නුඹලා අතරින් කිසිවකු හෝ වේවා, අපා ගින්නෙන් වූ අසුනක් හෝ ස්වර්ගයෙන් වූ අසුනක් හෝ ඔහුට නියම කෙරී තිබෙනු මිස නැත.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ‘බකීඃ අල් අර්කද්’ නම් ස්ථානයේ ජනාසාවකට සහභාගී වී සිටියෙමු. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ අප වෙත පැමිණ; වාඩි වූහ. අප ද එතුමා වටා වාඩි වූයෙමු. එතුමා සතුව නැවුනු හිසක් සහිත සැරයටියක් විය. පසුව එතුමා පහත් වී එතුමාගේ සැරයටියෙන් පොළව ගරහන්නට වූහ. පසුව එතුමා: “නුඹලා අතරින් කිසිවකු හෝ වේවා, අපා ගින්නෙන් වූ අසුනක් හෝ ස්වර්ගයෙන් වූ අසුනක් හෝ ඔහුට නියම කෙරී තිබෙනු මිස නැත.” යැයි පැවසීය එවිට ඔවුහු: අල්ලාහ්ගේ දූතයාණනි! අපට නියම කළ දෑ මත අපි සිටිය යුතු නොවේ ද? එවිට එතුමා “නුඹලා නැමදුම් ඉටු කරනු. සියලු දෑ එය කවර කරුණක් සඳහා මවනු ලැබුවේ ද එයට පහසු කරනු ලබන්නක් වේ.” යැයි පැවසූහ. එම හදීසය සම්පූර්ණයෙන්ම මෙනෙහි කළේය.
Explanation
ඔවුන් එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් සවන් දුන් කල්හි, ඔවුහු: සැබැවින්ම අභාග්යවන්තයා අභාග්යවන්තයකු බවටත් භාග්යවන්තයා භාග්යවන්තයකු බවටත් එමෙන්ම ස්වර්ගයේ සිටින්නා ස්වර්ගයේ සිටින බවටත් අපා ගින්නේ සිටින්නා අපා ගින්නේ සිටින බවටත් කල් ඇතිව නියම වී තිබෙන තාක්කල් හෝ තීන්දු කර තිබෙන තාක්කල් කරුණ එසේම පවතී. එසේ නම් නැමදුම් කිරීම අප අත්හැර දමන්න ද? සැබැවින්ම එසේ පරිශ්රමය යෙදීමෙහි කිසිදු ඵලක් නැත. හේතුව සෑම දෙයක්ම සටහන් කරනු ලැබ නියම කෙරි ඇති බැවිණි යැයි පැවසුවෝය.
පසුව ඔවුනට පිළිතුරු වශයෙන් එතුමා: නුඹලා නැමදුම් කටයුතුවල නිරත වන්න. අල්ලාහ් නියම කළ යහපත හෝ අයපත මත පමණක් බැඳී නොසිටින්න. නුඹලාට කවර කරුණක් නියෝග කර ඇත්තේ ද ඒ අනුව කටයුතු කරන්න. කවර කරුණක් නුඹලාට තහනම් කරනු ලැබුවේ ද එයින් වැළකී සිටින්න. සැබැවින්ම ස්වර්ගය ක්රියාව හේතුවෙන් මිස පැමිණෙන්නේ නැත. අපා ගින්න ක්රියාව හේතුවෙන් මිස පැමිණෙන්නේ නැත. නිරා වාසීන්ගේ ක්රියාවන් ඉටු කළ අය හැර වෙනත් කිසිවකු නිරා ගින්නට පිවිසෙන්නේ නැත. ස්වර්ගවාසීන්ගේ ක්රියාවන් ඉටු කළ අය හැර වෙනත් කිසිවෙක් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. සෑම කෙනෙකුම කවර යහපතක් හෝ කවර අයහපතක් වෙනුවෙන් මවනු ලැබ ඇත්තේ ද ඒ සඳහා ඔහුට එය පහසු කරනු ලබන්නක් වේ. එහෙයින් කවරෙකු භාග්යවන්තයින් අතර වූයේ ද අල්ලාහ් ඔහුට භාග්යවන්තයින්ගේ ක්රියාවන් ඉටු කිරීමට පහසු කරනු ඇත. එමෙන්ම කවරෙකු අභාග්ය වන්තයින් අතරින් කෙනෙකු වූයේ ද අල්ලාහ් ඔහුට අභාග්යවන්තයින්ගේ ක්රියාවන් සිදු කිරීමට පහසු කරනු ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

