افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65035[صحيح]
HadeethEnc · 1.24.0

මරණය කළු සුදු මිශ්‍රැති බැටළුවෙකුගේ හැඩයෙන් ගෙනැවිත් තබනු ලැබේ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද්
අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මරණය කළු සුදු මිශ්‍රැති බැටළුවෙකුගේ හැඩයෙන් ගෙනැවිත් තබනු ලැබේ. එවිට ඇරයුම් කරුවකු "අහෝ ස්වර්ග වැසියනි!" යැයි ඇරයුම් කරයි. එවිට ඔවුහු බෙලි දිගු කරමින් බලති. ඔහු: "නුඹලා මෙය හඳුනනවා ද?" යැයි විමසයි. ඔවුහු: "එසේය, මෙය මරණය වේ" යැයි පවසති. ඔවුන් සෑම කෙනෙකුම එය දැක තිබුණි. පසුව නැවතත් "අහෝ නිරා වැසියනි!" යැයි ඇරයුම් කරයි. එවිට ඔවුහු ද බෙලි දිගු කරමින් බලති. එවිට ඔහු: "නුඹලා මෙය හඳුනනවා ද?" යැයි විමසයි. එවිට ඔවුහු: "මෙය මරණය වේ" යැයි පවසති. ඔවුන් සෑම කෙනකුම එය දැක තිබුණි. පසුව එය කපා හරිනු ලැබ අනතුරුව "අහෝ ස්වර්ග වැසියනි! සදාතනිකභාවයයි. එහෙයින් මරණයක් නැත, අහෝ අපා වැසියනි! සදාතනිකභාවයයි. මරණයක් නැත යැයි පවසයි. පසුව හෙතෙම "ඔවුහු විශ්වාස නොකරමින් හා ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු" යන (සූරා මර්යම්: 39) පාඨය පාරායනය කළේය. එසේ නොසැලකිල්ලෙන් සිටි අය මෙලොව වාසීහු වෙති."
02

Explanation

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, කළු සුදු පැහැය මිශ්‍රැති බැටලුවකුගේ හැඩය හා සමානව මරණය ගෙන එනු ලබන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විග්‍රහ කර ඇත. එවිට "අහෝ ස්වර්ග වැසියනි!" යැයි අමතනු ලැබේ. එවිට ඔවුහු ඔවුන්ගේ බෙලි හා ඔවුන්ගේ ගෙලවල් දිගු කරමින් ඔවුන්ගේ හිස් ඔසවමින් බලති. "නුඹලා මෙය හඳුනනවාද?" යැයි ඔවුන්ගෙන් විමසයි. "එසේය, එය මරණයයි" ඔවුහු පවති. ඔවුන් සෑම කෙනෙකුම එය දැක තිබෙන අතර එය වටහා ගනියි. පසුව ඇරයුම් කරන්නා "අහෝ අපා වාසියනි!" යැයි අමතයි. එවිට ඔවුහු ඔවුන්ගේ බෙලි හා ඔවුන්ගේ ගෙලවල් දිගු කර ඔවුන්ගේ හිස් ඔසවා බලති. "නුඹලා මෙය හඳුනනවාද?" යැයි විමසයි. "එසේය, එය මරණයයි" යනු ඔවුහු පවසති. ඔවුන් සෑම කෙනෙකුම එය දැක තිබේ. පසුව එය කපා හරිනු ලැබේ. පසුව ඇරයුම් කරන්නා: "අහෝ ස්වර්ග වැසියනි! මෙය සදාතනික රැඳුමකි. එහෙයින් මරණයක් නැත. අහෝ අපා වැසියනි! මෙය සදාතනිකයින්ගෙන් සදාතනික රැඳුමකි. එහෙයින් මරණයක් නැත" යැයි පවසයි. මෙසේ සිදු වන්නේ දේවත්වය විශ්වාස කරන්නන්ගේ සතුට වැඩි කිරීමට හා දේවත්වය ප්‍රතික්ෂේප කර දඬුවමට ලක්වන්නන් කෝපයට පත් කිරීමට වේ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පාරායනය කළහ. "ඔවුහු විශ්වාස නොකරමින් හා ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු." මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ග වාසීන් හා අපා වාසීන් වෙන් කරනු ලැබේ. ඒ සෑම කෙනෙකුම ඔහු යා යුතු තැනට සදාතනිකයකු ලෙස පිවිසෙනු ඇත. නපුරු තැනැත්තා යහපත නොකළේ නම්, ඔහු පසුතැවිලි වී කණස්සල්ලට පත් වනු ඇත. එමෙන්ම අඩුපාඩුකම් ඇත්තා යහපත අධික නොකළේ නම්, ඔහු ද ඔහු පසුතැවිලි වී කණස්සල්ලට පත් වනු ඇත.
03

Benefits

මතුලොවෙහි මිනිසාගේ ගමන, එය ස්වර්ගයේ සදාතනික විය හැක. එසේ නැතහොත් අපායේ සදාතනික විය හැක.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අර්බුදවල දරුණුකම ගැන අවවාද කිරීම, සැබැවින්ම එය විනාශකාරී මෙන්ම පසතැවිලි වීමේ දිනයයි.
ස්වර්ග වාසීන්ට සදා සතුට ඇති බවත්, නිරා වාසීන් සදා දුකෙන් පසුවන බවත් විස්තර කිරීම.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...