යැයි විමසා සිටියහ. ආරම්භකයින් මෙන්ම අවසානයින් එකම තැනක අල්ලාහ් එක් රැස් කරනු ඇත. ඇරයුම ඔවුනට සවන් වැකෙන්නටත් බැල්ම ඔවුන් දකින්නටත් සළස්වනු ඇත. හිරු ඔවුනට සමීප වෙයි. එවිට ජනයාට දරාගත නොහැකි ඉසිලිය නොහැකි වේදනා හා ව්‍යසන ඔවුනට ළඟා වනු ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මස් ව්‍යාංජනයක් ගෙන එන ලදී. පසුව එළු ගාතක් එතුමා වෙත පිළිගන්වනු ලැබීය. එය එතුමාට වඩාත් ප්‍රියමනාප විය. පසුව එතුමා එයින් කොටසක් සපා අනුභව කළහ. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ: “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම ජනයා අතර ප්‍රධානියා වෙමි. ඒ ගැන නුඹලා දන්නෙහු ද?" යැයි විමසා සිටියහ. ආරම්භකයින් මෙන්ම අවසානයින් එකම තැනක අල්ලාහ් එක් රැස් කරනු ඇත. ඇරයුම ඔවුනට සවන් වැකෙන්නටත් බැල්ම ඔවුන් දකින්නටත් සළස්වනු ඇත. හිරු ඔවුනට සමීප වෙයි. එවිට ජනයාට දරාගත නොහැකි ඉසිලිය නොහැකි වේදනා හා ව්‍යසන ඔවුනට ළඟා වනු ඇත. එවිට ජනයා: “නුඹලාට ළඟා වී ඇති දෑ ගැන සිතා නො බැලුවෙ හි ද? නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා වෙනුවෙන් මැදිහත් වන්නන් කවුරුන්දැයි නුඹලා සොයා නොබැලුවෙහි ද? එවිට ඇතැම් ජනයා ඇතැමුන්ට: “නුඹලාට ආදම් සිටියි” යැයි පවසයි. එවිට ඔවුහු ඔහු වෙත ගොස්: “අහෝ ආදම් ඔබ මිනිස් පියාණන්ය. අල්ලාහ් තම අතින්ම ඔබ ව මවා ඇත. ඔහුගේ ජීවයෙන් ඔබ තුළට පිඹ ඇත. මලක්වරුන්ට (සුජූද් කරන්නට) නියම කළ විට ඔවුහු නුඹට සුජූද් කළෝය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත ඔබ මැදිහත් වන්න. අපි සිටින්නේ කොහේදැයි ඔබ නොදුටුවෙහි ද? අපට අත් ව ඇති දෑ ඔබ නොදැක්කෙහි ද? යැයි විමසති. එවිට ආදම් සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත. “සැබැවින්ම ගස මට තහනම් කර තිබිණ. නමුත් මම ඔහුට පිටුපෑවෙමි. "අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය!" යැයි පවසා නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා නූහ් වෙත යන්න” යැයි ඔහු පවසයි. පසුව ඔවුහු නූහ් වෙත පැමිණ: “අහෝ නූහ්! පොළෝ වාසීන් වෙත එවන ලද පළමු ධර්ම දූතයා සැබැවින්ම ඔබ ය. අල්ලාහ් ඔබට ‘කෘතවේදී ගැත්තා’ යැයි නම් තැබීය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අපි සිටින්නේ කවර තත්ත්වයක දැයි ඔබ නොදුටුවෙහි ද? අපට අත් ව ඇති දෑ ඔබ නොදැක්කෙහි ද?" යැයි පවසති. එවිට ඔහු "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත. සැබැවින්ම මට සතුව ප්‍රාර්ථනාවක් විය. මම එමගින් මාගේ ජනයාට එරෙහිව ප්‍රාර්ථනා කළෙමි. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය!" යැයි පවසා, "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඉබ්රාහීම් වෙත යන්න." යයි කීහ.පසුව ඔවුහු ඉබ්රාහීම් වෙත පැමිණ ඔහුට මෙසේ පවසති. "අහෝ ඉබ්රාහීම්, ඔබ අල්ලාහ්ගේ නබිවරයෙකි. පොළෝවාසීන් අතරින් ඔබ ඔහුගේ මිතුරෙකි. එබැවින් අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වී කතා කරනු. අප කවර කරුණක සිටින්නේ දැයි ඔබ නොදුටුවෙ හි ද?" එවිට ඔහු ඔවුනට මෙසේ පවසයි. "මීට පෙර කිසිකලෙක කෝප නොවූ අයුරින් මින් පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් සැබැවින්ම මාගේ පරමාධිපති අද දින කෝපවී ඇත. එමෙන්ම සැබැවින්ම මම බොරු තුනක් පවසා ඇත්තෙමි. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය!" යැයි පවසයි. "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මූසා වෙත යන්න" යැයි ඔහු පවසයි. පසුව ඔවුහු මූසා වෙත ගොස්: "අහෝ මූසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. අල්ලාහ් ඔහුගේ දූත මෙහෙය හා ඔබ ඔහු සමග කතා කිරීම තුළින් ඔහු ඔබව ජනයා අතර භාග්‍යවන්තයකු බවට පත් කර ඇත. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහි ද?" යැයි පවසති. එවිට ඔහු, "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මින්පසු පවා එලෙස කෝප නොවන පරිදි අද දින ඔහු දැඩි සේ කෝප වී ඇත. සැබැවින්ම මම ඝාතනය කිරීමට නියෝග කරනු නොලැබූ ආත්මයක් මරා දමා ඇත්තෙමි. අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! ඔබ වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඊසා වෙත යන්න" යැයි පවසයි. පසුව ඔවුහු ඊසා වෙත ගොස්, "අහෝ ඊසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. මර්යම් වෙත හෙළු ඔහුගේ වදනකි. ඔහුගෙන් වූ ආත්මයකි. ඔබ තොටිල්ලේ සිටියදී ජනයා සමග කතා කර ඇත්තෙහිය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වනු. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහිද?” යැයි පවසති. එවිට ඊසා: “සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මීට පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින ඔහු දැඩි සේ කෝප වී සිටියි. නමුත් හෙතෙම පාපයක් සඳහන් කළේ නැත. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මගේ ආත්මය! නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත යන්න” යැයි පවසයි. පසුව ඔවුන් මුහම්මද් වෙත පැමිණ මෙසේ පවසති. "අහෝ මුහම්මද්! ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගේ මුද්‍රාවය. ඔබේ පෙර පව් හා පසු පව්වලට අල්ලාහ් ඔබට සමාව දී ඇත්තේය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර තත්ත්වයක සිටින්නේ දැයි ඔබ නොදකින්නෙහි ද?" පසුව මම ගමන් කරමින් අර්ෂ් හෙවත් දේව රාජ්‍යයේ පහළට පැමිණ, මාගේ පරමාධිපතිට සුජූද් කර වැද වැටෙමි. පසුව මට පෙර වෙනත් කිසිවකුට විවෘත නොකළ ඔහුගේ ප්‍රශංසාවන් හා අලංකාර පැසසුම් මා වෙත අල්ලාහ් විවෘත කරයි. පසුව මෙසේ ප්‍රකාශ කරනු ලැබේ. “අහෝ මුහම්මද්! ඔබේ හිස ඔසවන්න. ඉල්ලන්න. ඔබට එය පිරිනමනු ලැබේ. මැදිහත් වන්න. ඔබට මැදිහත් වීමට ඉඩ දෙනු ලැබේ." යැයි පවසනු ලැබේ. පසුව මාගේ හිස මම ඔසවා ගනිමින්, අහෝ මාගේ පරමාධපතියාණනි! මාගේ ප්‍රජාව, අහෝ මාගේ පරමාධිපතියාණෙනි! මාගේ ප්‍රජාව! අහෝ මගේ පරමාධිපතියාණනි මාගේ ප්‍රජාව! යනුවෙන් පවසමි. එවිට "අහෝ මුහම්මද් කිසිදු විනිශ්චයක් නොමැති ඔබේ ප්‍රජාව සමග ස්වර්ගයේ දොරටුවලින් දකුණු දොරටුවෙන් ඇතුලු වන්න. ඔවුහු සෙසු දොරටුවල ඉතිරිව සිටි පිරිසකි. පසුව එතුමා, "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ස්වර්ගයේ දොරටු අතරින් දොරටු දෙකක් අතර ඇති දුර ප්‍රමාණය මක්කා හා හිම්යර් අතර පවතින දුර හෝ මක්කාව හා බුස්රා අතර පවතින දුර හා සමානය."
Explanation
Benefits
මිනිසුන් සියලු දෙනාට වඩා අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මහිමයට පත් කිරීම.
කාළි ඉයාල් තුමා මෙසේ පවසයි. "නායකයා යනු තම ජනතාව අභිබවා යන්නෙකි. දුෂ්කර කාලවලදී ඔහු වෙත ජනයා පිටත්ව යති. ඒ අනුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙලොව මෙන්ම මතුලොවෙහි ඔවුන්ගේ නායකයාය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විශේෂයෙන් පවසා ඇත්තේ එහි ගෞරවය ඉහළ යන නිසාවෙනි. ඔවුන් සියලු දෙනාම ඔහුට යටත් වෙයි. ආදම් මෙන්ම ඔහුගේ සියලුම දරුවෝ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ධජය යටතේ සිටිති."
අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ආරම්භයේ විමසා සිටීමට ඉඩ නොදී ආදම්ගෙන් හා සෙසු අයගෙන් විමසා සිටීමට ඔවුනට අල්ලාහ් ඉඩ සලසා දීමේ ප්‍රඥාව නම් එතුමාන්ගේ මහිමය විදහා පෑමය. ධූරයේ ඉහළම මට්ටමේ හා සමීපභාවයේ පරිපූර්ණත්වයේ අවාසනය එයයි.
ගැත්තෙකුගෙන් යම් අවශ්‍යතාවක් අපේක්ෂා කරන්නාට ඔහු ඉදිරියේ වගකිව යුතු ඔහුගේ යහපත් ගුණාංග ඉදිරිපත් කිරීම ආගමානුගත කර ඇත. එය පිළිතුරු සඳහා අභියෝගයක් වනු පිණිසය.
තමන්ට කළ නොහැකි කරුණක් ගැන විමසනු ලබන තැනැත්තා ඔහුට පිළිගත හැකි කරුණු ඉදිරිපත් කරමින් නිදහසට කරුණු දැක්වීම සඳහා ඔහුට අවසරය ඇත. ඒ සම්බන්ධයෙන් තමන්ට වඩා හැකියාවක් ඇත්තකු සිටින බව කෙනෙක් සිතන්නේ නම් අදාළ තැනැත්තා වෙත මඟ පෙන්වීම සතුටුදායක වේ.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින රැස්කරනු ලබන ස්ථානයේ බිහිසුණුකම සහ නවාතැනෙහි තීව්‍රත්වය පැහැදිලි කිරීම.
නබිවරුන්ගේ නිහතමානිකම. ඔවුන්ගේ අතීතය සිහිපත් කළ විට, තමන් මේ තනතුරට වඩා පහත් යැයි හැඟවීම.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැදිහත් වීමේ අතිමහත් අවස්ථාව සහතික කිරීම. එය මැවීම් අතර විනිශ්චය කිරීම සඳහා වන්නකි.
"අල්-වසීලා" හෙවත් උදව් පැතීම හා "අල්-මකාමුල් මහ්මූද්" හෙවත් අල්ලාහ්ගේ දූතයාණන් සතු ප්‍රශංසනීය ස්ථානය ගැන සහතික කිරීම.
සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රශංසා නිමක් නැත. එබැවින් අල්ලාහ් තම දූතයාට මෙම යහපත් ප්‍රශංසාව සඳහා ඔහුට පෙර කිසිවෙකුට විවෘත නොකළ දෙයක් විවෘත කර දෙයි.
ශ්‍රේෂ්ටතම ප්‍රජාව මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රජාව බව පැහැදිලි කිරීම. ස්වර්ගයට පිවිසීමේ දී ඔවුනට විශේෂ අවස්ථාවන් ඇත. ඒ අතරින් විශේෂ වන්නේ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඇතැමුන් පිවිසීමය. අනෙකුත් දොරටු වල සිටින මිනිසු ද සහභාගී වෙති.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

