افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65086[صحيح]
HadeethEnc · 1.24.0

මුඅද්දින් (සලාතය සඳහා ඇරයුම් කරන්නා) 'අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්' යැයි පැවසූ විට ඔබ අතරින් කවරෙකු 'අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්' යැයි පවසන්නේ ද

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මුඅද්දින් (සලාතය සඳහා ඇරයුම් කරන්නා) 'අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්' යැයි පැවසූ විට ඔබ අතරින් කවරෙකු 'අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්' යැයි පවසන්නේ ද. පසු ව ඔහු 'අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පවසන්නේ ද, ඔහු 'අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්' යැයි පවසන්නේ ද, පසුව ඔහු 'හය්ය අලස් සලාත්' යැයි පැවසූ විට, මොහු 'ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ්' යැයි පවසන්නේ ද පසුව ඔහු 'හය්ය අලල් ෆලාහ්' යැයි පැවසූ විට මොහු 'ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ්' යැයි පවසන්නේ ද, පසුව 'අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්' යැයි පැවසූ විට, මොහු 'අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්' යැයි පවසන්නේ ද, පසු ව ඔහු 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි සිතින් පවසන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත.
02

Explanation

අදාන් යනු සලාතයේ වේලාව පැමිණ ඇති බවට කෙරෙන දැනුම් දීමයි. අදාන්හි ඇතුළත් වදන් පෙළ විශ්වාසය හා බැඳුනු සංකල්පය මත ගොනු වූ වදන් පෙළකි.

අදානයට සවන් දෙන අවස්ථාවේ පිළිපැදිය යුතු ආගමික පිළිවෙත ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙම හදීසයේ සඳහන් කර ඇත. එනම් අදාන් ඇරයුම කරන මුඅද්දින් පවසනවාක් මෙන් ම සවන් දෙන්නා ද පැවසීමය. මුඅද්දින් "අල්ලාහු අක්බර්" යැයි පවසන විට, සවන් දෙන්නා ද අල්ලාහු අක්බර් යැයි පවසයි. මෙලෙස අනෙකුත් පද වල ද අනුගමනය කෙරේ. නමුත් මුඅද්දින් "හය්ය අලස් සලාත්", "හය්ය අලල් ෆලාහ්" යැයි පවසන විට, සවන් දෙන්නා "ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්" යැයි පවසයි.

මුඅද්දින් සමගම අවංක ලෙස තම හදවතින්ම එයට පිළිතුරු දෙන්නා ස්වර්ග උයනට පිවිසෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.

අදාන්හි පදවල තේරුම: "අල්ලාහු අක්බර්" එනම්, සැබැවින්ම සුවිශුද්ධයාණන් සියලු දෑට වඩා තේජාන්විතය; අති කීර්තිමත්ය; අති ශ්‍රේෂ්ඨය.

"අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්" එනම්, සැබෑ ලෙස නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත.

"අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්" එනම්: සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සර්වබලධාරී අල්ලාහ් විසින් එවූ ඔහුගේ දූතයා බව මාගේ දිවෙන් හා මාගේ හදවතින් පිළිගෙන සාක්ෂි දරමි. යන්නයි. එතුමාණන්ට අවනත වීම අනිවාර්යය වෙයි.

"හය්ය අලස් සලාත්" එනම්: සලාතය වෙත පැමිණෙන්න යන්නයි. "ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්" යන සවන් දෙන්නාගේ ප්‍රකාශ වනාහි: සර්වබලධාරී අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් මිස කීකරුකමට ඇති බාධාවලින් මිදීමට මගක් නැත, එය කිරීමට බලයක් නැත, කිසිවක් කිරීමට හැකියාවක් නැත යන්නයි.

"හය්ය අලල් ෆලාහ්" එනම්: ජයග්‍රහණයේ සාධක වෙත පැමිණෙන්න. එය ස්වර්ගයේ සාර්ථකත්වය හා අපා ගින්නෙන් මිදීමය.
03

Benefits

'හය්යඅලත්' යන පද පෙළ දෙකෙහි හැර මුඅද්දින් පවසන පරිදිම ඔහුට පිළිතුරු දීමේ මහිමය. එහි දී ඔහු "ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්" යැයි පවසයි.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...