افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#66530[صحيح]
HadeethEnc · 1.24.0

ඔබ වැදගත් කරුණක් පිළිබඳව විමසා ඇත. අල්ලාහ් කවරෙකුට පහසු කළේ ද ඔහුට එය පහසුය

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මා ස්වර්ගයට ප්‍රවේශ කරවන, අපා ගින්නෙන් මා දුරස් කරවන ක්‍රියාවක් මට දැනුම් දෙන්න" යැයි පැවසුවෙමි. එතුමාණෝ මෙසේ පවසා සිටියහ. "ඔබ වැදගත් කරුණක් පිළිබඳව විමසා ඇත. අල්ලාහ් කවරෙකුට පහසු කළේ ද ඔහුට එය පහසුය. ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නො කරන්න. සලාත් ඉටු කරන්න; සකාත් දෙන්න. රමළාන් මාසයේ උපවාසයේ යෙදෙන්න. දේව නිවසෙහි හජ් ඉටු කරන්න." පසුව මෙසේ ද ප්‍රකාශ කළහ: යහපතේ දොරටු පිළිබඳ මම ඔබට පෙන්වා දෙන්න ද? උපවාසය පළිහකි. ජලය ගින්න නිවා දමන්නාක් මෙන් දානය වැරදි මකා දමනු ඇත. මධ්‍යම රාත්‍රියේ මිනිසා ඉටු කරන සලාතය. පසුව මෙසේ පාරායන කර පෙන්වූහ. "තතජාෆා ජුනූබුහුම් අනිල් මලාජිඉ" සිට "බලග යඃමලූන්" දක්වා. පසුව එතුමාණෝ: "විෂය ශීර්ෂය එහි කුළුන හා එහි මුදුන් මුල ගැන මා ඔබට දන්වන්න ද?" යැයි විමසූහ. එවිට මම "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පැවසුවෙමි. එතුමාණෝ: "විෂය ශීර්ෂය ඉස්ලාමයයි. එහි කුළුන සලාතයයි. එහි මුදුන් මුල ජිහාදයයි." යැයි පැවසූහ. පසුව එතුමාණෝ "ඒ සියල්ල හිමි කර දෙන මුඛ්‍ය කරුණ ගැන ඔබට දන්වන්න ද?" යැයි විමසූහ. මම: "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පැවසුවෙමි. එවිට එතුමාණෝ තම දිව අල්ලාගෙන "මෙය වළක්වා ගන්න" යැයි පැවසූහ. මම: "අල්ලාහ්ගේ නබිවරයාණනි, අපි කතා කරන දැයින් ග්‍රහණය කරනු ලබන්නෙම් ද? එවිට එතුමාණෝ: "ඔබේ මවට ඔබ අහිමි වේවා1! මිනිසුන් ඔවුන් මුණින් අතට -හෝ ඔවුන්ගේ නාසය මත- වැටෙන්න සළස්වන්නේ ඔවුන්ගේ දිවවල් සොයාගත් අස්වැන්න හැර වෙනත් කිසිවක් වන්නේ ද!" යැයි පැවසූහ.
1.සකිලත්ක උම්මුඛ. එහි වචනාර්ථය මෙහි ලබා දී ඇති නමුත් මෙම වාක්‍ය ඛණ්ඩය අරාබි භාෂාවෙන් භාවිතා කර ඇත්තේ "වැරදි සහ නිෂ්ඵල කතා නොකියන්න!" යන අර්ථය හඟවමිනි.
02

Explanation

මුආද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසා සිටියේය: මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එක්තරා ගමනක නිරත වී සිටියෙමි. අපි ගමන් කරමින් සිටිය දී දිනක් එතුමාණන් සමීපයට මා පැමිණ: “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ස්වර්ගයට මා ඇතුළත් කරන, නිරා ගින්නෙන් මා දුරස් කරන ක්‍රියාවක් ගැන මට දන්වා සිටින්නැයි” විමසා සිටියෙමි. එතුමාණෝ: “සැබැවින්ම ඔබ ආත්මයට වඩාත් වැදගත් කරුණක් පිළිබඳ මගෙන් විමසා ඇත්තෙහිය. අල්ලාහ් කවරෙකුහට පහසු කරන්නේ ද එවැන්නන්හට සැබැවින්ම එය පහසුය. ඔබ ඉස්ලාමයේ වගකීම් ඉටු කරන්න:" යැයි පැවසුහ.

පළමුවැන්න: ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න.

දෙවැන්න: දහවල් හා රාත්‍රී කාලයන්හි අනිවාර්යය කරන ලද ෆජ්ර්, ලුහර්, අසර්, මග්රිබ්, සහ ඊෂා යන සලාත් වාරයන් ෂුරූත් හෙවත් ඒවායෙහි ‌කොන්දේසි, අර්කාන් හෙවත් මූලිකාංග හා වාජිබාත් හෙවත් අනිවාර්යය කටයුතු පිළිපදිමින් විධිමත්ව ඉටු කරන්න.

තුන්වැන්න: නියම කරනු ලැබූ සකාත් ද නිකුත් කරන්න. එය මූල්‍යමය වශයෙන් ඉටු කරන නැමදුමකි. ආගමික නීතිය තුළ නියම කරන ලද ප්‍රමාණයට තම මුදල ලඟා වී ඇත්නම් එය නිකුත් කළ යුතු අතර එයට සුදුසුකම් ලබන්නන් හට පිරිනමනු ලැබේ.

සිව්වැන්න: රමළාන් උපවාසය රැකීම. එනම් අල්ලාහ්ට කරන නැමදුමක් ලෙස අදිටන් කර අලුයම උදාවේ සිට හිරු අවරට යන කාලය දක්වා ආහාර පාන හා අනෙකුත් උපවාසය අවලංගු කරන ක්‍රියාවන්ගෙන් වැළකී ‌සිටීමය.

පස්වැන්න: සර්වබලධාරී අල්ලාහ් වෙනුවෙන් කරන නැමදුමක් ලෙස වන්දනාමාන ඉටු කිරීම සඳහා මක්කා වෙත ගොස් දේව නිවසෙහි හජ් වන්දනාව ඉටු කිරීම.

පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ තවදුරටත්: "යහපත්කමේ දොරටු වෙත ළඟා කරවන මාධ්‍යයන් පිළිබඳ මා නුඹලාට කියා දිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියහ. "එනම්, ‌එම වගකීම් ඉටු කරනවාත් සමග අදාළ අතිරේක දෑද පිළිපැදීමය."

පළමුව: අතිරේක උපවාසය වේ. එය පාපකම් තුළට වැටීමෙන් ආරක්ෂා කරන්නක් වන අතර කාමුක ආශාවන් බිද දමන්නකි. ශක්තිය හීන කරන්නකි.

දෙවැන්න: සදකා හෙවත් අමතරව ඉටු කරන දානයයි. එය වරදක් සිදු කළ පසුව එය නිවා දමනු ඇත. එය පහ කරනු ඇත. ඉන් ඇතිවන බලපෑම මකා දමනු ඇත.

තුන්වැන්න: රාත්‍රියේ අවසන් තුනෙන් එකක පළමු කොටසෙහි තහජ්ජුද් සලාතය ඉටු කිරීමය. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: “තතජාෆා ජුනූබුහුම්" ඔවුන්ගේ ඇළපැති ඈත්ව තබති "අනිල් මළාජිඉ" නිදිහයනින් යන පාඨය පාරායනය කළහ. එනම්, එය සලාතය, දික්ර් හෙවත් අල්ලාහ්ව මෙනෙහි කිරීම, අල් කුර්ආනය පාරායනය කිරීම, ප්‍රාර්ථනා කිරීම යනාදිය සඳහාය. (එය කැමැත්තෙන් හා භක්තියෙන් යුතුව ය. අපි ඔවුන්ට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති. ඔවුන් වෙනුවෙන් සඟවා ඇති නෙතට සිසිලස ගෙන දෙන දෑ කිසිදු ආත්මයක් නොදනී.) එනම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ පවතින ඔවුන්ගේ නෙත් පිනවන ‌සුව පහසුකම්ය. (එය ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්‍රතිඵලයක් වශයෙනි.)

පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: "දහමෙහි මූලය, එය රැඳී ඇති එහි කුළුණ හා එහි උච්චතම ස්ථානය ගැන මම ඔබට දන්වා සිටිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියහ.

මුආද් (රළියල්ලාහු අන්හු) තුමා: "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පවසා සිටියේය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "කටයුත්තේ සිරස ඉස්ලාමයයි. එය සාක්ෂියේ ප්‍රකාශ දෙක ය. දහමෙහි මූලය මිනිසා සමග බැඳී පවතිනුයේ ඒ දෙක සමගය. යැයි පැවසුහ. එහි කුළුණ සලාතයයි. සලාතයෙන් තොරව ඉස්ලාමය නැත. එය කුළුනක් නොමැතිව නිවසක් පිහිටන්නේ නැති සේය. කවරෙකු සලාතය ඉටු කළේ ද ඔහුගේ දහම ශක්තිමත් වී එය උසස් වන්නේය. එහි උච්චතම හා ඉහළම ස්ථානය ජිහාද් හෙවත් අරගලය වේ. අල්ලාහ්ගේ ප්‍රකාශය උසස් වනු පිණිස දහමට විරුද්ධවන සතුරන් සමග අරගල කිරීමට තමන්ව කැප කිරීමකි.

පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ තවදුරටත්: "ඉකුත්ව ගිය දෑහි පදනම හා තීන්දුව මා ඔබට දන්වා සිටිය යුතු නොවේ ද?" යැයි විමසා එතුමාණෝ තම දිව අල්ලා ‘ඔබ මෙය වළක්වා ගන්න. ඔබට අවශ්‍ය නැති දෑ ගැන ඔබ කතා නොකරන්න' යැයි පවසා සිටියහ. මුආද් තුමා: "අපි කතා කරන සෑම කරුණක් ගැන අපෙන් විසමනු ඇත් ද? ඒ හේතුවෙන් අපි වැරදි කරුවන් බවට හසු කර, දඬුවම් කරනු ඇත් ද?" යැයි විමසුවේය.

සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: "අහෝ මුආද්, ඔබේ මව ඔබට අහිමි වේවා! (මෙය ඔහුට එරෙහිව කළ ප්‍රාර්ථනාවක් නොවේ. මෙය යමක් දැනුම් දීමට හෝ දැනුම්වත් කිරීමට හෝ අවශ්‍ය කරුණක් වී නම්, ඒ ගැන අවදි කිරීම සඳහා අරාබිවරුන් භාවිතා කරන සාමාන්‍ය ප්‍රකාශයකි). පසුව එතුමාණෝ: "ජනයා ඔවුන්ගේ මුහුණු මත (ඔවුන්ගේ නාස් පුඩු මත) මුණින් ඇද දමනුයේ ඔවුන්ගේ අවිශ්වාසය, අපහාසය, ශාප කිරීම, බැන වැදීම, අවමන් කිරීම, අපහාස කිරීම යනාදී ඔවුන්ගේ දිවවල් නෙළා ගත් දෑ මිස වෙන කුමක් දැ?"යි පවසා සිටියහ.
03

Benefits

දැනුම හදාරන්නට සහාබාවරුන් තුළ තිබූ උනන්දුව. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් ගෙන් අධික ලෙස ප්‍රශ්න කර සිටියේ එබැවිනි.
ස්වර්ගයට පිවිසීමට හේතු වන්නේ දැහැමි ක්‍රියාවන් බව සහාබාවරුන් දැන සිටි බැවින් ඔවුන් තුළ තිබූ මනා අවබෝධය.
මුආද් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් මතු වූ ප්‍රශ්ණය ඉතා වැදගත් ප්‍රශ්නයක් වූයේ එය යථාර්ථය වන බැවිනි. එනම්, ජීවිතයේ හා පැවැත්මේ අභිරහසය. ආදම්ගේ දරුවන් වන මිනිස් වර්ගයා හා ජින් වර්ගයා අතරින් මෙලොවෙහි ජීවත් වන සෑම කෙනෙකුගේම අවසානය ‌ස්වර්ගය‌ හෝ අපා ගින්න හෝ වනු ඇත. මෙම ප්‍රශ්ණය අති වදැගත් වන්නේ එබැවිනි.
මිනිසා ස්වර්ගයට පිවිසීම සඳහා පෙළ ගැසෙනුයේ, ඉස්ලාමයේ මූලික වගකීම් පහ ය. එනම්: ෂහාදතාන් හෙවත් ප්‍රතිපත්තියේ ප්‍රකාශ දෙක, සලාතය, සකාතය, උපවාසය හා හජ් වන්දනාව ය.
දහමේ සිරස, වඩාත් වැදගත් හා වඩාත්ම අනිවාර්යය වනුයේ අල්ලාහ්ට කිසිවක් හවුල් නොකර ඔහුට පමණක් නැමදුම් කිරීම තුළින් ඔහුව ඒකීයකරණය කිරීමය.
කුසල් ලැබීමේ හේතු සාධක සූදානම් කර ගනු පිණිසත් පාපකම් සඳහා සමාවක් ලෙසත් යහපතේ දොරටු තම ගැත්තන් හට විවෘත කර දී තිබීමෙන් අල්ලාහ් ඔවුනට පිරිනමා ඇති ආශිර්වාදය.
අනිවාර්යය වූ නියමයන් ඉටු කිරීමෙන් පසු අතිරේක දෑ ඉටු කිරීම තුළින් ඔහුට සමීප වීමට බැලීමේ මහිමය.
සලාතය යනු කූඩාරමක් රඳා පවතින කණුවල ස්ථානයේ පවතින්නකි. කූඩාරමේ කණු කඩා වැටීමෙන් කූඩාරම ද කඩා වැටෙනවා සේ සලාතය අතපසු කිරීමෙන් ඉස්ලාමය ද පහ වී යනු ඇත.
මිනිසා ඔහුගේ ආගම තුළ ඔහුට හානියක් ඇති කරන දැයින් ඔහු ඔහුගේ දිව ආරක්ෂා කළ යුතු ය.
දිව මැඩපවත්වා ගැනීම, එය පාලනය කිරීම, එය දමනය කිරීම සියලුම යහපත් කරුණුවල මූලය වන්නේය.

Attribution

[رواه الترمذي]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...