ඔබ අතරින් කිසිවෙකු හෝ මස්ජිදයට පිවිසි විට, ඔහු "අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" යැයි පැවසිය යුතුය. ඔහු පිටත් වූ විට "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යැයි පැවසිය යුතුය
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුමෙයිද් හෝ අබූ උසෙයිද් තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවෙකු හෝ මස්ජිදයට පිවිසි විට, ඔහු "අල්ලාහුම්මෆ්තහ්ලී අබ්වාබ රහ්මතික" යැයි පැවසිය යුතුය. ඔහු පිටත් වූ විට "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆළ්ලික" යැයි පැවසිය යුතුය."
Explanation
Benefits
පිවිසීමේ දී ආශිර්වාදය හා පිටවීමේ දී භාග්‍යය මෙනෙහි කිරීම මෙහි විශේෂ කරුණකි. සැබැවින්ම පිවිසෙන්නා අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත සමීප කරවන කරුණුවල කාර්යබහුල වේ. ඒ අනුව එහි රහ්මත් හෙවත් කරුණාව මෙනෙහි කිරීම ඇත. ඔහු පිටව යන විට අල්ලාහ්ගේ භාග්‍යය තුළින් පෝෂණය සොයා මහපොළොවේ සැරිසරයි. එබැවින් භාග්‍යය එහි මෙනෙහි කර ඇත.
මෙම ප්‍රාර්ථනා මස්ජිදයට පිවිසීමට අපේක්ෂා කරන අවස්ථාවෙහි හා ඉන් බැහැරව යන්නට අපේක්ෂා කරන අවස්ථාවෙහි පවසනු ලබන ප්‍රාර්ථනා වේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

