HadeethEnc · 1.24.0
මිනිසුන් සිකුරාදා දින නැමදුම නොසළකා හැරීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබනු ඇත. පසුව ඔවුන් නොසලකා හරින ලද පුද්ගලයින් අතරට පත්වනු ඇත
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම වෙදිකාව මත සිට ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් සහ අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හුම්) යන උතුමන්ලා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මිනිසුන් සිකුරාදා දින නැමදුම නොසළකා හැරීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබනු ඇත. පසුව ඔවුන් නොසලකා හරින ලද පුද්ගලයින් අතරට පත්වනු ඇත."
02
Explanation
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මින්බර් වේදිකාව මත සිට මෙසේ අවවාද කළහ. "කවරෙකු ජුමුආ සලාතය කිසිදු හේතුවකින් තොරව නොසැලකිලිමත්කමින් හා මැලිකමින් අත් හරින්නේ ද මඟ හරින්නේ ද එවන් අයට එතුමාණෝ අවවාද කළේය. එසේ ඔවුන් සිදු කළේ නම් ඔවුන්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබයි. ඒවා ආවරණය කරයි. සත්‍යය පිළිපැදීම වළක්වාලමින් ඒ මත තිරයක් ඇති කරයි. පසුව ඔවුන් යහපත් හේතු කාරණා නොසලකා හරින පුද්ගලයින් බවට පත්වන අතරම නැමදුම් කටයුතුවලින් හුදෙකලා වන තත්ත්වයට පත්වනු ඇත.
03
Benefits
සිකුරාදා දින ජුමුආ සලාතය මඟ හැරීම සම්බන්ධයෙන් වූ දැඩි අවවාදය. සැබැවින්ම එය මහා පාපකම් අතරින් එකකි.
නවවි තුමා මෙසේ පවසයි: සැබැවින්ම එහි ජුමුආ සලාතය ෆර්ලු අයින් හෙවත් පුුද්ගලික වගකීමකි.
දේශනා සඳහා මින්බර් වේදිකාව භාවිතා කිරීම ආගමානුගත කරන ලද්දකි.
අස්-සින්දී තුමා මෙසේ පවසයි: ඉන් අදහස් කරනුයේ කරුණු දෙකින් එකක් කිසිදු සැකයකින් තොරව සිදුවනු ඇති බවයි. එක්කො ජුමුආ සලාතයන් අත්හැරීමෙන් ඔවුන් වැළකී සිටිය හැක. එසේ නැතහොත් උත්තරීතර අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබනු ඇත. එබැවින් පුරුද්දක් ලෙස ජුමුආ සලාතයන් අත්හැර දැමීම බොහෝ විට හදවත තුළ මල (කිලිටි) බැඳීමට හේතුවක් වෙයි, එමෙන්ම කළ යුතු නැමදුම්වලින් ඔවුන්ගේ සිත් හුදෙකලා වනු ඇත.
දේශකයා සහ උපදෙස් පිරිනමන්නා තමන් දේශනා කිරීමට අවශ්‍ය මිනිසුන් මවිතයට පත් කළ යුතුය. එය ඔවුන් උපදෙස් පිළිගැනීමට හා නියෝග පිළිපැදීමට හේතු වන බැවිනි.

Attribution
[رواه مسلم]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares