افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65062[صحيح]
HadeethEnc · 1.24.0

එහි විවිධ අර්ථයන්ගෙන් යුත් දෑ අනුගමනය කරන්නන් ඔබ දුටු විටෙක, අල්ලාහ් නම් කර ඇත්තෝ ඔවුහුමය. නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙම අල්-කුර්ආන් පාඨය පාරායනය කළහ: "ඔහු වනාහි, නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි, ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. ‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි' යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත." (ආලු ඉම්රාන් 7 වන වාක්‍ය). එතුමිය තවදුරටත්, "එහි විවිධ අර්ථයන්ගෙන් යුත් දෑ අනුගමනය කරන්නන් ඔබ දුටු විටෙක, අල්ලාහ් නම් කර ඇත්තෝ ඔවුහුමය. නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න" යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටි බව ප්‍රකාශ කර සිටියාය.
02

Explanation

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) : "ඔහු වනාහි, නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි, ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. ‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි' යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත." යන (ආලු ඉම්රාන් 7 වන) පාඨය පාරායනය කළහ.
සැබැවින්ම තම නබිවරයාණන් වෙත අල් කුර්ආනය පහළ කළේ තමන් බවත්, එහි
විකෘතිභාවය නැති පැහැදිලි සාධක සහ තීන්දු සහගත වැකි ඇති බවත් එය දේව ග්‍රන්ථයේ මූලය හා යොමුව බවත් මත භේදයක් හටගත් විටෙක ඒ වෙත යොමු විය යුතු බවත් අල්ලාහ් එහි දන්වා සිටියි. තවදුරටත් විවිධ වූ අර්ථ බොහෝමයකින් සමන්විත වැකි ද ඇති බවත් ඇතැම් මිනිසුනට ඒවායෙහි අර්ථ ව්‍යාකූල වී ඇති බවත්, එසේ නැතහොත් එම පාඨය හා අනෙක් පාඨ අතර පරස්පරතාවන් ඇති බව ඔවුන් සිතන බවත් දන්වා සිටියේය. පසුව අල්ලාහ් මෙම පාඨය සමග ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි කළේ ය. ඔවුන්ගේ හදවත් තුළ සත්‍යයෙන් ඉවතට නැඹුරුතාවත් ඇති හා පැහැදිලි තීරණාත්මක වැකි අත්හැර විවිධ අර්ථයන්ගෙන් සමන්විත දෑ පිළිපදින්නන් වනාහි, ඔවුන් එමගින් කලහකම් කිරීමටත් මිනිසා නොමඟ යවන්නටත් අපේක්ෂා කරති. එමෙන්ම ඔවුන්ගේ ආශාවන්ට අනුගත වන පරිදි අර්ථ දැක්වීමට අපේක්ෂා කරති. නමුත් ගැඹුරු ඥානය ඇත්තවුන් මෙම විවිධ අදහස් ඇති දෑ හඳුනා ගනිති. තීරණාත්මක දෑ වෙත එය යොමු කරති. එය විශ්වාස කරති. සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් බවත් එහි යමක් විකෘති වීමට හෝ පරස්පර වීමට හෝ කිසිදු ඉඩක් නැති බවත් විශ්වාස කරති. එය මෙනෙහි කර එමගින් උපදෙස් ලබනුයේ මනා බුද්ධිය ඇත්තවුන් පමණය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දේවත්වය විශ්වාස කළවුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා ) තුමියට මෙසේ පවසා සිටියහ. ඔබ විවිධ අදහස් ඇති දෑ පිළිපදින්නන් ඔබ දුටු විටෙක "තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි" යන වදනෙහි අල්ලාහ් නම් කර ඇත්තේ ඔවුන් ගැන බව එතුමියට දන්වා සිටි අතර ඔවුනට අවවාද කරන මෙන් ද ඔවුනට සවන් නොදනෙ මෙන් ද පවසා සිටියහ.
03

Benefits

අල් කුර්ආනයේ පාඨ අතර තීරණාත්මක පාඨ ඇත. එහි සාධක පැහැදිලි හා එහි අර්ථය ඉස්මතු ව පවතී. එමෙන්ම විවිධ අදහස් ඇති පාඨ ද ඇත. ඒවා අදහස් බොහෝමයකින් සමන්විත අතර එය වටහා ගැනීමට හා නිරීක්ෂණය කිරීමට අවැසි වේ.
ව්‍යාකූලත්වයෙන් පසුවන්නන්, ආගමික වශයෙන් නව්‍ය කටයුතු බිහි කරන්නන් හා මිනිසා නොමඟ යවනු පිණිසත් ඔවුන් විකෘති තත්ත්වයට පත් කරනු පිණිසත් ගැටළු හා ප්‍රශ්න හෙළන්නන් සමග ආශ්‍රය කිරීම ගැන අවවාද කිරීම.
පාඨය අවසානයේ උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කර ඇත්තේ "බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත" යනුවෙනි. එය ව්‍යාකූලත්වයෙන් පසුවන්නන් පිටු දකිමින් හා ගැඹුරු ඥානය ඇත්තන් පැසසුමට ලක් කරමිනි. ඉන් අදහස් කරන්නේ කවරෙකු මෙනෙහි නොකර, උපදෙස් නොලබා හා තම ආශාවන් අනුගමනය කළේ ද ඔහු ප්‍රබුද්ධිමතුන් අතරින් නොවන්නේය.
විවිධ කරුණු පිළිපැදීම සිත් ව්‍යාකූලත්වයට පත්වීමට හේතු වේ.
අර්ථය නොවැටහෙන විවිධ අදහස්වලින් යුත් පාඨ, තීරණාත්මක පාඨ වෙත යොමු කළ යුතු වේ.
අල් කුර්ආනයේ ඇතැම් පාඨ තීරණාත්මක පැහැදිලි පාඨ ලෙස හා තවත් පාඨ විවිධ අදහස්වලින් යුත් පාඨ ලෙස අල්ලාහ් පත් කර ඇත. එය මුළාවූවන්ගෙන් දේවත්වය විශ්වාස කරන උදවිය කවුරුන්දැයි වෙන්කර හඳුනා ගැනීම සඳහා මිනිසා වෙනුවෙන් වූ පරීක්ෂණයකි.
අල්-කුර්ආනයේ විවිධ අදහස් ඇති පාඨ තුළට වැටීමේ දී අන් අයට වඩා විද්වතුන්ගේ ශ්‍රේෂ්ඨත්වය මතු වීම ඒවායෙහි අඩුපාඩු පිළිබඳ බුද්ධියට දැනුවත් කිරීම එය ඒවා නිර්මාණය කළ දෙවිඳුන්ට යටත්වී ඒවායෙහි නොහැකියාව පිළිගැනීම සඳහාය.
ගැඹුරු ඥානයේ මහිමය හා එහි ස්ථාවරව සිටීමේ අවශ්‍යතාව.
"එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය." යන පාඨයේ අල්ලාහ් යන පදයෙන් නතර කිරීමෙහි විචාරකයින් සතුව ප්‍රකාශ දෙකක් ඇත. ඒ අනුව කවරෙකු අල්ලාහ් මත නතර කළේ ද එවිට 'යථාර්ථය' යන පදයෙහි අදහස යම් දෙයක සැබෑ තත්ත්වය හා එහි සාරය පිළිබඳ දැනුම සහ එය වටහා ගැනීමට කිසිදු මඟක් නැති දෑ යන්නය. එය අල්ලාහ්ගේ දැනුමට පමණක් බලපැවැත්වෙන ප්‍රාණය හා අවසන් හෝරාව වැනි කරුණු සේය. ගැඹුරු ඥානය ඇත්තෝ එය විශ්වාස කරති. එහි යථාර්ථය අල්ලාහ් වෙත භාර කර යටහත් පහත් වෙති. කවරෙකු අල්ලාහ් යන පදයෙන් නතර නොවී, අඛණ්ඩව කියවන්නේ ද එවිට 'යථාර්ථය' යන්නෙහි අදහස විග්‍රහ කිරීම, නිරාවරණය කිරීම, පැහැදිලි කිරීම යන අදහස ගෙන දෙයි. එවිට අල්ලාහ් එය ගැන දන්නා අතර ගැඹුරු ඥානය ඇත්තන් ද ඒ ගැන දනියි යන්නෙන් අදහස් වේ. ඔවුහු ඒවා ගැන විශ්වාස කරන අතර ඒවා තීරණාත්මක දෑ වෙත යොමු කරති.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...