සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාගේ බිරියකට සිප, වුළු නොගෙනම සලාතය සඳහා පිටත්ව ගියහ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
උර්වා -රළියල්ලාහු අන්හු- තුමා, ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් ලබා මෙසේ වාර්තා කරයි. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාගේ බිරියකට සිප, වුළු නොගෙනම සලාතය සඳහා පිටත්ව ගියහ. එවිට ඔහු: ඔබ හැර අනෙක් අයට ද? යැයි විමසා සිටියේය. එවිට ඇය සිනහසුනාය.
Explanation
පසුව ආඉෂා තුමිය විසින් ලබා වාර්තා කළ උර්වා -රළියල්ලාහු අන්හා- තුමා මෙම කරුණ වටහා ගත්තේය. සැබැවින්ම මෙම හදීසයේ සඳහන්, නම් නොදරන බිරිය ආඉෂා -රළියල්ලාහු අන්හා යැයි හඳුනා ගත්තේය. ඔහු ඒ ගැන ඇයට දන්වා සිටි කල්හි, ඔහු වටහා ගත් දෑ සහතික කරන අයුරින් ආඉෂා රළියල්ලාහු අන්හා තුමිය සිනහ සුනාය.
“එතුමා වුළු නොගෙන“ යන ප්රකාශ වනාහි එය එහි නීතියේ මූලයයි. මිනිසකු තම බිරිය ස්පර්ශ කිරීමෙන් හෝ ඇය සිප ගැනීමෙන් හෝ පොදුවේ වුළු අවලංගු නොවේ. එය ආශාවෙන් යුතුව හෝ ආශාවෙන් තොරව වුවද එක සමානය. එහි මූලය වුළු සුරක්ෂිතය. පිරිසිදුකම සුරක්ෂිතය යන්නයි. තිරයකින් තොරව ඍජුව ගැටීමෙන් මිස වෙන කිසිවක් වුළු අවලංගු කරන්නේ නැතැයි පැවසීම සුදුසු නොව්. පොදුවේ කාන්තාවක් ස්පර්ශ වීමෙන් වුළු අවලංගු වේ යැයි පෙන්වා දෙන කිසිදු සාධකයක් මෙහි නැත. මූලිකාංගය වනුයේ පිරිසිදු බව පවතින්නේය යන්නයි. ‘අව් ලාමස්තුමුන් නිසා“ යන කුර්ආන් පදයට නිවැරදි අර්ථ කථනය වනුයේ සංසර්ගයේ නිරත වීම යන්නයි. එමෙන්ම “අව් ලමස්තුමුන් නිසා“ යනුවෙන් කියැවී ඇත. එයින් අදහස් කරන්නේද සංසර්ගයයි. ඉබ්නු අබ්බාස් තුමා හා තවත් විද්වතුන් පිරිසක් සඳහන් කර ඇත්තේ එලෙසය.
හේතුව පොදුවේ මිනිසකු තම බිරිය සිප ගැනීමෙන් කාමාශාව ඇති වේ. ඒ අනුව ආශාවෙන් යුතුව බිරිය ස්පර්ශ කිරීම වුළු අවලංගු නොවන බව පෙන්වා දෙයි. නමුත් ඒ හේතුවෙන් යමක් පිටවන්නේ නම් වුළු අවලංගු වන්නේය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

