HadeethEnc · 1.24.0
අවසන් කාලය වන විට අඥාන, මුහුකුරා නොගිය පිරිසක් පැමිණෙනු ඇත. යහපත් වචනයෙන් යුත් ප්‍රකාශ (අල්-කුර්ආනය) ඔවුහු පවසති. ඊතලයක් එහි ඉලක්කයෙන් පිටවන්නාක් මෙන් ඉස්ලාමයෙන් ඔවුන් ඉවත් වනු ඇත
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "ඔබට මා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිළිබඳ කතා කරන්නේ නම්, එතුමාණන් කෙරෙහි අසත්‍ය ප්‍රකාශ කිරීමට වඩා අහසින් ඇද වැටීම මට ප්‍රිය මනාප වන්නේය. මා අතර හා ඔබ අතර මා කතා කරන විට, සැබැවින්ම යුද්ධය යනු උපාය මාර්ගයකි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට මම මෙසේ සවන් දී ඇත්තෙමි." "අවසන් කාලය වන විට අඥාන, මුහුකුරා නොගිය පිරිසක් පැමිණෙනු ඇත. යහපත් වචනයෙන් යුත් ප්‍රකාශ (අල්-කුර්ආනය) ඔවුහු පවසති. ඊතලයක් එහි ඉලක්කයෙන් පිටවන්නාක් මෙන් ඉස්ලාමයෙන් ඔවුන් ඉවත් වනු ඇත. ඔවුන්ගේ දේවවිශ්වාසය උගුරෙන් ඔබ්බට යන්නේ නැත. ඔබ ඔවුන් කොතැනක දුටුවත් ඔවුනට මරණ දඬුවම පිරිනමන්න. සැබැවින්ම ඔවුනට මරණ දඬුවම පිරිනැමීම වනාහි, මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ එසේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ තැනැත්තාට ප්‍රතිඵල ඇත."
02
Explanation
දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ නායකයකු වූ අලී ඉබ්නු අබී තාලිබ් තුමා විසින් මෙසේ දන්වන ලදී. "මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගැන යමක් පවසා සිටින අවස්ථාවේ නුඹලා එයට සවන් දෙන විට, සැබැවින්ම මම යමක් සඟවා හෝ යමක් නිරූපණය කර හෝ යමක් වසන් කර හෝ එතුමාණන් ගැන පවසන්නේ නැත. සැබැවින්ම මම පැහැදිලිව පවසා සිටිමි. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි බොරුවක් පවසමින් එතුමාණන් ගැන කතා කිරීමට වඩා මම අහසින් ඇද වැටීම මට පහසු හා සැහැල්ලු කටයුත්තකි. මා අතර හා මිනිසුන් අතර යමක් මම කතා කරන්නේ නම්, සැබැවින්ම යුද්ධය යනු උපාය මාර්ගයකි. සැබැවින්ම මම යමක් සඟවා හෝ යමක් නිරූපණය කර හෝ යමක් වසන් කර හෝ පවසන්නේ නැත. අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට මම මෙසේ සවන් දී ඇත්තෙමි." "අවසන් කාලය වන විට බුද්ධි හීන, වයසින් අඩු තරුණ පිරිසක් පැමිණෙනු ඇත. ඔවුහු අල්-කුර්ආනයෙන් කරුණු ඉදිපත් කරති. අධික ලෙස එය කියවති. ඊතලයක් එහි ඉලක්කයෙන් පිටවන්නාක් මෙන් ඔවුන් ඉස්ලාමයෙන් බැහැර වෙති. එහි සීමාවන් උල්ලංඝනය කරති. ඔවුන්ගේ විශ්වාසය උගුරෙන් ඔබ්බට යන්නේ නැත. ඔබ ඔවුන් කොතැනක දුටුවත් ඔවුනට මරණ දඬුවම පිරිනමන්න. සැබැවින්ම ඔවුනට මරණ දඬුවම පිරිනැමීම වනාහි, මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ එසේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ තැනැත්තාට ප්‍රතිඵල ඇත."
03
Benefits
ඉස්ලාමීය ප්‍රතිපත්තියෙන් බැහැර වූවන් වන (හ)කවාරිජ්වරුන්ගේ ගුණාංග පිළිබඳ කරුණු කිහිපයක් පැහැදිලි කිරීම.
මෙය නබිත්වයේ අනාවැකි අතරින් වූ එක් අනාවැකියකි. සැබැවින්ම තමන්ගෙන් පසු සිදුවන්නට යන දෑ ගැන එතුමා දන්වා ඇති අතර එතුමාණන් දන්වා සිටි පරිදිම එය සිදු වී ඇත.
යුද්ධයේ දී යමක් සැඟවීමේ හා අමතර යමක් නිරූපණය කිරීමේ අවසරය. යුද්ධයේ දී උපාය මාර්ග ක්‍රියාත්මක කරනුයේ යමක් සැගවීමෙන් හෝ වසන් කිරීමෙන් හෝ එවැනි වෙනත් ආකාරයකිනි. නමුත් ගිවිසුම් හා ප්‍රතිඥාවන් උල්ලංඝනය නොකළ යුතුය. මක්නිසාදයත් ඒ ගැන තහනම් කර ඇති බැවිනි.
නවවි තුමා මෙසේ පැවසීය: "යහපත් වචනයෙන් යුත් ප්‍රකාශ ඔවුහු පවසති." යන්නෙන් අදහස් වන්නේ, 'කාරණයේ පෙනෙන අර්ථයෙන්, එය අල්ලාහ් හැර වෙනත් විනිශ්චයක් නැත' යැයි ඔවුන් පවසනවාක් මෙනි. එහි මතුපිටින් පෙනෙන්නේ උත්තරීතර අල්ලාහ්ගේ ග්‍රන්ථය වෙත ඔවුන් ඇරයුම් කරන්නක් මෙනි."
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "ඔවුන්ගේ විශ්වාසය උගුරෙන් ඔබ්බට යන්නේ නැත" යන්නෙන් අදහස් කරනුයේ සැබැවින්ම ඊමාන් හෙවත් දේව විශ්වාසය ඔවුන්ගේ හදවත් තුළ ස්ථීරව පිහිටා නැති බවය. මක්නිසාදයත් එය උගුර ළඟ නැවතී ඇති අතර ඉන් ඔබ්බට නොයන බැවිනි. හදවත වෙත එය සේන්දු වන්නේ නැත."
කාළී තුමා මෙසේ පවසයි. "ඉස්ලාමයෙන් බැහැර වූ කවාරිජ් වරුන් හා එවැන්නන්ට සමාන මිථ්‍යාදෘෂ්ටිකයින් හා නීතිවිරෝධී අපරාධකරුවන්, පාලකයාට එරෙහිව කැරලි ගැසූ විට, කණ්ඩායමේ අදහස්වලට විරුද්ධව කටයුතු කළ විට, සැරයටිය කඩා දැමූ විට, ඔවුන්ට අවවාද කිරීමෙන් හා ඔවුන් වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුනට මරණ දඬුවම ක්‍රියාත්මකය කිරීම අනිවාර්යය බව ඉස්ලාමීය විද්වතුන්ගේ ඒකමතික මතය වේ."

Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares