාක්යයට අදාළ අභාග්ය වන්තයකු බවට අප පත් වී ඇත්තෙමු දැයි බිය වීමු යන්නයි. මෙය උමර් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කළ හදීසය පරිදිය. ඔවුන් තුළ බියක් ඇති වීමට හේතු වූයේ බොහෝ විට මේ නිසාය. එහෙයින් එතුමා තමන්ගේ යහකම් සඳහා වූ ප්රතිඵල මෙලොවෙහිම ඉක්මන් කොට පිරිනමා ඇතැයි බියට පත් වූහ. තමන්ට පෙර ඉකුත්ව ගිය දැහැමියන් සමඟ තමන්ට එක්විය නොහැකිවේදෝයි යන බියෙන් ඇඬූහ. පසුව එතුමා එම ආහාරය ප්රතික්ෂේප කළහ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

