එබැවින් ඔබ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට ඔහුගෙන් ෆිර්දව්ස් ස්වර්ගයම ඉල්ලා සිටින්න
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ස්වර්ගයේ සිය ගණනක් තරාතිරම් ඇත. ඒ සෑම තාරතිරම් දෙකක් අතර ප්‍රමාණය අහස හා පොළොව අතර ප්‍රමාණය මෙනි. ඒවා අතරින් උසස්ම තරාතිරම වනුයේ ෆිර්දව්ස් ය. ඉන් ස්වර්ගයේ ගංගා හතරක් ගලා බසිනු ඇත. ඊට ඉහළින් දේව රාජ්‍යය පිහිටා ඇත. එබැවින් ඔබ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට ඔහුගෙන් ෆිර්දව්ස් ස්වර්ගයම ඉල්ලා සිටින්න."
Explanation
Benefits
උසස්ම ස්වර්ගය වන ෆිර්දව්ස් ස්වර්ගය අල්ලාහ්ගෙන් පැතීමට උනන්දු කිරීම.
ෆිර්දවුස් යනු ස්වර්ගයේ ඇති උසස්ම හා උතුම්ම නිලයයි.
මුස්ලිම්වරයකු තමන් තුළ උසස්ම අපේක්ෂාවන් තබා ගත යුතු අතර, ඒ සඳහා කැපවිය යුතුය. උත්තරීතර අල්ලාහ් අබියස ඇති වඩාත් උසස් හා ශ්‍රේෂ්ඨ නිලයන් ඉල්ලා සිටිය යුතුය.
ස්වර්ගයේ ගංගාවන් හතරක් ඇත. ඒවා අල් කුර්ආනයේ උත්තරීතර අල්ලාහ් සඳහන් කළ ජල ගංගා, කිරි ගංගා, අමෘත ගංගා හා මී පැණි ගංගා යනාදියයි. "බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ ස්වර්ගයේ ස්වභාවය නම්, එහි පල් නොවන ජලයෙන් යුත් ගංගා ද එහි රසය වෙනස් නොවන කිරි පානයෙන් යුත් ගංගා ද පානය කරන්නන්හට රසවත් මුද්‍රිකපානයෙන් යුත් ගංගා ද පිරිසිදු කරන ලද මී පැණියෙන් යුත් ගංගා ද ඇත.. (මුහම්මද්: 15)
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

