එය ඔහුගෙන්ම වූ මස් කැබැල්ලක් නොවේද?
Choose an available translation of this Hadeeth
Hadeeth text
තල්ක් ඉබ්නු අලී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අපි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණියෙමු. එවිට මිනිසෙකු පැමිණියේය. ඔහු ගැමි අරාබි ජාතිකයෙක් මෙන් පෙනුනි. පසුව ඔහු, අල්ලාහ්ගේ නබිවරයාණනි! වුළූ ගත් පසුව තම ලිංගය ස්පර්ශ කළ මිනිසෙකු සම්බන්ධයෙන් ඔබ දකින්නේ කෙසේද? එවිට එතුමා: “එය ඔහුගෙන්ම වූ මස් කැබැල්ලක් නොවේද?“ එසේ නැතිනම් “එයින් වූ මස් කැබැල්ලකි“ යනුවෙන් විමසූහ.
Explanation
අහ්මද්හි සඳහන් තවත් වාර්තාවක, මිනිසෙකු සලාතයේදී තම ලිංගය ස්පර්ශ කරයි. ඔහු වෙත වුළු අනිවාර්යය වේවිද? එවිට එතුමා නැත, “එය ඔබෙන් වූවකි.“ යැයි පැවසූහ.
“එය ඔහුගෙන්ම වූ මස් කැබැල්ලක් නොවේද?“ එසේ නැතිනම් “එයින් වූ මස් කැබැල්ලකි“ යන ප්රකාශය වනාහි,
එනම්, සැබැවින්ම ලිංගය ශරීරයේ සෙසු අවයව මෙන් වූ අවයවයකි. වුළු ගත් අයකු තම අත, තම පාදය, තම නාසය, තම හිස ස්පර්ශ කළ විට එමගින් වුළූ අවලංගු නොවේ. තම ලිංගය ස්පර්ශ කළ විටද එලෙසමය. මෙම හදීසය වෙනස් කරන ලද්දකි. එසේ නැතිනම් තිරයක ආවරණයකින් ලිංගය ස්පර්ශ කිරීම යන නීතිය උසුලන්නකි. ලිංගය අතින් ඍජුව ස්පර්ශ කළේ නම් වුළු අවලංගු වේ. ඒ සඳහා වෙනත් හදීස් වාර්තා වී ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

