HadeethEnc · 1.24.0
“කවරෙකු දිවුරා හිදිමින් මුස්ලිම් පුද්ගලයකුගේ උරුමය කපා හැරියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට අපා ගින්න අනිවාර්යය කළේය. එමෙන්ම ස්වර්ගය ඔහුට තහනම් කළේය.” එවිට පුද්ගලයෙක්: "අල්ලාහ්ගේ දූතයාණනි! එය සුළු දෙයක් වූවත් එසේදැ?"යි එතුමාණන්ගෙන් විමසීය. එවිට "අරාක් (මිස්වාක්) දැහැටියක් වුව ද එලෙසමය" යැයි එතුමාණන් පැවසූහ
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ උමාමා ඉයාස් ඉබ්නු සඃලබා අල් හාරිසී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු දිවුරා හිදිමින් මුස්ලිම් පුද්ගලයකුගේ උරුමය කපා හැරියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට අපා ගින්න අනිවාර්යය කළේය. එමෙන්ම ස්වර්ගය ඔහුට තහනම් කළේය.” එවිට පුද්ගලයෙක්: "අල්ලාහ්ගේ දූතයාණනි! එය සුළු දෙයක් වූවත් එසේදැ?"යි එතුමාණන්ගෙන් විමසීය. එවිට "අරාක් (මිස්වාක්) දැහැටියක් වුව ද එලෙසමය" යැයි එතුමාණන් පැවසූහ
02
Explanation
මුස්ලිම්වරයකුගේ අයිතිය අහිමි කරනු පිණිස, දැන දැනම බොරු පවසමින් අල්ලාහ් මත දිවුරා සිටීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. සැබැවින්ම එහි ප්‍රතිවිපාකය වනුයේ අපා ගින්න උරුමකර ගැනීම හා ස්වර්ගය තහනම් කර ගැනීමය. එය මහා පාපයන්ගෙන් එකකි. එවිට මිනිසෙක්, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි" දිවුරා සිටිනු ලබන දෑහි ස්වල්පයක් තිබුණේ නම්?" යැයි විමසා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, "එය අරාක් නම් ගසින් ගනු ලබන සිවාක් (දත් මදින) දැහැටියක ප්‍රමාණයෙන් වුව ද එලෙසමය" යැයි පැවසූහ.
03
Benefits
අන් අයගේ අයිතින් උල්ලංඝනය කිරීම ගැන අවවාදය. සුළු ප්‍රමාණයක් වුව ද අදාළ තැනැත්තාගේ අයිතිය රැකීමට උනන්දු කිරීම. වැරදි තීන්දුවක් ලබා දෙන විනිශ්චකරුවකුගේ තීන්දුව, මිනිසෙකු සතු නොවන දේ කිරීමට ඉඩ දෙන කල්තාක් එය අනුමත නොවන්නේය.
නවවි තුමා මෙසේ පවසයි: "මුස්ලිම්වරුන්ගේ අයිතීන් තහනම් කිරීම වරදකි. එම අයිතිය සුළු වුව ද විශාල වුව ද එහි වෙනසක් නැත. එය අරාක් දැහැටියක් වුව ද යන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය නිසාවෙනි."
නවවි තුමා මෙසේ පවසයි: "මෙම දඬුවම නියම වනුයේ මුස්ලිම්වරයකුගේ අයිතිය උල්ලංඝණය කර පාපක්ෂමාව ඉල්ලීමට පෙර මිය ගිය තැනැත්තන් හටය. කවරෙකු පාපක්ෂමාවෙහි නිරත වී, තමන් කළ ක්‍රියාව ගැන පසුතැවිලි වී, එම උරුමය නැවත අදාළ තැනැත්තාට ලබා දී, එයින් නිදහස් වී නැවතත් ඒ වෙත නො හැරෙන බවට ස්ථීරව තීරණය කළේ ද, ඔහුගෙන් එම පාපය ඉවත් වනු ඇත.
කාළි තුමා මෙසේ පවසයි. මුස්ලිම්වරයා සම්බන්ධව විශේෂයෙන් සඳහන් කර ඇත්තේ ඔවුන් ආමන්ත්‍රණය කරනු ලබන උදවිය වන බැවින් හා ෂරීආ පිළිවෙත පිළිපදින පොදු ජනතාව වන බැවිනි. නමුත් මුස්ලිම් නොවන තැනැත්තා ඔහුට වඩා වෙනස් වුව ද එහිදී ඔහුගේ නීතිය මොහුට ද අදාළ වන්නේය."
නවවි තුමා මෙසේ පවසයි. "බොරුව යනු පවතින දෑට පටහැනිව යම් දෙයක් පිළිබඳ දන්වා සිටීමය. එය උවමනාවෙන් හෝ අමතක වීමෙන් හෝ විය හැක. එය අතීතයේ සිදු වූවක් හෝ වර්තමානයේ සිදුවන්නට යන දෙයක් පිළිබඳ තොරතුරක් වුව ද එක සමානය.

Attribution
[رواه مسلم]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares