افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4958[صحيح]
HadeethEnc · 1.24.0

“අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්‍රිය කරන මිනිසෙකුට මෙම ධජ පතාකය සැබැවින්ම පිරිනමනු ලැබේ. ඔහුගේ දෑතින් අල්ලාහ් ජයග්‍රහණය ඇති කරයි.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කයිබර් දිනයේ ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. “අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්‍රිය කරන මිනිසෙකුට මෙම ධජ පතාකය සැබැවින්ම පිරිනමනු ලැබේ. ඔහුගේ දෑතින් අල්ලාහ් ජයග්‍රහණය ඇති කරයි.” යනුවෙන් පැවසූහ. උමර් ඉබ්නු කත්තාබ් තුමා: 'එදින හැර වෙනත් කිසිදිනෙක නායකත්වයට මම ප්‍රිය නොකළෙමි. එබැවින් ඒ සඳහා මා ඇරයුම් කරනු ලබනු ඇතැයි යන අපේක්ෂාවෙන් සිටියෙමි' යැයි පැවසීය. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාණන් කැඳවා එය ඔහුට පිරිනමා “ඔබ ගමනේ යනු. අල්ලාහ් ඔබට ජයග්‍රහණය පිරිනමන තෙක් නො හැරෙනු” යැයි පැවසූහ. අලී ඉදිරියට ගමන් කොට හැරී නො බලාම නැවතී ‘අල්ලාහ්ගේ දූතයාණනි! මම ජනයා සමග සටන් කළ යුත්තේ කුමක් සඳහා ද?' යැයි හඬ නගා විමසීය. එතුමා “සැබැවින්ම නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවටත්, මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් ඔවුන් සාක්ෂි දරන තුරු නුඹ ඔවුන් සමග සටන් කරනු. එසේ ඔවුන් ඉටු කළේ නම් ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ වස්තුව ඔබගෙන් ඔවුන් වළක්වා ගත්තෝය. නමුත් ඒවායෙහි නීත්‍යානුකූල හේතුවක් නිසාවෙන් මිස. ඔවුන්ගේ විනිශ්චය අල්ලාහ් මත වන්නේය.” යැයි පැවසූහ.
02

Explanation

මදීනාවට සමීපයෙන් පිහිටි නගරයක් වූ කයිබර්හි යුදෙව්වන් හෙට දින පරාජය කොට මුස්ලිම්වරුන් ජයග්‍රහණය ලබන බවත්, එහිදී එම ධජය කවරෙකුට පිරිනමනු ලබන්නේ ද එම පුද්ගලයාගේ අතින් එය සිදුවන බවත් සහාබාවරුන්ට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ධජය යනු සේනාවක් විසින් සංඛේතයක් ලෙස රැගෙන යන කොඩියකි. මෙම පුද්ගලයා ගැන ගුණ වර්ණනා කළේ, සැබැවින්ම හෙතෙම අල්ලාහ්ටත් ඔහුගේ දූතයාණන්ටත් ප්‍රිය කරන අතරම අල්ලාහ් හා ඔහුගේ දූතයා ද ඔහුට ප්‍රිය කරන පුද්ගලයෙකු වන වගයි.

උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කර සිටියහ. සැබැවින්ම තමන් පාලන ධූරයට අපේක්ෂා කළේ එදින පමණය. ඒ හැර වෙනත් කිසි දිනක ඒ සම්බන්ධයෙන් හෙතෙම ප්‍රිය නොකළ බවයි. එය ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටි අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාණන්ගේ ආදරය හිමි කර ගැනීමේ කැමැත්තෙනි. උමර් (රළියල්ලාහු අන්හු) තුමා, තමන්ව ඒ සඳහා කැඳවනු ඇතැයි සිතා, එම ධජය ලබන්නට කැමැත්තෙන් හා ආශාවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පෙනෙන පරිදි එතුමා තම ශරීරය උලුප්පා ගත්හ.

නමුත් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාව කැඳවා එම කොඩිය ඔහුගේ අතට දුන්හ. පසුව එතුමාණෝ ඔහුට සේනාව මෙහෙයවන ලෙසත්, සතුරා හමුවීමෙන් පසු මෙම බලකොටුවලට ජයග්‍රහණය අල්ලාහ් තමන්ට හිමි කර දෙන තෙක් හා ඒවා ආක්‍රමණය කරන තෙක් සටනින් ඉවත් වී විවේක නො ගන්නා ලෙසත්, නතර නොවන ලෙසත් එතුමාට නියෝග කළහ.

පසුව අලී (රළියල්ලාහු අන්හු) තුමා ඉදිරියට ගොස්, නබි තුමාණන්ගේ නියෝගයට පිටු නොපාන පරිදි, හැරී නොබලාම නතර වී, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා ජනතාව සමග අරගල කළ යුත්තේ ඇයි"දැයි හඬනගා විමසා සිටියේය.

එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, සැබැවින්ම නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බව හා මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔවුන් සාක්ෂි දරන තුරු ඔහු ඔවුන් සමග සටන් කළ යුතු බවත්, එසේ ඔවුන් පිළිතුරු දී ඉස්ලාමයට පිවිසුණේ නම්, ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ වස්තුව ඔබගෙන් ඔවුන් ආරක්ෂා කර ගත් බවත්, ඔබට ඒවා තහනම් බවත් පවසා සිටියහ. නමුත් ඒවායෙහි නීත්‍යානුකූල හේතුවක් නිසාවෙන් මිස. එනම් වරදකට ඉස්ලාම් අනිවාර්යය කරන ලද මරණ දඬුවම ඔවුන් උරුම කර ගත්තේ නම් මිස. ඔවුන්ගේ විනිශ්චය අල්ලාහ් මත වන්නේය.
03

Benefits

වගකීම් අති මහත් භාරධූර කටයුත්තක් වන බැවින්, රාජ්‍ය පාලක ධූරයන් සහාබාවරු පිළිකුල් කරන්නන් වූහ.
යහපත සහතික කරන කරුණු සොයා බැලීමට හා නිරීක්ෂණය කිරීමට අවසර ඇත.
යුද පිටියක කටයුතු කළ යුත්තේ කෙසේ දැ?යි යුද සෙන්පතියාට පෙන්වන මගපෙන්වීම.
සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ උපදෙස් සඳහාත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහාත් සහාබාවරුන් බැඳී සිටීම.
ඉල්ලීම් කළ කරුණක් සම්බන්ධයෙන් කිසියම් හෝ සැකයක් ඇත්නම් ඒ ගැන විමසා සිටීම.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් කයිබර් ජයග්‍රහණය ගැන මෙනෙහි කරමින්, යුදෙව්වන්ට එරෙහිව මුස්ලිම්වරුන් ජය ලබන බව දැනුම් දීමත්, එතුමාණන් දන්වා සිටි දෑ එලෙසම සිදුවීමත් එතුමාණන්ගේ වක්තෘත්වයේ සළකුණක් විය.
අල්ලාහ්ගේ දූතයාණන් කවර කරුණක් පිළිබඳ නියෝග කළේ ද එය පිළිපැදීමටත් ඒ වෙත යුහුසුළු වීමටත් දිරි ගැන්වීම.
ප්‍රතිපත්තියේ සාක්ෂි දෙක පිළිගෙන ප්‍රකාශ කළ අය ඝාතනය කිරීම අනුමත නොවන්නේය. නමුත් ඔහු තුළින් මරණ දඬුවම අනිවාර්යය කරන දෙයක් මතු වූ විටෙක හැර.
ජනයා අතරින් මතු පිටින් පෙනෙන දෑ මත ඉස්ලාමයේ නීති ක්‍රියාත්මක වන නමුත් ඔවුන්ගේ රහසිගත දෑහි වගකීම භාර ගෙන ඇත්තේ අල්ලාහ් ය.
ජිහාද් කිරීමේ ප්‍රධානතම අරමුණ වනුයේ සාමය තුළට මිනිසුන් පිවිසීමය.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...