ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසුණු විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට සලාම් පැවසිය යුතුය. ඔහු "අල්ලාහුම්මඅෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" (අහෝ අල්ලාහ්, ඔබේ කරුණාවේ දොරටු මා වෙනුවෙන් විවෘත කරනු මැනව!) යැයි පැවසිය යුතුය
Choose an available translation of this Hadeeth
Hadeeth text
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසුණු විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට සලාම් පැවසිය යුතුය. ඔහු "අල්ලාහුම්මඅෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" (අහෝ අල්ලාහ්, ඔබේ කරුණාවේ දොරටු මා වෙනුවෙන් විවෘත කරනු මැනව!) යැයි පැවසිය යුතුය. පිටත්වුණු විට ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පැවසිය යුතුය. එමෙන්ම ඔහු "අල්ලාහුම්මඃසිම්නී මිනෂ්-ෂෙයිතානිර් රජීම්" (අහෝ අල්ලාහ්, ප්‍රතික්ෂේප කරන ලද ෂෙයිතාන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව!) යැයි පැවසිය යුතුය.
හාකිම්හි සඳහන් තවත් වාර්තාවක "පිටත්වුණු විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පැවසිය යුතුය. එමෙන්ම ඔහු "අල්ලාහුම්මඃජිර් නී මිනෂ්-ෂෙයිතානිර් රජීම්" (අහෝ අල්ලාහ්, ප්‍රතික්ෂේප කරන ලද ෂෙයිතාන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව!) යැයිද පැවසිය යුතුය.
Explanation
Benefits
මේවා මස්ජිදුල් හරම් ඇතුළුව අනෙකුත් සෑම මස්ජිදයකටම පොදු වූ අනුවාද වේ.
පිවිසීමේදී දයාව මෙනෙහි කිරීමත් පිටවීමේදී ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීමත් නියම කර ඇත. පිවිසෙන්නා අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර් ගය වෙත සමීපවන කටයුතුවල නිරත වෙයි. එහි දී දයාව පැතීම එයට ගැලපෙන කාර් යයකි. එමෙත්ම ඔහු පිටව යන විට ලෞකික කටයුතු හා එහි ඇති පුහු ක්‍රියාවල කාර් යබයුල වේ. එවිට ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව හා රැකවරණය අල්ලාහ්ගෙන් පැතීම ගැලපෙන කාර් යයකි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

