افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#8910[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

අද දිනට පසුව මාගේ සහෝදරයා වෙත නොඅඬනු.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබ්දුල්ලාහ් ඉබ්නු ජඃෆර් -රළියල්ලාහු අන්හුමා- විසින් දන්වා සිටියි. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ජඃෆර් -රළියල්ලාහු අන්හු- තුමාගේ පවුලට දින තුනක් කල් දුන්හ. පසුව ඔවුන් වෙත පැමිණ මෙසේ පවසා සිටියහ. "අද දිනට පසුව මාගේ සහෝදරයා වෙත නොඅඬනු." යැයි පවසා පසුව තවදුරටත් "ඔබලා මාගේ සහෝදරයාගේ දරුවන් වෙනුවෙන් ප්රාර්ථනා කරන්න" යැයි ප්රකාශ කළහ. පසුව එතුමා අපව කැඳවූහ. අපි කුරුළු පැටව් මෙන් සිටියෙමු. එවිට එතුමා "මා වෙත කරණවෑමියකු ගෙන එනු යැයි පවසා සිටියහ. පසුව එතුමා ඔහුට (හිසකෙස් බාන මෙන්) අණ කළහ. ඔහු අපගේ හිස බෑවේය.
02

Explanation

හදීසයේ තේරුම: සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ජඃෆර්ගේ පවුලේ උදවියට දින තුනක් කල් දී පසුව ඔවුන් වෙත පැමිණියහ.
මුවත්තා යුද්ධයේදී ජඃෆර් ඉබ්නු අබී තාලිබ් දිවිපිදූ අවස්ථාවේ යුද්ධය අවසන් වී දින තුනක් ගත වන තුරු නබි තුමාණෝ ඔහුගේ පවුල වෙත නොගියහ. එසේ දින තුනක් ප්රමාද වී පැමිණෙන්නට හේතුව ඔවුන්ගේ සිත් සන්සුන් වී සිත්තුළ ඇති දුක හා තැවුල තුනී වන්නට ඉඩ හරිමිනි.
පසුව එත්මා ඔවුනට "අද දිනට පසුව මාගේ සහෝදරයා වෙත නොඅඬනු." යැයි පවසා සිටියහ. එනම්: දින තුනකට පසුව ඇඬීමෙන් ඔවුන් වැළැක්වූහ. එය විපතක මුල් අවස්ථාව හා ශෝකයේ කාලය දිගු නොවිය යුතු බැවිනි.
මෙහි සඳහන් වී ඇති තහනම වනුයේ දින තුනින් පසු ඇඬීම නුසුදු ක්රියාවක් සමඟ මුසු වී ඇත්නම් ඒ සඳහා වූ අවවාදයක් ලෙසිනි.
පසුව එතුමා: "ඔබලා මාගේ සහෝදරයාගේ දරුවන් වෙනුවෙන් ප්රාර්ථනා කරන්න" යැයි ප්රකාශ කළහ. ඔවුහු මුහම්මද්, අබ්දුල්ලාහ් හා අව්ෆ් වූහ.
“පසුව එතුමා අපව කැඳවූහ. අපි කුරුළු පැටව් මෙන් සිටියෙමු.
ඔවුන්ගේ පියාගේ විපත ගැන දුකින් ඔවුන් එසේ පෙනෙන්නට විය.
එතුමා "තමන් වෙත කරණවෑමියකු ගෙන එනු යැයි පවසා සිටියහ. පසුව එතුමා ඔහුට (හිසකෙස් කපන මෙන්) අණ කළහ. ඔහු අපගේ හිසකෙස් බෑවේය.“
එනම්: නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඔවුන්ගේ හිස් බාන මෙන අණ කළහ. එසේ හිස කෙස් බාන්නට හේතුවූයේ ඔවුන්ගේ මව අස්මා බින්ත් උමෙය්ස් -රළියල්ලාහු අන්හා- තුමිය තම සැමියා අල්ලාහ්ගේ මාර්ගයේ නිරතව සිටියදී ඔහුට අත් වූ විපත ගැන කණස්සල්ලෙන් සිටි නිසා තම දරුවන්ගේ හිසකෙස් පීරන්නට නොහැකි වූ බැවින් ඔවුන්ගේ හිස් රෝඩු හා උකුණන්ගෙන් පිරී තිබුණි. එය ඉවත් කළ විට තම තම දරුවන්මගේ හිසකෙස් ගැන අවදානය යොමු කිරීමෙන් ඇයට යම් සහනයක් යහපතක් හෝ ප්රයෝජනයක් ලැබෙන බැවිනි.
සැලකිලිමත් වනු පිණිස: යම් කිසි විපතක් වූ විට හිසකෙස් බෑම අනුමත නොවන්නකි. හදීස්හි මෙසේ සඳහන්ව ඇත. “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අස් සාලිකා, අල්හාලිකා, අෂ්-ෂාක්කා යන අයට ශාප කර ඇත්තාහ.
අල් හාලිකා: විපතක දී තම හිසකෙස් බාන්නන්. අෂ්ෂාක්කා: විපතක දී තම ඇඳුම් ඉරා ගන්නන්. අස්සාලිකා: විපතකදී මොර දී කෑ ගසන්නන්. නමුත් මෙහි ජඃෆර් -රළියල්ලාහු අන්හු- තුමාගේ මරණයෙන් පසුව එතුමාගේ දරුවන්ගේ හිස බෑමෙන් බලාපොරොත්තු වූයේ, ඔවුන්ගේ මව ඔවුන්ගේ හිසකෙස් පිළිබඳ සැලකිල්ලක් නොදක්වා සිටි බැවිනි. එවිට එතුමා තුළ රොඩු හා උකුණන් හේතුවෙන් එම දරුවන්ට යම් උවදුරක් සිදු වනු ඇතැයි යන බිය ඇතිවිණ. එහෙයින් එතුමා ඔවුන්ගේ හිසකෙස් බාන මෙන් නියෝග කළහ. හිසකෙස් බෑම විපතක ප්රතිනිරූපණයක් නොවේ.
අවුනුල් මඃබූද්ගේ සුනන් අබූ දාවුද්හි විවරණය: 11/164, ඉබ්නු උසෙය්මිය්යීන්ගේ රියාලුස් සාලිහීන්හි විවරණය: 6/382, උබ්බාද්ගේ සුනන් අබු දාවුද්හි විවරණය: ඉලෙක්ට්රොනික පිටපත.

Attribution

[ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...