افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#65033[صحيح]
HadeethEnc · 1.24.0

සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම්වලට ඉහළින් මාගේ ප්‍රජාව අතරින් මිනිසෙකු වෙන් කර හඳුනා ගනු ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම්වලට ඉහළින් මාගේ ප්‍රජාව අතරින් මිනිසෙකු වෙන් කර හඳුනා ගනු ඇත. ඔහු වෙත ලේඛන අනූ නවයක් දිග හැර තබනු ලැබේ. සෑම ලේඛනයක්ම ඇසට පෙනෙන දුරින් තිබේ. පසුව ඔහු: "ඔබ මේ කිසිවක් ප්‍රතික්ෂේප කරනවාද? මෙය සටහන් කළ අය ඔබට අසාධාරණයක් කර තිබේ ද?" යැයි විමසයි. එවිට ඔහු: "නැත, මාගේ පරමාධිපතියාණනි," යැයි පිළිතුරු දෙයි. ඔහු: "ඔබට නිදහසට කරුණක් තිබේ ද?" යැයි පවසයි. ඔහු: 'නැත, මාගේ පරමාධිපතියාණනි,!' යැයි පිළිතුරු දෙයි. එවිට ඔහු: "එසේ නම්, ඔබ වෙනුවෙන් අප සතුව යහපතක් ඇත. එබැවින් අද ඔබට අසාධාරණයක් සිදු නොවනු ඇත." යැයි පවසයි. ඉන්පසු බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ. එහි අෂ්හදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම සැබැවින්ම මුහම්මද් තුමාණෝ ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බව මම සාක්ෂි දරමි.) යැයි සඳහන්ව ඇත. ඔහු: "ඔබේ තරාදිය රැගෙන එන්න" යැයි පවසයි. ඔහු: "අහෝ මාගේ පරමාධිපතියාණනි, මේ ලේඛන සමග ඇති මේ බලපත්රය කුමක්ද? යැයි විමසයි. ඔහු: ඔබට අසාධාරණයක් සිදු නොවේ" යැයි පවසයි. "ලේඛන එක් තට්ටුවක තබනු ලැබේ. බලපත්රය (අනෙක්) තට්ටුවේ තබනු ලැබේ. ලේඛන සැහැල්ලු වේ. බලපත්රය බර වේ. අල්ලාහ්ගේ නාමය සමග කිසිවක් බරින් වැඩි වන්නේ නැත." යැයි පැවසීය.
02

Explanation

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා සියලු මැවීම්වලට ඉහළින් තම ප්‍රජාවේ මිනිසෙකු අල්ලාහ් තෝරා ගෙන ඔහු වෙත ලේඛන අනූ නවයක් ඉදිරිපත් කෙරෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එය ඔහු මෙලොවෙහි සිදු කරමින් සිටි ඔහුගේ නපුරු ක්‍රියාවන්හි පත්‍රිකා වේ. ඒ සෑම ලේඛනයකම දිග, ඇසට පෙනෙන දුරින් පවතී. පසුව සර්වබලධාරී අල්ලාහ් "මෙම ලේඛනවල සටහන් වී ඇති කිසිවක් හෝ ඔබ ප්‍රතික්ෂේප කරනවාද?" යැයි ඔහුගෙන් විමසයි. "ලියා සටහන් කරන මාගේ මලක්වරුන් ඔබට අසාධාරණයක් සිදු කර තිබෙනවා ද? යැයි ඔහුගෙන් විමසයි. එවිට එම මිනිසා: "නැත මාගේ පරමාධිපතියාණනි," යැයි පවසයි. සර්වබලධාරී අල්ලාහ්: "මෙලොවෙහි ඔබ ඉදිරිපත් කළ ක්‍රියාවන් සඳහා අමතක වීම හෝ අත්වැරදීම හෝ නොදැනුවත්කම වැනි හේතු දැක්වීමට කිසියම් නිදහසට කරුණක් ඔබට තිබේ ද?" යැයි විමසයි. එවිට එම තැනැත්තා: "නැත, මාගේ පරමාධිපතියාණනි, නිදහසට කිසිදු කරුණක් මට නැත" යැයි පවසයි. එවිට අල්ලාහ්: "එසේ නම්, සැබැවින්ම අප සතුව ඔබ වෙනුවෙන් වූ යහපතක් ඇත. අද දින ඔබට කිසිදු අසාධාරණයක් සිදු නොවේ" යැයි පවසයි. එවිට එහි "අෂ්හදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්අහදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම සැබැවින්ම මුහම්මද් තුමාණෝ ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බව මම සාක්ෂි දරමි.) යැයි සඳහන්ව ඇති පතක් නිකුත් කරනු ලැබේ. "ඔබේ තරාදිය ගෙන එන්නැ"යි සර්ව බලධාරී අල්ලාහ් එම තැනැත්තාට පවසයි. පසුව එම තැනැත්තා වික්ශිප්තියට පත්ව අහෝ මාගේ පරමාධිපතියාණනි, මෙම ලේඛන සමග මෙම බලපත්‍රයෙහි බර කුමක් වන්නේ ද? යැයි විමසයි. එවිට සර්වබලධාරී අල්ලාහ් "ඔබට කිසිදු අසාධාරණයක් කිසි විටෙක සිදු නොවේ" යැයි පවසයි. පසුව එම ලේඛන තරාදියේ එක් තට්ටුවක ද බල පත්ර්රය අනෙක් තට්ටුවේ ද තබනු ලැබේ. ලේඛන සහිත තට්ටුව සැහැල්ලු වී බරින් අඩු වී බලපත්ර සහිත තට්ටුව බරින් වැඩි වේ. පසුව අල්ලාහ් ඔහුට සමාව දෙයි.
03

Benefits

"ලා ඉලාහ ඉල්ලල්ලාහු" නැමදුමට සුදුසු අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත" යන දේවත්වය ඒකීය කරණය කිරීමේ ප්‍රකාශයේ ඇති බලය.
"ලා ඉලාහ ඉල්ලල්ලාහු" නැමදුමට සුදුසු අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත" යනුවෙන් මුවින් ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. එහි අර්ථය දැන ගත යුතු අතර එය අපේක්ෂා කරන දෑ අනුව කටයුතු කළ යුතු වේ.
"අල්-ඉහ්ක්ලාස්" නොහොත් චිත්ත පාරිශුද්ධිය හා "තව්හීද්" නොහොත් දේව ඒකීකරණය පාපකම් සඳහා සමාව ලැබීමට හේතුවක් වන්නේය.
"ඊමාන්" නොහොත් දේව විශ්වාසය හදවතෙහි පවතින චිත්ත පාරිශුද්ධිය අනුව එකිනෙකට වෙනස් වේ. ඇතැමුන් මෙම ප්‍රකාශය ප්‍රකාශ කර තිබුණ ද ඔහුගේ පාපයන්ට අනුව ඔහුට දඬුවම් පිරිනමනු ලැබේ.

Attribution

[رواه الترمذي وابن ماجه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...