දැහැමි දෑ කරන වහල් දේව ගැත්තාට කුසල් දෙකකි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බවට අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “දැහැමි දෑ කරන වහල් දේව ගැත්තාට කුසල් දෙකකි.“ අබූ හුරෙයිරාගේ ප්රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමට, හජ් වන්දනාව ඉටු කිරීමට හා මාගේ මවට උපකාර කිරීමට නොවී නම් මම වහලෙකුව සිට මිය යෑම වඩාත් ප්රිය කරමි.
Explanation
තවදුරටත් අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා: සැබැවින්ම තමන් වෙත පැවරුණු ජිහාදය වහලාට නොමැතිනම් තම මවට සේවය කිරීමෙන් හා වියදම් කිරීමෙන් උපකාර කිරීමේ වගකීම නොමැති නම් වහලෙකු ලෙස සිට මිය යෑම මම ප්රිය කරමි. හේතුව එහි කුසල් ඇති බැවිනි යැයි පැවසූහ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

