افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3700[صحيح]
HadeethEnc · 1.24.0

“ඔහු සත්‍යය පවසා ඇත්නම් ඔහු ජය ලැබීය.” යැයි පැවසූහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

තල්හා ඉබ්නු උබෙයිදුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “නජ්ද් වැසියන් අතරින් හිසකෙස් අවුල් වුණු මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණියේය. ඔහුගේ රළු හඬට අපි සවන් දුනිමු. අල්ලාහ්ගේ දූතයාණන් වෙතට ඔහු ළඟා වන තුරුම ඔහු පවසන දේ අපට වැටහුණේ නැත. පසුව ඔහු ඉස්ලාමය ගැන විමසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: “දහවලේ හා රාත්‍රියේ පස්වේල සලාතය ඉටු කිරීම” යැයි පැවසූහ. ඔහු: 'ඒවා හැර වෙනත් දෑ මා වෙත පැවරෙන්නේ ද?' යැයි විමසීය. එතුමා: “නැත, නමුත් ඔබ අතිරේකව කරන දෑ හැර.” යැයි පැවසූහ. පසුව එතුමා නැවතත්: “රමළාන් මාසයේ උපවාසය රැකීම” යැයි පැවසූහ. ඔහු: 'ඒ හැර වෙනත් දෙයක් මා වෙත පැවරෙන්නේ ද?' යැයි විමසීය. එතුමා: “නැත නමුත් ඔබ අතිරේකව ඉටු කරන්නේ නම් මිස.” පසුව අල්ලාහ්ගේ දූතයාණෝ ඔහුට සකාතය පිළිබඳ මෙනෙහි කළහ. එවිට ද ඔහු 'ඒ හැර වෙනත් දෙයක් මා වෙත පැවරෙන්නේද?' යැයි විමසීය. එතුමා: “නැත, ඔබ අතිරේකව ඉටු කරන්නේ නම් මිස" යැයි පැවසූහ. පසුව එම මිනිසා ‘අල්ලාහ් මත දිවුරා පවසමි. මීට වඩා වැඩි යමක් මම නොකරමි. එමෙන්ම ඉන් කිසිවක් අඩු නොකරමි’ යැයි පවසමින් හැරී ගියේය. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “ඔහු සත්‍යය පවසා ඇත්නම් ඔහු ජය ලැබීය.” යැයි පැවසූහ.
02

Explanation

නජ්ද් වාසීන් අතරින් හිසකෙස් අවුල් වුණු මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණියේය. ඔහුට රළු හඬක් විය. ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ළඟා වන තුරුම ඔහු පවසන දේ අපට වැටහුණේ නැත. පසුව ඔහු ඉස්ලාමයේ වගකීම් පිළිබඳ විමසා සිටියේය.

එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සලාතයෙන් ආරම්භ කළ අතර සෑම රාත්‍රියකම හා දහවලකම පස්වරක් සලාත් ඉටු කිරීම ඔහුට අල්ලාහ් අනිවාර්යය කර ඇතැයි ද ඔහුට දන්වා සිටියහ.

"මේ වාර පහ හැර වෙනත් සලාතයන් මා වෙත පැවරෙන්නේ ද?" යැයි ඔහු විමසීය.

එතුමාණෝ: “නැත, නමුත් ඔබ අතිරේකව කරන සලාතයන් හැර.” යැයි පැවසූහ.

පසුව එතුමා නැවතත්: “ඔබට අල්ලාහ් අනිවාර්යය කළ තවත් කරුණක් වනුයේ රමළාන් මාසයේ උපවාසය රැකීම” යැයි පැවසූහ.

එවිට එම මිනිසා: 'රමළාන් උපවාසය හැර වෙනත් උපවාසයක් මා වෙත පැවරෙන්නේ ද?' යැයි විමසීය.

එතුමාණෝ: “නැත නමුත් ඔබ අතිරේකව ඉටු කරන්නේ නම් මිස.” යැයි පැවසූහ.

පසුව අල්ලාහ්ගේ දූතයාණෝ ඔහුට සකාතය පිළිබඳ මෙනෙහි කළහ.

එවිට එම මිනිසා: "අනිවාර්යය සකාතයෙන් පසු වෙනත් දන්දීමක් මා වෙත පැවරෙන්නේද?" යැයි විමසීය.

එතුමාණෝ: “නැත, අමතරව ඔබ ඉටු කරන්නේ නම් මිස" යැයි පැවසූහ.

මෙම වගකීම් සම්බන්ධව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා දැනගත් පසු හෙතෙම හැරී ගොස්, මීට වඩා කිසිදු වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් හෝ නොකර තමන් එය පිළිපදින බවට අල්ලාහ් මත දිවුරා පවසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “එම මිනිසා දිවුරා සිටි පරිදි සත්‍යය පවසා ඇත්නම් සැබැවින්ම ඔහු ජයග්‍රාහකයින් අතරින් වනු ඇත.” යැයි පැවසූහ.
03

Benefits

ඉස්ලාම් ආගමික නීතියේ පවතින ලිහිල්බව හා වගකීම් දරන්නන් හට එහි පහසුව.
එම මිනිසා සමග නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කටයුතු කළ අලංකාර ආකාරය. එතුමාණන්ට සමීප වීමටත් එතුමාණන්ගෙන් ප්‍රශ්න අසා දැන ගැනීමටත් ඔහුට ඉඩ සලසා දුන්හ.
අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ දී වඩාත් ම වැදගත් දැයින් ආරම්භ කොට පසුව වඩාත් ම වැදගත් දෑ වෙත ඇරයුම් කිරීම.
ඉස්ලාමය යනු විශ්වාසය හා ක්‍රියාවයි. විශ්වාසයෙන් තොරව ක්‍රියාව ඵල දෙන්නේ නැත. ක්‍රියාවෙන් තොරව විශ්වාසය ඵල දෙන්නේ ද නැත.
මෙම කටයුතුවල වැදගත්කම. සැබැවින්ම මේවා ඉස්ලාමයේ මූලිකාංග වේ.
ජුමුආ සලාතය, අනිවාර්යය පස්වේල සලාතය අතරට ඇතුළත් වේ. හේතුව ජුමුආ සලාතය ඉටු කරනු ලබන්නේ එය අනිවාර්යය වූවන් හට ජුමුආ දින ලුහර් සලාතය වෙනුවටය.
ඉස්ලාමයේ වඩාත් වැදගත් අනිවාර්යය වගකීම් ඔහුට ඉගැන්වීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‌තුමාණෝ ආරම්භ කළහ. ඒවා (ෂහාදා නම්) ඒක දේව සාක්ෂියේ ප්‍රකාශ දෙකින් පසු වූ එහි මූලිකාංග වේ. ඊට හේතුව ඔහු මුස්ලිම්වරයකු විය යුතු බැවිනි. නමුත් මෙහි හජ් වන්දනාව සඳහන් කර නැත. හේතුව මෙය හජ් අනිවාර්යය වීමට පෙර සිදුවූවක් විය හැක එසේ නැතහොත් එහි නියමිත කාලය නොපැමිණියා විය හැක.
මිනිසා ආගමෙහි අනිවාර්යය කටයුතු මත පමණක් සීමා වූ විටෙක සැබැවින්ම ඔහු සාර්ථක අයකු වේ. නමුත් අතිරේක සුන්නත් දෑ ඉටු කිරීම ඔහුට අවශ්‍ය නැතැයි ඉන් අදහස් වන්නේ නැත. හේතුව සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, එම සුන්නාවන් මගින් අනිවාර්යය කටයුතු සම්පූර්ණ වන බැවිනි.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...