“කවරෙකු දිවුරා හිදිමින් මුස්ලිම් පුද්ගලයකුගේ උරුමය කපා හැරියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට අපා ගින්න අනිවාර්යය කළේය. එමෙන්ම ස්වර්ගය ඔහුට තහනම් කළේය.” එවිට පුද්ගලයෙක්: "අල්ලාහ්ගේ දූතයාණනි! එය සුළු දෙයක් වූවත් එසේදැ?"යි එතුමාණන්ගෙන් විමසීය. එවිට "අරාක් (මිස්වාක්) දැහැටියක් වුව ද එලෙසමය" යැයි එතුමාණන් පැවසූහ
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ උමාමා ඉයාස් ඉබ්නු සඃලබා අල් හාරිසී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු දිවුරා හිදිමින් මුස්ලිම් පුද්ගලයකුගේ උරුමය කපා හැරියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට අපා ගින්න අනි…

