افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3573[صحيح]
HadeethEnc · 1.24.0

“ස්වර්ගවාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? දුර්වල හා දුර්වල කරන ලැබූ සෑම කෙනෙකුමය. එවැන්නෙකු අල්ලාහ් මත දිවුරා සිටියේ නම් ඔහු ඔහුට උපකාර කරනු ඇත. නිරා වාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? අහංකාර උද්දච්ඡ උඩඟුකම් පාන සෑම කෙනෙකුමය.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් හාරිසා ඉබ්නු වහබ් අල්-කුසාඊ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ස්වර්ගවාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? දුර්වල හා දුර්වල කරන ලැබූ සෑම කෙනෙකුමය. එවැන්නෙකු අල්ලාහ් මත දිවුරා සිටියේ නම් ඔහු ඔහුට උපකාර කරනු ඇත. නිරා වාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? අහංකාර උද්දච්ඡ උඩඟුකම් පාන සෑම කෙනෙකුමය.”
02

Explanation

ස්වර්ගවාසීන් හා අපාවාසීන්ගේ ඇතැම් ගුණාංග පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා ඇත.

ස්වර්ගවාසීන් අතරින් බහුතරයක් දෙනා වනාහි, අල්ලාහ් වෙනුවෙන් නිහතමානීව කටයුතු කරන සෑම නිහතමානී කෙනෙකුමය. එනම්, අල්ලාහ්ට යටහත් වී, නිහතමානීව කටයුතු කරන, ඔහු වෙනුවෙන් තමන්ව පහත් කරන අය වෙති. එය කෙතරම්ද යත් ඇතැම් මිනිසුන් ඔහු දුර්වලයකු සේ සලකති. ඔහුව අවමානයෙන් බලති. එවැන්නෙකු අල්ලාහ්ගේ උපකාරය සම්බන්ධයෙන් ඔහු මත කැමැත්තෙන් දිවුරා සිටියේ නම්, ඔහු ඔහුට උපකාර කරනු ඇත. ඔහු කවර කරුණක් සම්බන්ධයෙන් දිවුරා සිටියේ ද එය ඔහුට සහතික කරනු ඇත. ඔහුගේ ඉල්ලීම හා ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ඇත.

අපා ගින්නේ බහුතරයක් දෙනා වනාහි: ඔවුන් 'උත්ලුන්' උද්දච්ඡකම ඇති අය වෙති. ඔහු රළු, දරුණු, දැඩි සේ රණ්ඩු සරුවල් හෝ දූෂිතකම් කරන යහපතට නොනැමෙන අයකි. එමෙන්ම 'ජව්වාල්' යන අහංකාරය ඇති අයෙකි. ඔහු අධික ලෙස අනුභව කරන, විශාල ශරීරයක් ඇති, ඔහුගේ ඇවිදීමේදී අහංකාරකම පෙන්වන, නරක ගුණාංග ඇති අයකි. 'මුස්තක්බර්' උඩඟුකම ඇති අයෙකි. ඔහු සත්‍යය ප්‍රතික්ෂේප කරමින් සහ අන්‍යයන් අවමානයෙන් බලමින් උඩඟුව කටයුතු කරන අයකි.
03

Benefits

ස්වර්ගවාසීන් ගැන විස්තර කරන ලද ගුණාංග සම්බන්ධයෙන් උනන්දු කරවීම හා නිරාවාසීන්ගේ ගුණාංග සම්බන්ධයෙන් අවවාද කිරීම.
සර්වබලධාරී අල්ලාහ්ට මෙන්ම ඔහුගේ නියෝගය හා ඔහුගේ තහනම් නියෝග සඳහා නිහතමානී විය යුතු අතර ඔහු ඒ දෙකටම අවනත විය යුතුය. තවද ඔහු මිනිසුන් සමග කටයුතු කළ යුත්තේ උඩඟුකිමින් තොරවය.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: මින් අදහස් කරන්නේ ස්වර්ගයේ බහුතරයක් දෙනා මෙවැන්නන් වන බවයි. එමෙන්ම නිරයේ බහුතරයක් දෙනා අනෙක් ගුණාංගයට අයත් අය වන බවයි. එය ස්වර්ගයෙහි හා අපයෙහි සම්පූර්ණව ඔවුන් වනු ඇතැයි අදහස් නො කෙරේ.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...