HadeethEnc · 1.24.0
දැන ගන්න ඔබ සෑම කෙනෙකුම තම පරමාධිපති සමග සම්බන්ධතා පවත්වන්නෙහිය. එහෙයින් ඔබ කිසිවෙක් කිසිවෙකුට කරදර නො කළ යුතුය
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මස්ජිදයේ ඉඃතිකාෆ් (රැඳී) සිටියහ. එවිට එතුමාණෝ අල්-කුර් ආනය හඬ නගා පරායනා කරනු ඔවුනට සවන් දුන්හ. පසුව තිරය ඉවත් කොට මෙසේ පැවසූහ: දැන ගන්න ඔබ සෑම කෙනෙකුම තම පරමාධිපති සමග සම්බන්ධතා පවත්වන්නෙහිය. එහෙයින් ඔබ කිසිවෙක් කිසිවෙකුට කරදර නො කළ යුතුය. අල් කුර්ආන් පාරායනයෙහි -එසේ නැතහොත් සලාතයේ දී- ඔබ කිසිවෙක් කිසිවෙකුට වඩා උස් හඬින් පාරායනය නොකළ යුතුය."
02
Explanation
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ට සමීප වීම සඳහා තම මස්ජිදය තුළ ඇති ගෝලාකාර හැඩයෙන් යුත් කුබ්බාව අසළ හුදකලාවේ රැඳී සිටියහ. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්, තම සහාබාවරුන් උස් හඬින් ශබ්ද නඟා අල්-කුර්ආනය පාරායනය කරන ආකාරයට සවන් දුන්හ. එය ඔවුන්ගෙන් ඇතැමෙකුට හිංසාකාරී විය. පසුව කුබ්බාවෙන් තිරය ඉවත් කර එම ක්‍රියාව කළ අයට දොස් නගා තරවටු කළහ. පසුව මෙසේ පැවසූහ: ඔබ සෑම කෙනෙකුම අල්-කුර්ආනය කියවමින් ඔබේ පරමාධිපති සමග කතා කරන්නෙහුය. එහෙයින් අල් කුර්ආනය පාරායනය කිරීමේ දී හෝ සලාතය ඉටු කිරීමේ දී ඔබ අතුරින් කෙනෙක් තවත් කෙනෙකුට හිංසාවක් ඇතිවන පරිදි කටයුතු නොකළ යුතු ය. තම හඬ උස් නොකළ යුතු ය.
03
Benefits
අල් කුර්ආනය කියවීමේ දී කිසියම් කෙනෙකුට හිංසාවක් ඇති වන්නේ නම්, එය උස් හඬින් පාරායනය කිරීමෙන් වැළකී සිටිය යුතුය.
අල් කුර්ආනය කියවීමේ විනය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහාබාවරුන්ට ඉගැන්වූහ.
අල් කුර්ආනය කියවීමේ විනය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහාබාවරුන්ට ඉගැන්වූහ.
Attribution
[رواه أبو داود]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

