افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65065[ضعيف]
HadeethEnc · 1.24.0

ඔවුන් ඔබට කළ වංචා, ඔබට පිටුපෑ, ඔබට බොරු පැවසූ දෑ ගැන මෙන්ම ඔබ ඔවුනට කළ දඬුවම ගැන විනිශ්චය කරනු ලැබේ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ වාඩි වී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා සතුව වහලුන් සිටිති. ඔවුහු මට බොරු පවසති; වංචා කරති; පිටුපාති. මම ද ඔවුනට බැණ වදිමි, පහර දෙමි. ඔවුන් සමග වූ මගේ තත්ත්වය කෙසේ වන්නේ ද? යැයි විමසුවේය. එතුමාණෝ "ඔවුන් ඔබට කළ වංචා, ඔබට පිටුපෑ, ඔබට බොරු පැවසූ දෑ ගැන මෙන්ම ඔබ ඔවුනට කළ දඬුවම ගැන විනිශ්චය කරනු ලැබේ. ඔවුනට කළ දඬුවම ඔවුන්ගේ පාපයේ ප්‍රමාණයට වී නම්, එය එකිනෙකට සරිලනු ඇත. ඔබට කිසිවක් හිමි නොවන අතර ඔබට විරුද්ධව කිසිවක් නොපවතිනු ඇත. ඔබ ඔවුනට කළ දඬුවම ඔවුන්ගේ පාපයට වඩා අඩු වී නම් එය ඔබට අමතර ප්‍රතිලාභයක් වේ. ඔබ ඔවුනට කළ දඬුවම ඔවුන්ගේ පාපයට වඩා ඉහළින් වී නම්, එම අමතර ප්‍රතිලාභය ඔබෙන් ඔවුනට සම ප්‍රතිචාර ලෙස ගනු ලැබේ" යැයි පැවසූහ. වාර්තාකරු මෙසේ පැවසීය: පසුම එම මිනිසා පැත්තකට වී හඬා වැළපෙන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "ඔබ අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා තිබේ ද? එනම් "තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබනු ඇත." යන පාඨයයි. එම මිනිසා: "ඔවුන්ගෙන් වෙන්වීමට වඩා උතුම් කරුණක් මා වෙනුවෙන් හා ඔවුන් වෙනුවෙන් මම නොදකිමි. ඔවුන් සියලු දෙනාම නිදහස් පුද්ගලයින් වන බවට මම ඔබව සාක්ෂි වශයෙන් තබමි" යැයි පැවසීය.
02

Explanation

මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ තම වහලුන් ඔහු සමග කටයුතු කරන ආකාරය ගැන පැමිණිළි කර සිටියේය. එහි දී සැබැවින්ම තොරතුරු දැනුම් දීමේදී ඔවුන් ඔහුට බොරු පවසන බවත්, පැවරුම්වල දී ඔහුට වංචා කරන බවත්, ගනුදෙනුවල දී ඔහුව රවටන බවත්, නියෝග වලදී ඔහුට පිටුපාන බවත් දන්වා තවදුරටත් ඔවුන්ට විනය කියාදෙනු පිණිස තමන් ඔවුනට බැණ වදින බවත් ඔවුනට පහර දෙන බවත් දන්වා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සමග තමන්ගේ තත්ත්වය කෙසේ වනු ඇත් දැයි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "ඔබට ඔවුන් වංචා කළ දෑ, ඔබට පිටුපෑ දෑ, ඔබට බොරු කළ දෑ ගැන විනිශ්චය කරනු ලැබේ. එමෙන්ම ඔවුනට ඔබ කළ දඬුවම ගැන ද විනිශ්චය කරනු ලැබේ. ඔවුන්ගේ පාපකම් සමග ඔවුනට කළ දඬුවමේ ප්‍රමාණය සමාන වූ විටෙක, ඔබට කිසිවක් හිමි වන්නේ නැත. ඔබට එරෙහිව කිසිවක් පිහිටන්නේ ද නැත. ඔවුන්ගේ පාපයට වඩා ඔබේ දඬුවමේ ප්‍රමාණය අඩු වී නම්, එය කුසල් වල දී ඔබට අමතර ප්‍රතිලාභයක් වන්නේ ය. එමෙන්ම ඔවුන්ගේ පාපයන්ට වඩා ඔවුනට කළ දඬුවම වැඩි වී නම් ඔබ දඬුවමට ලක්වනු ඇත. ඔබගෙන් එම අධික ප්‍රමාණය ලබා ඔවුනට පිරිනමනු ඇත. පසුව එම මිනිසා පැත්තකට වී හඬා වැළපෙන්නට ගත්තේ ය. ඔහුගේ හඬ උස් විය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ. ඔබ අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා නොතිබේ ද? "තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබනු ඇත. එය අබ ඇටයක තරම් ප්‍රමාණයක් වුව ද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගන්නන් වශයෙන් අපම ප්‍රමාණවත් ය." එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිවකුට කිසිවකින් අසාධාරණයක් වන්නේ නැත. ජනයා අතර තුලනය සාධාරණ ලෙස පවතී. එවිට එම මිනිසා මෙසේ පැවසීය. "අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ් මත දිවුරා පවසමි. ඔවුන්ගෙන් වෙන්වීම හා ඔවුන් අත්හැරීමට වඩා වැදගත් කරුණක් මා වෙනුවෙන් හා ඔවුන් වෙනුවෙන් මම නොදකිමි. ඔවුන් සියලු දෙනාම අල්ලාහ් වෙනුවෙන් නිදහස් පුද්ගලයින් බව මම ඔබව සාක්ෂි වශයෙන් තබා පවසමි. එය විනිශ්චය හා දඬවමට බියෙනි.
03

Benefits

අල්ලාහ්ගේ දඬුවමට බියෙන් තම වහලුන් නිදහස් කිරීමේ දී සහහාගමියාගේ අවංකත්වය.
අපරාධවලට සම ප්‍රතිචාර දැක්වීම, එය අපරාධයේ තරමට සමාන වී නම් හෝ එයට වඩා අඩු වී නම් එය අනුමතය. නමුත් ඊට වඩා වැඩි නම් එය තහනම් ය.
සේවකයින් හා දුර්වලයින් සමග යහපත් ලෙස කටයුතු කිරීමට උනන්දු කිරීම.

Attribution

[رواه الترمذي]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...