افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#66517[صحيح]
HadeethEnc · 1.24.0

මම ඔබට කවර දෙයක් තහනම් කළේ ද ඉන් ඔබ වැළකී සිටිනු. මම ඔබට කවර දෙයක් නියම කළේ ද ඉන් ඔබට හැකි පමණින් ඉටු කරනු

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කරමින් සිටි දෑට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා අබ්දුර් රහ්මාන් ඉබ්නු සහ්රි (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි: "මම ඔබට කවර දෙයක් තහනම් කළේ ද ඉන් ඔබ වැළකී සිටිනු. මම ඔබට කවර දෙයක් නියම කළේ ද ඉන් ඔබට හැකි පමණින් ඉටු කරනු. ඔබට පෙර විසූවන් විනාශ වූයේ ඔවුන්ගේ අධික ප්‍රශ්න කිරීම් හා ඔවුන්ගේ වක්තෘවරුන් පිළිබඳව ඔවුන් තුළ තිබූ මතභේදය නිසාය."
02

Explanation

අල්ලාහ්ගේ දූතයාණන් අපට යම් දෙයකින් වළක්වා ඇත්නම්, කිසිදු ව්‍යතිරේකයකින් තොරව ඉන් අපි වැළකී සිටිය යුතු බවත් එතුමාණන් අපට යම් ක්‍රියාවක් කරන මෙන් නියෝග කර ඇත්නම් අපට හැකි පමණින් එය අප ඉටු කළ යුතු බවත් එතුමාණෝ පැහැදිළි කළහ. පසුව පෙර විසූ ඇතැම් ජන සමූහයන් තම නබිවරුන්ට විරුද්ධ වී ඔවුන්ගෙන් අධික ලෙස ප්‍රශ්න කර සිටීම හේතුවෙන් විවිධාකාර විනාශයන් තුළින් අල්ලාහ් දඬුවම් කළ අය මෙන් අප ද නොවන ලෙස එතුමාණෝ අපට අවවාද කළහ. එබැවින් එසේ ඔවුන් විනාශ වී ගියාක් මෙන් අප ද විනාශ වී යන තරමට ඔවුන් මෙන් අප කටයුතු නොකළ යුතුය.
03

Benefits

මෙම හදීසය නියෝග කරනු ලැබූ දෑ ක්‍රියාවට නැංවීමේ හා තහනම් කරනු ලැබූ දැයින් වැළකී සිටීමේ රීතිය පෙන්වා දෙන්නකි.
තහනම, ඉන් කිසිවක් සිදු කිරීමට කිසිදු අවකාශයක් ලබා දී නැත. තව ද නියෝගය හැකියාව සමඟ සම්බන්ධ වේ. මක්නිසාදය යත් අත්හැරීම කළ හැකි ක්‍රියාවකි. නමුත් ක්‍රියා කිරීම යනු නියෝග කරනු ලැබූ දෑ ගෙන එන්නට හැකියාව එයට තිබිය යුතුය.
අධික ලෙස ප්‍රශ්න කිරීම තහනම් වේ. ප්‍රශ්ණ ඇසීම කොටස් දෙකකට විද්වතුන් බෙදා දක්වා ඇත. ඒවායින් පළමුවැන්න: තමන්ට අවශ්‍ය ආගමික කටයුතු දැන ගැනීමේ පදනම මත වූවකි. මෙය නියෝග කරනු ලැබූවක් මෙන්ම සහාබාවරුන් විමසා සිටි ප්‍රශ්නවල ‌වර්ගය ද එය විය. දෙවැන්න: අනවශ්‍ය ලෙස යටි අරමුණු පදනම් කරමින් ප්‍රශ්න ඇසීම. වළක්වනු ලැබ ඇත්තේ මෙයයි.
පෙර විසූ සමූහයන් අතර සිදු වූ අයුරින් මෙම සමූහයා තම නබිවරයාට අකීකරු වීම ගැන අනතුරු ඇඟවීම.
තහනම් කරනු ලැබූ දෑ වනාහි, එය සුළු වුව ද මහා වුව ද එයට ඇතුළත් වන්නේය. මක්නිසාදයත් යම් තහනමකින් වැළකී සිටීමේ දී සුළු හා මහා ලෙස එය නොසළකන බැවිනි. උදාහරණයක් ලෙස පොළිය අපට තහනම් කර ඇත. එහි දී සුළු වුව ද මහා වුව ද දෙකම එය ඇතුළත් කර ගනු ඇත.
තහනම් දේට යොමු කරන හේතු අත්හැරීම, මක්නිසාදයත් එය වැළකී සිටීමේ අර්ථයේ ම කොටසක් වන බැවිනි.
දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නියෝගයකට සවන් දුන් විට එය අනිවාර් ය ද සතුටු දායක ද යනුවෙන් විමසා සිටීම පුද්ගලයකුට යුතු නොවේ. ඒ වෙනුවෙට එය ක්‍රියාවට නැංවීම සඳහා ඔහු යුහුසුළු විය යුතු ය. එය "ඔබට හැකි පමණින් එය පිළිපදින්න" යන එතුමාණන්ගේ ප්‍රකාශයට අනුවය.
අධික ලෙස ප්‍රශ්න කර සිටීම විනාශයට හේතු වේ. විශේෂයෙන්ම ගුප්ත දෑ පිළිබඳ විමසා සිටීම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තත්ත්වයන් කෙසේ වන්නේදැ?යි විමසා සිටීම වැනි යමක් වෙත ළඟා විය නොහැකි කරුණුවලදී අධික ලෙස ප්‍රශ්න කිරීමෙන් ප්‍රවේසම් විය යුතුය. එවැනි දෑහි අධික ලෙස ඔබ ප්‍රශ්න නොකරන්න. එවිට ඔබ විනාශ වී යනු ඇත. එමෙන්ම ඔබ ගැඹුරු චින්තකයෙකු වන්න.

Attribution

[رواه البخاري ومسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...