මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි යහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට ස්වර්ගය නියම විය. මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි අයහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට අපා ගින්න නියම විය. නුඹලා මහපොළොවේ සාක්ෂිකරුවෝ වෙති.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ඔවුහු ජනාසාවක් අසළින් ගමන් ගත්තෝය. එවිට ඒ ගැන යහපත කියමින් පැසසුමට ලක් කළෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‘එය නියම විය’ යැයි පැවසූහ. පසුව, තවත් ජනාසාවක් අසළින් ගමන් ගත්තෝය. එවිට ඒ ගැන අයහපත කියමින් වර්ණනා කළෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‘එය නියම විය.’ යැයි පැවසූහ. පසුව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා ‘නියම වූයේ කුමක් ද?’ යැයි විමසීය. එවිට එතුමාණෝ: “මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි යහපත පැසසුමට ලක් කළ අයෙකි. එබැවින් ඔහුට ස්වර්ගය නියම විය. මොහු වනාහි, නුඹලා මොහු කෙරෙහි අයහපත වර්ණනා කළ අයෙකි. එබැවින් ඔහුට අපා ගින්න නියම විය. නුඹලා මහපොළොවේ සාක්ෂිකරුවෝ වෙති.” යැයි පැවසූහ.
Explanation
පසුව සැබැවින්ම සත්යය, භාග්යවන්ත හා දැහැමි ජනයා කවරෙකු සම්බන්ධයෙන් ඔහුට ස්වර්ගය හිමිය යැයි හෝ නිරය හිමිය යැයි හෝ සාක්ෂි දැරුවෝ ද සැබැවින්ම ඔහු එලෙසම වනු ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

