ස්වර්ගයට පිවිසෙන පළමු කණ්ඩායම පුර පසළොස්වක රාත්‍රියේ සඳෙහි ස්වරූපය මෙන් පවතී, ඔවුනට පසුව පැමිණෙන අය අහසේ බැබලෙන වඩාත් දීප්තිමත්ම තාරකාව මෙන් දිලිසෙනු ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ස්වර්ගයට පිවිසෙන පළමු කණ්ඩායම පුර පසළොස්වක රාත්‍රියේ සඳෙහි ස්වරූපය මෙන් පවතී, ඔවුනට පසුව පැමිණෙන අය අහසේ බැබලෙන වඩාත් දීප්තිමත්ම තාරකාව මෙන් දිලිසෙනු ඇත. ඔවුන් මුත්‍රා කරන්නේ නැත; මළපහ කරන්නේ නැත; කෙළ ගසන්නේ නැත; හෝ නාසයේ ස්රාවය ඉවත හෙළන්නේ නැත. ඔවුන්ගේ පනා රන්වන් ය. ඔවුන්ගේ දහඩිය කස්තුරි ය. සුවඳ දුම් දග්වන උදුනෙන් වඩාත් සුවඳැති සුවඳ දුම් පතුරුවා හරිනු ලැබේ. ඔවුන්ගේ භාර්යාවන් හූරුන් ඊන් (දැකුම් කළු ලලනාවන්) වෙති. එකම මිනිසකුගේ ස්වරූපයෙන් ඔවුන් සිටිනු ඇත. අහසට විහිදෙන රියන් හැටක් උසින් යුත් ඔවුන්ගේ පියා ආදම්ට සමාන වනු ඇත."
Explanation
Benefits
අර්ථයට හා එහි විග්‍රහයට වඩාත් සමීපවන අයුරින් උපමා යෙදුම.
අල්-කුර්තුබී තුමා මෙසේ පවසයි: ඔවුන්ගේ හිසකෙස් කිලිටි නොවී පිරිසිදුව පවතින්නේ නම්, ඔවුනට පනාවක අවශ්‍යතාව ඇයි? ඔවුන්ගේ සුවඳ කස්තූරිවලට වඩා සුවඳැතිනම් සුවඳ දුම් අවශ්‍ය වනුයේ ඇයි? යැයි පවසනු ලබන්නට පුළුවන. එතුමා මෙසේ පැවසීය: ඊට පිළිතුර නම්, සැබැවින්ම ස්වර්ගවාසීන් භුක්ති විඳින ආහාර පාන, ඇඳුම් පැළඳුම් සුවඳ යනාදිය කුසගින්නෙන්, පිපාසයෙන්, නිරුවත හා දුර්ගන්ධය හේතුවෙන් පීඩා විදීම නිසාවෙන් නොවේ. සැබැවින්ම ඒවා එකිනෙකට පරව පිහිටන අඛණ්ඩ සැපතකි. මෙහි සඳහන් වන ප්‍රඥාව මෙලොවෙහි ඔවුන් කවර කරුණක් විඳිමින් සිටියේ ද එවන් දැයින් ඔවුන් එහි වැළකී සිටින බව ය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

