“ජනයා අතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට දේවත්වය ප්‍රතික්ෂේප කිරීම ඇති කරනු ඇත. එනම්: පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම හා මිය ගිය ඇත්තන් මත මොර දී විලාප දීමය.”
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ජනයා අතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට දේවත්වය ප්‍රතික්ෂේප කිරීම ඇති කරනු ඇත. එනම්: පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම හා මිය ගිය ඇත්තන් මත මොර දී විලාප දීමය.”
Explanation
පළමුවැන්න: මිනිස් පරම්පරාවන් පිළිබඳ අපහාස කිරීම, ඔවුන් පිළිබඳ අඩුපාඩු පැවසීම හා ඔවුනට එරෙහිව අහංකාරකම් පෑමය.
දෙවැන්න: අනතුරක් සිදු වූ අවස්ථාවක පෙර නියමය මත ඇති කෝපයෙන් කෑ ගැසීම හෝ දැඩි පීඩනය හේතුවෙන් ඇඳුම් ඉරා ගැනීමය.
Benefits
දුෂ්කරතා මත කෝප නොවී ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
මෙම ක්‍රියාවන් අල්-කුෆ්ර් අල් අස්ගර් හෙවත් සුළු දේව ප්‍රතික්ෂේපයේ ගණයට අයත් වේ. මෙය තම පිළිවෙතින් බැහැර කරන, දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයකු බවට පත් කරවන අයුරින් වූ දේවත්වය ප්‍රතික්ෂේප කිරීමේ කටයුත්තක් නොවේ.
මුස්ලිම්වරුන් අතර සිටින පාර්ශවයක් වෙත, ඔවුන්ගේ පරම්පරාව ගැන හෝ ඔවුන්ගේ වෙනත් කරුණක් සම්බන්ධයෙන් හෝ දොස් නැගීම හරහා වෙන්වීම් ඇති කරන සෑම කටයුත්තක්ම ඉස්ලාමය වළක්වා ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

