ඔබ ඔහු වෙත ගොස් සැබැවින්ම තමුන් අපා ගින්නේ වැසියන් අතරින් කෙනෙකු නොවන බවත් ස්වර්ගයේ වැසියන් අතරින් කෙනෙකු බවත් ඔහුට පවසන්න යැයි පැවසූහ
Choose an available translation of this Hadeeth
Hadeeth text
අනස් බින් මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සාබිත් ඉබ්නු කය්ස් (රළියල්ලාහු අන්හු) තුමාව දුටුවේ නැත. එවිට මිනිසකු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහු ගැන තොරතුරු මම ඔබට දන්වන්නම් යැයි පවසා ඔහු වෙත ගියේය. එවිට ඔහු තම නිවසේ හිස නමමින් වාඩි වී සිටිනු දුටුවේය. එවිට ඔහු: "ඔබේ කරුණ කුමක් දැ?"යි විමසා සිටියේය. ඔහු 'නපුරකි' නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ හඬට වඩා ඉහළින් තම හඬ පැවතුනු බවත් එහෙයින් තම ක්‍රියාව නිෂ්ඵල වී ඇති බවත්, තමන් අපාගින්නේ වාසීන් අතරින් කෙනෙකු වී ඇති බවත් පවසා සිටියේය. පසුව එම මිනිසා පැමිණ සැබැවින්ම ඔහුගේ තත්ත්වය මෙසේ මෙසේ යැයි ැන්වීය. පසුව ඔහු නැවතත් හැරී ගියේ අතිමහත් ශුභාරංචියක් සමගය. එනම් එතුමාණෝ: ඔබ ඔහු වෙත ගොස් සැබැවින්ම තමුන් අපා ගින්නේ වැසියන් අතරින් කෙනෙකු නොවන බවත් ස්වර්ගයේ වැසියන් අතරින් කෙනෙකු බවත් ඔහුට පවසන්න යැයි පැවසූහ.
Explanation
පසුව එම මිනිසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ ඒ ගැන තොරුතුරු දන්වා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, "නැවත හැරී ගොස් සැබැවින්ම ඔහු අපා ගින්නේ වාසීන් අතරින් කෙනෙකු නොව, ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු බව ඔහුට ශුභාරංචි දන්වා සිටින" මෙන් ඔහුට නියෝග කළහ. ඊට හේතු වූයේ, සැබැවින්ම ඔහුගේ හඬ සහජයෙන්ම උස් හඬක් වූ බැවිනි. ඔහු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශකයා වූ අතරම අන්සාර්වරුන්ගේ ද ප්‍රකාශකයා ද විය.
Benefits
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහාබාවරුන් ගැන සැලකිලිමත් වූහ. ඔවුන් ගැන සොයා බැලූහ.
සහාබාවරු තම යහපත් ක්‍රියාවන් නිෂ්ඵල වී යනු ඇතැයි බියෙන් හා චකිතයෙන් පසු වූවෝය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජීවතුන් අතර සිටිය දී එතුමාණන් ඉදිරියේ කතා කරන විට, විනයානුකූල විය යුතුය. එතුමාණන් මියගිය පසුව ද එතුමාණන්ගේ සුන්නාව ලැන සවන් දෙන අවස්ථාවේ හඬවල් පහත් විය යුතුය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

