HadeethEnc · 1.24.0
සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් වර්ණ නොගන්වති. එහෙයින් ඔවුනට වෙනස් අයුරින් ඔබලා කටයුතු කරනු.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදි. "සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් වර්ණ නොගන්වති. එහෙයින් ඔවුනට වෙනස් අයුරින් ඔබලා කටයුතු කරනු."
02
Explanation
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ දන්වා සිටියි. සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් ඔවුන්ගේ හිස කෙස් හා ඔවුන්ගේ රැවුල් වර්ණ නොගන්වති. ඉඳුනු කෙස් එලෙසම තිබෙන්නට ඉඩ හරිති. එහෙයින් හිස කෙස් වර්ණ ගැන්වීමෙන් හා හිසට හා රැවුලට මෙහෙන්දි භාවිත කිරීමෙන් ඔවුනට වෙනස්ව කටයුතු කරනු යැයි එතුමා අණ කර සිටියහ.
Attribution
[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

